Watch Trailer

The Tank AKA Der Tiger (2025) Sinhala Subtitles | මළවුන් දුටු යුධ ටැංකි මෙහෙයුම. [සිංහල උපසිරසි]

The Tank (2025) Sinhala Subtitles ඔන්න ඉතින් හැමෝමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් මේ අවුරුද්දේ පලවෙනි උපසිරැසිය අරන් ආවා. ‎ Fury , T34 ෆිල්ම් වලට පස්සේ ආපු සුපිරිම Tank Battle ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි… යුද්ධ චිත්‍රපට වලට ආස අයට, විශේෂයෙන්ම යුද ටැංකි සටන් බලන්න ආස අයට මෙන්න නියම ෆිල්ම් එ…

The Tank (2025) Sinhala Subtitles

ඔන්න ඉතින් හැමෝමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් මේ අවුරුද්දේ පලවෙනි උපසිරැසිය අරන් ආවා.
‎
Fury , T34 ෆිල්ම් වලට පස්සේ ආපු සුපිරිම Tank Battle ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි… යුද්ධ චිත්‍රපට වලට ආස අයට, විශේෂයෙන්ම යුද ටැංකි සටන් බලන්න ආස අයට මෙන්න නියම ෆිල්ම් එකක්… The Tank (2025). නිකන්ම යුද්ධයක් පෙන්නනවට වඩා මේකේ අන්තිම වෙනකම්ම කුතුහලය තියෙන කතාවක් යන්නේ.
‎
කතාව මෙහෙමයි… 1943 අවුරුද්ද, දෙවැනි ලෝක යුද්ධයේ දරුණුම කාලයක්. රුසියාවේ ඩිනයිපර් පෙරමුණේ (Dnieper Front) ජර්මන් හමුදාව පරාජය වෙමින් පස්සට යන වෙලාවක්. මේ අතරේ ලුතිනන් ගර්කන්ස් (Gerkens) ඇතුළු පිරිසකට ලැබෙනවා විශේෂ රහසිගත මෙහෙයුමක්. ඒ තමයි “Operation Labyrinth”. මේ මෙහෙයුම භාර වෙන්නේ තනි Tiger ටැංකියකට. එයාලගේ ඉලක්කය තමයි අතුරුදහන් වෙලා ඉන්න කර්නල් හාර්ඩන්බර්ග්ව (Colonel von Hardenburg) සහ රහසිගත ලිපිගොනු වගයක් ආපහු ගේන එක. හැබැයි මේ ගමන ලේසි නෑ. සතුරු රුසියන් ටැංකි මැද්දෙන්, බිම් බෝම්බ මැද්දෙන් මේ තනි ටැංකියට යන්න වෙන ගමන හරිම ත්‍රාසජනකයි. විශේෂයෙන්ම ටැංකිය ගඟක් යටින් කිමිදිලා යන සීන් එක එහෙම පට්ටම කොලිටි.
‎
හැබැයි මේක නිකන්ම ඇක්ෂන් ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. කතාව ඉස්සරහට යද්දී මේ මෙහෙයුම ඇත්තටම මොකක්ද? කර්නල් හාර්ඩන්බර්ග් ඇත්තටම ඉන්නවද? නැත්තන් මේක මෙයාලගේ හිතේ මැවිච්ච මායාවක්ද කියන එක ගැන Psychological Mystery එකකුත් හැදෙනවා. ෆිල්ම් එකේ දෙබස් සහ අන්තිම ටික මාරම ගැඹුරුයි.
‎
“යුද්ධයේ අවසානය දැක ඇත්තේ මියගියවුන් පමණි” (Only the dead have seen the end of war) කියන තේමාව මේ ෆිල්ම් එකෙන් සුපිරියටම පෙන්නනවා.

ඉතින් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මෙතනින් නවතිමි. හැමෝටම ජයවේවා.
උපසිරැසිය හොදයිනම් rate කරන් යන්න….

The Tank (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,121 downloadsDownload The-Tank-Aka-Der-Tiger-2025.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Tank (2025) Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

4,121 downloadsDownload Subtitles29 KB

9 comments

  1. Nuwan Sandeepa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.

  2. Viraj

    Thanks

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට.....
    මේක සුපිරියක්

  4. Kaveesha

    Thanks
    For
    Sub

  5. Sanjeewa

    Thanks Bro ....

  6. Sanjeewa

    Thanks Bro for Your Subtitles

  7. Sanjeewa

    Thanks Bro for Your Subtitles

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  9. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ⁣ගොඩක් ස්තුතියි..
    ජයවේවා...