Watch Trailer

Kadavul Irukaan Kumaru (2016) With Sinhala Subtitles | දෙවියො ඉන්නවා කුමරෝ [සිංහල උපසිරසි සමඟ]

නාමය – Kadavul Irukaan Kumaru (2016) ” දෙවියො ඉන්නවා කුමරෝ “ නිෂ්පාදනය – T. Siva චිත්‍රපට අධ්‍යක්ෂණය – M. Rajesh සංගීත අධ්‍යක්ෂණය – G. V. Prakash Kumar වර්ගීකරණය – Romantic & Comedy නිකුත් වූ දිනය – 2016 නොවැම්බර් 18 ධාවන කාලය – පැය 2යි මිනිත්තු 9යි භාෂාව – දමිළ රට – ඉන්දියාව නළු නිළියන් […]

Kadavul Irukaan Kumaru(2017)

නාමය  –  Kadavul Irukaan Kumaru (2016)
             ” දෙවියො ඉන්නවා කුමරෝ “
නිෂ්පාදනය  –  T. Siva
චිත්‍රපට අධ්‍යක්ෂණය  –  M. Rajesh
සංගීත අධ්‍යක්ෂණය  –  G. V. Prakash Kumar
වර්ගීකරණය  –  Romantic & Comedy
නිකුත් වූ දිනය  –  2016 නොවැම්බර් 18
ධාවන කාලය  –  පැය 2යි මිනිත්තු 9යි
භාෂාව  –  දමිළ
රට  –  ඉන්දියාව
නළු නිළියන්  –  G. V. Prakash Kumar, Anandhi, Nikki Galrani, Prakash Raj, Jiiva , RJ Balaji, Robo Shankar, Urvashi, Manobala,  Rajendran, M. S. Bhaskar.

හරි එහෙනම් ඉස්සෙල්ලෙම සමාව ඉල්ලනවා මේක ගේන්න පරක්කු උනාට. මගේ ඉලක්කය වෙලා තිබ්බෙ මීට සතියකට ඉහතම මේකට සබ් එක ලබාදෙන්න. නමුත් අධික කාර්‍යබහුලත්වයත් එක්ක මේක ටිකක් පස්සට ගියා. කොහොම හරි උපරිම උත්සාහයක් දාලා අද ගෙනාවා.කතාව ගැන කියනවා නම් මේ කතාවෙ සිදුවීම්වලින් 95% ක්ම වගේ සත්‍ය වශයෙන්ම අපි මේ ලෝකෙදි මුහුණ දෙන සිදුවීම් තියෙන්නෙ. කතාව පටන්ගන්නෙ කුමාර් ( Prakash Kumar ) ගෙ විවාහ ගිවිසගැනීමේ උත්සවයකින්. මනමාලි තමා ප්‍රියා ( Nikki Galrani ). විවාහයට දින දෙකක් තියලා කුමාර් සහ ඔහුගෙ හොඳම යහළුවා වන බාලාජී ( RJ Balaji ) සමඟ  පෝන්ඩිචෙරි දක්වා පිටත්වෙනවා බැච්ලර්ස් පාටියකට. මේ පාටියට ගිහින් එන අතරමග මොවුන්ට පොලිස් සාමාජිකයින් 3න් දෙනෙක් එක්ක ගැටෙන්නත් සිද්දවෙනවා. ඒ අතරෙම කුමාර්ගෙ පලවෙනි ආදරය ගැන අතීතාවර්ජනයකුත් පෙන්නනවා. ඒකෙ පෙන්නන විදියට කුමාර්ගෙ පළමු ආදරවන්තිය තමා නැන්සි ( Anandhi). ඔවුන් කොහොමද එකතු වුනේ, ඒ වගේම ඔවුන්ගෙ වෙන්වීම සිද්ද උනේ කොහොමද කියලා අතීතාවර්ජනයේදි පෙන්නනවා.නැන්සි ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්. කුමාර් හින්දු ආගමේ කෙනෙක්. ආගමික ගැටළුවක් තමා මෙයාලගෙ වෙන්විමට හේතුවෙන්නෙ. ඒ මොකද්ද කියලා චිත්‍රපටිය බලද්දි ඔයාලට දැනගන්න පුලුවන්.

කොහොමහරි පොලීසියත් එක්ක සිදුවෙන අකරතැබ්බයන් නිසා කුමාර්ගෙ විවාහයත් සම්පූර්ණම කනපිට හැරෙනවා. ඔහුගේ ජීවිතයට නැවතත් නැන්සි එනවා. වර්තමානයේ නැන්සි කෙරේ තිබුණු වෛරය නැවත ආදරයක් දක්වා පෙරලෙනවා. ඒ වගේම වර්තමානයේ ප්‍රියා කෙරේ තිබුණු ආදරය නැත්තටම නැතිවෙන තත්වයට එනවා. පොලීසියෙ අයත් එක්ක ඇතිවුණු අකරතැබ්බයන් නිසා කුමාර්ට තේරුම් යනවා තමන්ට ඇත්තටම ආදරේ කරන්නෙ කවුද කියලා. ඒත් ඉතින් මොනවා කරන්නද,  කුමාර් දැන් ප්‍රියා සමඟ විවාහ ගිවිස ගෙනනේ ඉන්නෙ. ඒකත් තව දවසකින් විවාහය. මොනවා උනත් කමක් නෑ කියලා කුමාර් ගිහින් නැවත නැන්සිට ආදරය ප්‍රකාෂ කරනවා. ඔහු නැන්සිට යෝජනා කරනවා ඔහු හා විවාහ වෙන ලෙසටත්. නමුත් නැන්සි එය ප්‍රතික්ෂේප කරනවා. තමන්ගෙ හිතේ දුක රඳවාගෙන අකමැත්තෙන් උනත් ප්‍රියා හා විවාහ වීමට විවාහ මණ්ඩපය උඩ ඉන්නකොට දකින දර්ශනයකින් කුමාර් භයභිරාන්තවෙලා යනවා. මම කලින් කියපු විදියටම කුමාර්ගෙ කසාදෙ ආයිපාරක් එහෙම්පිටින්ම කනපිට හැරෙනවා. මෙදාපාර ඒක වෙන්නෙ කුමාර්ගෙ යාළුවා අතින්. ඒකටත් හේතුකාරණා උනේ පොලීසියේ අකරතැබ්බය.

රියා සමඟ කුමාර්ගෙ විවාහය සිදුවේවිද ? නැත්නම් කුමාර්ට නැන්සි සමඟ නැවත එකතුවෙන්න පුළුවන් වෙයිද ? ඒක හොයාගන්න නම් ඔයාලට මේ සලරුව බලන්නම වෙනවා. හැබැයි ඒ මොනවත් උනත් මේ සිදුවීම්වලින් නැතිබංගස්තාන වෙන්නෙ අර පොලිස් සාමාජිකයින් 3න් දෙනාගෙන් ලොක්කා. ඒ කිව්වෙ පොලිස් ස්ථානාධිපති ( Prakash Raj ). ඒ ඇයි කියලා දැනගන්නත් ඔයාලට මේ සරලුව බලන්නම වෙනවා. ඒ වගේම දමිළ චිත්‍රපට නරඹන හැමෝම හොඳට දන්න කියන ගොඩාක් විශේෂිත පුද්ගලයෙකුත් චිත්‍රපටය අවසානයේදි කතාවට ඇතුලත් වෙනවා. බලන්නකො ඒ කව්ද කියලා.ඒ ගමන්ම කියන්න ඕන මේ සලරුවේ මගේ සිතගත් සිදුවීම් කිහිපයක්ම තිබුනා. ඒවයින් විශේෂම 2ක තමා, පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගෙ අපූරු නර්තනය. ඒ නර්තනය ගොඩක් සරලයි වගේම අමුතු ගතියක් තියනවා. දෙවෙනි එක තමා කුමාර්ට ආදරය ප්‍රකාෂ කරන්න නැන්සි විසින් මහ රෑ ඉනිමඟක් තියලා කුමාර්ගෙ නිවසෙ උඩුමහළට පැනලා ආදරය ප්‍රකාෂකරන දර්ශනය. මේවා ඉතින් මගේ සිත්ගත් දර්ශන. ඔයාලගේ නම් මේවා වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට මේ සලරුව බලන්න ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා.

~~~ ජය වේවා ! ~~~

අදාළ පිටපත්

Kadavul Irukaan Kumaru (2016)
Kadavul Irukaan Kumaru (2016)
Kadavul Irukaan Kumaru (2016) 720p HD HEVC X265 MKV 600MB
KIK (2016) Tamil HDRip – 700MB – x264 – MP3 – 1CD
KIK (2016) Tamil HDRip – 400MB – x264 – MP3

 

Kadavul Irukaan Kumaru (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත් සඳහා අදාළ වේ.

3,236 downloadsDownload Kadavul-Irukaan-Kumaru-2016.Baiscopelk.com_.zip445 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/AdithyaGimhana1-e1478653696352.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ආධිත්‍ය ගිම්හාන

Subtitles

3,236 downloadsDownload Subtitles445 KB

9 comments

  1. Ranga Prasanna

    ස්තූතියි සබ් එකට

  2. Kulanjana Maduranga

    niayamai…supiri 1k.aniwa bamak...thanks GIMHANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා.

  4. Anjana Sadis

    thankz machan sub ekata digatama sub demu

    1. Anonymous

      Film link ekath denna, neththm api khmd mektm gelapena film ekath hoya gnne

    2. එල්.සී. දමැල්

      අදාළ පිටපත් ලැයිස්තුවත් දීලා තියෙන්නෙ. ලින්ක් දෙන්නෙ නෑ සයිට් එකේ දැන්. ඔය එක කොපියක් අරගෙන බලන්න ටොරන්ට් සයිටක සර්ච් කරලා.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chamara Priyadarshana Premasinghe

    thanx bro

  7. Nadun Dasantha Kariyawasam

    උපසිරැසියට බොහෝම ස්තූතියි ආධිත්‍ය සහෝ.
    සබ් දෙනකම් බලාගෙන ඉදපු ෆිලුමක්.
    තැනට ගැලපෙන විදියට සුපිරියටම සබ කරලා තිබ්බා.
    මගේ සිතගත් සිදුවීම් 02 තමයි.
    පුපය ගන්න කුමරු දරන උත්සහය සහ අාශිර්වාදම් අතර අතිවන සංවාදය.
    මේ වගේ සුපිරි ෆිලුම් තව තව රැගෙන එමට ලැබේවා කියා ප්‍රාර්ථාන කරනවා.