ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්! නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න! සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගි…
ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්!
නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න!
සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගිය වසරේ දැඩි ලෙසින් අර්බූදයකට මුහුණපා තිබුණු අතර බොහොමයක් සිනමාපටයන් තිරගත වීම දින නියමයක් නොමැතිව කල් ගොසින් සිනමාහල් වසා දමා මෙන්ම සිනමා නිර්මාණ කටයුතුද නතරව තිබු මුළු මහත් ලෝක සිනමාවම මේ වසරේදී යම් සුභදායී මාවතක ගමන් කරනා ආකාරයක් පෙනි යන මෙවන් අවස්ථාවකදි සාම්ප්‍රදායික දමිළ සිනමා අත්දැකීමක් ලබාගන්නට දමිළ සිනමා රසිකයින් හට ආරාධනා කර සිටින්නට කැමතියි.
මෙම චිත්‍රපටයද පසුගිය වසර අවසාන භාගයේ තිරගත කරන්නට යෙදුණු නමුත් ලොවපුරා පැවැති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තිරගත කිරිම කල් දැමුණු අතර 2021 වසරේ දමිළ සිනමාව උඩුකුරු කරමින් එක් පසකින් දැඩි අවදානමක් පවා ගනිමින් Master 2021 දමිළ සිනමාපටය තෛපොංගල් උත්සවයට සමාගාමීව ජනවාරි මස 13 දින තිරගත කළ බව දමිළ සිනමා රසික ඔබටත් මතක ඇති. ඒ සමඟම බොහොමයක් සිනමාපටයන් තිරගත වන දිනයන් පිළිබඳව හෙලිදරව් වූ අතරම මෙම චිත්‍රපටය Master 2021 දමිළ සිනමාපටය තිරගත වී දින 22 ක් ගතවු පසු එනම් 2021 පෙබරවාරි මස 05 වන දින තිරගත කිරීම ආරම්භ කරන ලදි. මෙහි අධ්‍යක්ෂනය N Rajasekar නම් දමිළ සිනමා අධ්‍යක්ෂකවරයා විසින් සිදුකර ඇත. ප්‍රධාන රංගනය දමිළ නළු Jiva සහ Arulnithi මෙන්ම Priya Bavani Shanker, Robo Shanker විසින් හොබවන අතර පවුලේ සියලුම දෙනා සමඟින් එක්ව නැරඹිය හැකි ක්‍රියාදාමයන් සහ හාස්‍යෝත්පාදනය නොඅඩුව සපිරි මෙම සිනමා පටය මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත කෙරුනා. එසේ නම් සුපුරුදු පරිදි චිත්‍රපටයේ අන්තර්ගත කතාව කීමට බලාපොරොත්තු වන්නේ නෑ මුලින් කීවා මෙන් මෙම සිනමා පටය ගජ මිතුරන් දෙදෙනකු වටා ගෙතුණු කතාවකින් හෙබි සාම්ප්‍රදායික ඇක්ෂන් මසාලා චිත්‍රපටියක්!
චිත්‍රපටය සඳහා ලැබුණු යහපත් ප්‍රතිචාර කිහිපයක්.!
අවසාන වශයෙන් මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන සිසිල ප්‍රසාද් සහෝට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරමින් කාර්යබහුල අවස්ථාවකදි සිංහල උපසිරැසි නිර්මාණයට සහය ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටද ස්තුතිවන්ත වෙමින් තවත් දමිළ සිනමා පටයකට සිංහල උපසිරැසියක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
![]()
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HD / Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
14,737 downloadsDownload Kalathil-Sandhippom-2021-1.zip166 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
35 comments
Anonymous
Ravfdo 06
thank you
Samith
Thank you brother
එරංග සඳරුවන්
මේකේ පෝස්ටරේ හැටියට නන් ගන්න හිතුන් නැති චිත්‍රපටියක්. සබ් එක දීලා තියෙන නිසා අරන්ම බලනවා නේහ්..
ඒනන් කොල්ලෝ උපසිරැසියට බෝම නන්‍රි..
ජය වේවා..Ashan
කාලෙකින් කොහොමත් මසාලා ටයිප් ටැමිල් ෆිලුමක් බැලුවේ නෑ
ඒකනිසා මේක බලන්න ඕනා
ස්තුතියි සහෝ උපසිරසියටchaminda1996
මේ වගේ හොඳ දමිල චිත්‍රපටිය සිංහල උපසිරසි ඉතා ඉක්මනින් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි.
තව තවත් මේ වගේ හොඳ චිත්‍රපටිවලට උපසිරසි දෙන්න හැකි වේවායි ප්‍රර්ථනා නරනවා!!!!!!!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kevin
Thanks bro
Kevin
Digatama tamil film demu
Pramod
Thanks bro sub ekata jaya weva.
Gihan perera
නියමයි සහෝ.... නියමයි....මේ වගේ ඒවා බලන්න කම්මැලි නෑ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..... මචං පුලුවන් නම් KGF 2 හොඳ copy ආපු ගමන් උපසිරැසි දෙන්න බලන්න මචං... එහෙනම් ජය වේවා සහෝ....
yohan
thama release welawath ne bro
Nilush Angana
Sub ekata thanx
Anonymous
මරැ මචන් උබලා තමා සිනමාවෙි ලෙජන්ලාලෙජන්ලා බන් alm bs
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Prabodha Jayakody
Thanks...
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
එරංග සඳරුවන්
සාම්ප්‍රදායික ඇක්සන් මසාලා
උපසිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Mahesh
Thanks bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Pogaru(kanada-2021)
Chakra(tamil-2021).......film dekatath sub denna saho
Jaya wewayohan
thanks... jaya wewa!
Anonymous
මේවනෙ දෙන්න ඕන
ස්තුතියි සහෝලා දෙන්නටමAnonymous
Red(telugu-2021) filumatath oya gammatama sub demu
Samith
Thanks bro
Anonymous
Thanks kollo
Jaya wewaNimesh
ස්තුතියි සහෝ
Anonymous
Sub ekta thanks bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harsha
Thank You my friend
Pahasara
Godak Thankz.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/Kalathil-Santhippom-2021.jpg)


Thanks bro