Kadhalikka Neramillai (2025) Sinhala Subtitle ආයුබෝවන් කියල පිළිගන්නව හැමෝම අදත් අලුත් ෆිල්ම් එකකට.මේ ෆිම්ල් එක මෙමෙ වසරේ ජනවාරි මාසයේ නිකුත් වුන දමිළ චිත්‍රපටයක්. ඉතින් මේකෙ අපි කවුරුත් දන්න නිත්‍ය මේනන් තමයි ප්‍රදාන චරිතය රගදක්වන්නේ. නිත්‍ය මේනන් දනුශ් සමග 2022 වසරේ නිකුත් වුන Thiruchitrambalam ච…

Kadhalikka Neramillai (2025) Sinhala Subtitle

ආයුබෝවන් කියල පිළිගන්නව හැමෝම අදත් අලුත් ෆිල්ම් එකකට.මේ ෆිම්ල් එක මෙමෙ වසරේ ජනවාරි මාසයේ නිකුත් වුන දමිළ චිත්‍රපටයක්. ඉතින් මේකෙ අපි කවුරුත් දන්න නිත්‍ය මේනන් තමයි ප්‍රදාන චරිතය රගදක්වන්නේ. නිත්‍ය මේනන් දනුශ් සමග 2022 වසරේ නිකුත් වුන Thiruchitrambalam චිත්‍රපටයෙන්  අවුරුදු තුනකට පසුව තමයි ඇයගේ අලුත් චිත්‍රපටයක් නිකුත් වුනේ.

ඉතින් මේක තිර රචනය සහ  අද්‍යක්ෂණය කියන දෙකම කරන්නේ. Kiruthiga Udhayanidhi විසින්, තවද කලින් කිව්ව විදියට මේකෙ ප්‍රදාන රන්ගනයෙන් දායක වන්නේ නිත්‍ය මේනන් (ශියා) සහ රවී මෝහන් (සිද්ධාර්ත්), ඊට අමතරව මෙහි යෝගි බාබු විසින් ගවුඩා විදියටත්. විනේ රායි විසින් සේතු විදියටත්, බානු විසින්  නිරුපමා විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මෙය ඩ්‍රාම රොමෑන්ස් ගනයට තමයි අයත් වෙන්නේ.

ඉතින් කථාව පැත්තට ගියොත්,

ශ්‍රියා කියන්නේ චෙන්නායි වල ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඉතින් මෙයා ලගදිම කසාද බැදල ලස්සනම ලස්සන බබෙක්ව හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ යම් හේතුවක් නිසා ශ්‍රියාට විවාහ ගිවිසගැනීමෙන් පස්සේ කසාදෙ කරගන්න වෙන්නෙ නෑ. මේ අතරෙ දි බැංගලෝර් වල ඉන්න සිද්ධාර්ත්ටත් මේ වගේම වැඩක් තමයි සිද්ද වෙන්නේ. හැබැයි සිද්ධාර්ත්ටත් නම් ළමයෙක් හදන්න වැඩි ආසාවක් නෑ. ඉතින් දැන් ශ්‍රියාට ලස්සන බබෙක් හදන්නත් ඕන ඒත් කසාදෙත් නැවතුනා ආය කසාද බදින්න අදහසකුත් නෑ. ඉතින් ශ්‍රියා හොදට හිතල බලල එක තීරණයක් ගන්නවා……..

ඉතින් ශ්‍රියා කියන්නේ කවුද. ශ්‍රියා ඊට පස්සෙ මොනවද කරන්න යන්නේ. බැංගලෝර් වල ඉන්න සිද්ධාර්ත්ව කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ. මේව දැනගන්නනම් මේ කතාව බලන්නම වෙනව. ටිකක් වෙනස් විදියෙ කතාවක්. ඉතින් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු! සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

5,278 downloadsDownload Kadhalikka.Neramillai-2025.zip56 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kadhalikka Neramillai (2025) Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

5,278 downloadsDownload Subtitles56 KB

4 comments

  1. kaveen

    thank you.

  2. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි චතුර සංදීප සහෝ මේකට සබ් දුන්නට......

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤