KalamKaval: The Venom Beneath (2025) Sinhala Subtitless 2000 අවුරුද්දට කලින් කේරලේ කෝට්ටයිකෝනම් වල වෙන ජන අරගලයක් විමර්ශනය කරන්න එන කේරල පොලිසියේ විශේෂ ශාඛාවේ වැඩ කරන නිලධාරියෙක් වෙන නාත් නොහොත් ජයක්‍රිශ්නන් මේ අරගලය හට ගන්න හේතු පාදක වුනු කරුණ හොයන්න පටන් ගන්නවා. නමුත් මේක ඉවර වෙන්නේ ‘පැන ගියා’ කි…

2000 අවුරුද්දට කලින් කේරලේ කෝට්ටයිකෝනම් වල වෙන ජන අරගලයක් විමර්ශනය කරන්න එන කේරල පොලිසියේ විශේෂ ශාඛාවේ වැඩ කරන නිලධාරියෙක් වෙන නාත් නොහොත් ජයක්‍රිශ්නන් මේ අරගලය හට ගන්න හේතු පාදක වුනු කරුණ හොයන්න පටන් ගන්නවා. නමුත් මේක ඉවර වෙන්නේ ‘පැන ගියා’ කියලා හිතන කාන්තාවන් මරණ දාම ඝාතන රැල්ලකින්. (පස්සේ මේක ටිකක් වෙනස් වෙනවා.) මේකේ අතරමැදි කතාව එයා ඒක හොයාගන්නේ කොහොමද වගේම කවුද මේක කරන්නේ කියලා හොයාගන්න එක..
ඔව්..! බයිස්කෝප්වාසි ගොඩක් දෙනෙක් බලන් ඉදපු මම්මුට්ට්ගේ 2025 අවුරුද්දේ එකම මලයාලම් හිට් එකේ OTT නිකුත් කිරීම අද SonyLiv හරහා නිකුත් වුණා. මං දන්නවා ගොඩක් අය මේක එනකල් බලන් ඉන්න ඇති කියලා. මොකද සමහරක් අය මේ වෙද්දී HQ PreDVD (කැම්) පිටපතෙන් තමා බලන්න ඇත්තේ. දින 40ක් විතර තිරගත කරලා අවසානයේදී හොද ආදායමක් සමගිනුයි මෙය නිකුත් වෙන්නේ. (මේ කලින් ලිපියේ විස්තර කිහිපයක්.)
Dominic and the Ladies Purse, Bazooka වගේ අසාර්ථක චිත්‍රපටි දෙකකින් පස්සේ නැවතත් මම්මුට්ට්ව දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටයෙන්. විශේෂම දේ තමයි මේ එයා රගපාන ප්‍රතිවීර චරිතය. Dominic and the Ladies Purse, Bazooka දෙකෙන් පස්සේ ටිකක් නිහඩව ඉදලම තමයි හොදටම කරන්නේ. ඇත්තටම එයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණට පස්සේ රගපාපු පළමු චිත්‍රපටය තමයි මේක.
ජිතින් කේ ජෝස් කියන නවක අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරන එයාගේ පළමු චිත්‍රපටය තමයි මේ KalamKaval. රචනය ජිතින් කේ ජෝස් සහ ජිශ්නු ශ්‍රීකුමාර්. සංගීතය මුජිබ් මජිඩ්ගෙන්. නිෂ්පාදනය මම්මුට්ට්ගෙන්මයි (මම්මුට්ට් කම්පැනි). මේකේ තිර කාලය විනාඩි 144යි. මේක අයිති වෙන්නේ ඇක්ෂන් ඩ්‍රාමා ගණයට. නමුත් Psycological පැත්තටත් මේක ටිකක් බරයි වගේ මට නම් පෙනුනේ.
මේ චිත්‍රපටයේ තිරගත දිනය කිහිපවතාවක්ම කල් දාලා තියෙනවා. මුලින්ම මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 9 වෙනිදා නිකුත් කරන්න හිටියත් පසුව නොවැම්බර් 27 වෙනිදට කල් යනවා. නමුත් යම් කිසි හේතුවක් හින්දා නැවතත් දෙසැම්බර් 5 වෙනිදා ට මේකේ තිරගත කිරීමේ දවස වෙනකල්ම යනවා.
* විශේෂයෙන් මේ චිත්‍රපටයේ භාෂාව මලයාලම් දමිල දෙකම සම්මිශ්‍රණයක් විදිහටයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් තමිල්නාඩුව ආශ්‍රිත වීම. නමුත් චිත්‍රපටයේ 90%ක්ම තියෙන්නේ මලයාලම් භාෂාව.
* ප්‍රතිවීරයෙක් ඉන්නවා නම් විරුද්ධ වාදියෙක් එන්නත් එපැයි. මේ චිත්‍රපටයේ වීර චරිතය කරන්න ජිතින් මුලින්ම තෝරාගෙන තිබුනේ ප්‍රිත්විරාජ් සුකුමාරන්ව. නමුත් අවාසනාවකට ප්‍රිත්වීරාජ්ට එම්පුරාන් චිත්‍රපටයේ වැඩ කටයුතු නිසාම ඔහු වෙනුවට ඒ අවස්ථාව ජේලර් දෙමළ චිත්‍රපටයේ ‘වර්මා’ විදිහට රගපාපු විනායකන්ට ජිතින් ඒ අවස්ථාව ලබා දෙනවා. එයාව ජිතින්ට නිර්දේශ කලෙත් මම්මුට්ට්මයි.
* අනිත් දේ ගිය අවුරුද්දේ (2024) ජෝන් බ්‍රිට්ටස් සමගින් මම්මුට්ට් කල සාකච්ජාවකදී මම්මුට්ට් පවසනවා මේ චිත්‍රපටය තමන් මින් පෙර නොකරපු චරිතයන් අත්හදා බැලීමේ තවත් උත්සාහයක් විදිහටයි මේ චිත්‍රපටයෙන් කෙරෙන්නේ කියා.
රංගනයෙන්: ‘මම්මුට්ට් >< විනායකන්ට’ අමතරව රජිෂා විජයාන්, ශෘති රාමචන්ද්‍රන්, ගිබින් ගෝපිනාත්, ගයත්‍රී අරුන්, මාලවිකා මෙනන්, අසිස් නෙදුමන්ගඩ්, අරවින්ද් එස් කේ, කුන්චන්, බිජු පාප්පන් වගේ ඉතාමත් ලොකු කාස්ට් එකක් මෙහෙදී රංගනයට එකතු වෙනවා.
* විශේෂයෙන් එක චිත්‍රපටයක ලොකුම කාන්තා නියෝජනයත්
සනිටුහන් වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ඒක මේ විදිහටයි දැක්වෙන්නේ.
“The film will have a huge female cast and would introduce mostly newcomers. Rajisha Vijayan is one of the leading lady in her first association with Mammootty. Gayathri Arun is another female lead in her second collaboration with Mammootty after One. Shruti Ramachandran would also play a major role. Megha Thomas, Malavika Menon, Abhi Suhana, Nisa, Triveda, Smitha, Sindhu Varma, Anupama, Vaishnavi Sai Kumar, Mohanapriya, Sidhi Fathima, Kabani, Seema, Riya, Amrutha, Mullai Arasi, Catherine Maria, Binsi and Dhanya Ananya formed the rest of the large female cast.“
– WikiPedia (Kalamkaval)
චිත්‍රපට ආදායම ගැන කිව්වොත් කෝටි 83ක් මේ වෙද්දී හොයාගෙන තියෙනවා. මේ චිත්‍රපටයේ Budget එක කෝටි 25ක් වෙනවා.. මේ තමයි මම්මුට්ට්ගේ මේ අවුරුද්දට දීපු එකම බ්ලොක් බස්ටර් එක.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.6/10කුත්, ගුගල් පරිශීලක අගය 95% කුත් ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ OTT අයිතිය SonyLiv විසින් අයිති කර ගනිද්දී එහෙන් 16 වෙනිදා (ඒ කියන්නේ අද) පිටපත් නිකුත් කළා.
මම්මුට්ට්ගේ මීලග චිත්‍රපට අතරේ මහේෂ් නාරායනන්ගේ ‘පැරියට්’ චිත්‍රපටයෙනුත්, මේ මාසේ 22 වෙනිදා නිකුත් කිරීමට නියමීත ‘Chatha Pacha: The Ring of Rowdies’ චිත්‍රපටයේ විශේෂ ආරාධිත රංගනයෙනුත්, ආලප්පුලා ජිම්ඛානා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කාලිඩ් රහ්මන්ගේ චිත්‍රපටයෙනුත්, මම්මුට්ටිගේම නිෂ්පාදනයෙනුත් සහ අදූර් ගෝපාලක්‍රිශ්නන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන චිත්‍රපටයෙනුත්, ෆල්මී, තලයිවර් තම්බි තලයිමයිලි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු නිතිෂ් සහදේව්ගේ චිත්‍රපටයෙනුත් දැකගත හැකි වේවි.
මේ තියෙන්නේ කාලම්කාවල් මලයාලම් චිත්‍රපටියේ තිරයේ පිටුපස ජායාරූප කිහිපයක්.

එහෙනම් තවත් සබකින් ආයේ හමුවෙමු. ඔබට සුබ දවසක්!
KalamKaval: The Venom Beneath (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip/ HQ PreDVD(කැම්) පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,785 downloadsDownload Kalamkaval-2025-HQ-HDRIP.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
KalamKaval: The Venom Beneath (2025) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
- #2025
- #Drama
- #Editor's Pick
- #Indian Box Office Hits
- #KalamKaval Sinhala Sub
- #KalamKaval Sinhala Subtitles
- #KalamKaval: The Venom Beneath (2025) Sinhala Sub
- #KalamKaval: The Venom Beneath (2025) Sinhala Subtitless
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #ඕෂද එරංග (Era Boy)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
Nirmala
කෝ ඉතින් ෆිල්ම් එක.
ඩබ් එක විතරක් මොකටද.?Hemantha De Silva
Thank you, Oshada..
Thank you, Bais..Kavi
update ekak ona bro
Oshada Eranga
දීලා තියෙන්නේ සහෝ.
Gihan
උපසිරැසියට බොහොම ස්තුතිය
එල්. සී. දමැල්
සමාවෙන්නෝනා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ඕෂද සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌Oshada Eranga
ආදරෙයි බොසා.. හොද ටිකක් අනිවා දෙන්නම්..
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචං සබ්එකට...
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ......