Santosh (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද මම ගෙන එන්නෙ ගිය වසරෙ කතා බහට ලක් උන තවත් ඉතා සංවේදී සම්මානනීය හිංදි චිත්‍රපටයක්. මේක හිංදි චිත්‍රපට්‍යක් උනත් නිශ්පාදනය වෙන්නෙ එංගලන්ත , ඉන්දියානු, ජරමන්, ප්‍රංශ ඒකාබද්ධ නිශ්පාදනයක් ලෙස. අවසානයේ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ එංගලන්ත නියෝජනය ලෙස තෝරා ගැනෙන්නේ…
Santosh (2024) Sinhala Subtitles
ආයුබෝවන්. අද මම ගෙන එන්නෙ ගිය වසරෙ කතා බහට ලක් උන තවත් ඉතා සංවේදී සම්මානනීය හිංදි චිත්‍රපටයක්. මේක හිංදි චිත්‍රපට්‍යක් උනත් නිශ්පාදනය වෙන්නෙ එංගලන්ත , ඉන්දියානු, ජරමන්, ප්‍රංශ ඒකාබද්ධ නිශ්පාදනයක් ලෙස. අවසානයේ මෙවර ඇකඩමි සම්මාන උළෙලේ එංගලන්ත නියෝජනය ලෙස තෝරා ගැනෙන්නේද මේ චිත්‍රපටය. ඉතින් මේ දක්වා ඇකඩමි ,කාන්ස්, බ්‍රිතාන්‍ය ඇතුළු සිනමා උළෙලවල් රාශියක හොඳම චිත්‍රපටය ලෙස අවසාන වටයට නිර්දේශ ලැබූ එසේම තවත් සිනමා උළෙලවල් රාශියක සම්මාන දිනූ චිත්‍රපටයක් ලෙස මේක හඳුන් වන්න පුළුවන්.ගිය වසරේම කාන්ස් සම්මානලාභී මලයාලම් චිත්‍රපටයක් වූ All We Imagine as Light මෙන්ම මෙයත් කාන්තා චරිත ද්විත්වයක් මූලික කර ගෙන හැදුනු චිත්‍රපටයක්
සන්ධ්‍යා සූරි විසින් තිර රචනයකර අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටයේ මූලික චරිතය සිය පොලිස් සැමියා මිය ගිය තරුණ වැන්දඹුවක්. ඇයට පවත්නා නීති රීති අනුව සැමියාගේ කොස්තාපල් තනතුර හිමි වෙනවා. ඒ අනුව සිය රාජකාරිය අරඹන ඇයට මුහුණ දෙන්නට සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් මේ කතාව දිව යනවා. බලය, කුලවාදය ,ඇති නැති කම මෙන්ම පුරුෂාධිපත්‍යය ඉදිරියේ සිදුවන පොලිසියේ කටයුතු ඇගේ හෘද සාක්ෂිය සමග ගැටෙද්දී කුල හීන දැරියකගේ මිනී මැරුමක අභිරහසක් විසඳා ගැනීම ඇය සහ ඇගේ ඉහළ පොලිස් නිලධාරිණිය ගන්නා උත්සාහය සහ එහි අවසන් ප්‍රතිඵලය ඔබට මේ තුලින් දිග හැරෙනවා.
සහානා ගෝස්වාමි සහ සුනීතා රාජ්වර් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. ඉතිං කලාත්මක ඉංදියානු සිනමාවක් රස විඳින ඔබට නැරඹිය යුතුම චිත්‍රපටයක් මේක.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Santosh (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,582 downloadsDownload Santosh-2024.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Santosh (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
4 comments
Buddhika laKMal
ASELA
thank you
Ruchira
Thanks for the sub!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි බන්දුල සහෝ වටින ෆිලුමකට සබ් දුන්නට