Watch Trailer

Love (2020) Sinhala Subtitles | මේක ආදර කතාවක් නෙමේ!! [සිංහල උපසිරසි]

රෝහලට ගිහින් ඇය නිවසට ආවේ එවෙලේ. ඇය දොරට තට්ටු කරේ ඉවසීමක් නැතුව. ඔහු දොර ඇරියා. පැනපු ගමන් ඇය කරේ ඔහුව බදාගත්තු එක. ඇයගේ ඇස් වලින් සතුට බේරෙනවා. ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට ඔහු ඇයට ලබාදීලා. දැන් ඇය අම්මා කෙනෙක්. “සුබ පැතුම්.. ඔයා තාත්තා කෙනෙක්” ඇය ඔහුගේ කනට කර කෙඳිරුවා. ඔහුගේ සතුට ඉහවහා ගිහින්…

රෝහලට ගිහින් ඇය නිවසට ආවේ එවෙලේ.
ඇය දොරට තට්ටු කරේ ඉවසීමක් නැතුව. ඔහු දොර ඇරියා.
පැනපු ගමන් ඇය කරේ ඔහුව බදාගත්තු එක.
ඇයගේ ඇස් වලින් සතුට බේරෙනවා.
ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට ඔහු ඇයට ලබාදීලා.
දැන් ඇය අම්මා කෙනෙක්.
“සුබ පැතුම්.. ඔයා තාත්තා කෙනෙක්” ඇය ඔහුගේ කනට කර කෙඳිරුවා.
ඔහුගේ සතුට ඉහවහා ගිහින්. ඇය තමන්ට දෙන්න පුළුවන් ඉහළම සතුට ඔහුට ලබාදීලා.
ඔහු ඇයව ඔසවාගෙනම සතුටින් කැරකුනා.
ප්‍රීතිඝෝෂා වලින් නිවස දෙවනත් වුණා.
ඒ මොහොතේ ඉඳන් නිවස එකම උත්සව බිමක් වුණා.
සතුටු සිනා, අනාගත සැලසුම් වලින් ඔවුන්ගේ කාර්යබහුල වෙලා.
බිත්තියේ තිබ්බ ඔවුන් දෙන්නාගේ කළු සුදු ඡායා රූපය ඔවුන් දිහා බලන් හිනා වෙනවා.
ඔවුන් ප්‍රේම කරපු කාලය, විවාහ ජීවිතය..
තව මාස කිහිපයකින් මෙලොව එලිය දකින ඔවුන්ගේ ආදරයේ සලකුණ…
බිත්ති හතරක ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ මීටත් වඩා සතුටක් තියෙන්න පුළුවන්ද?
“මං ඔයාට ආදරෙයි.. මේ ලෝකේ හැමදේටම වඩා…”
ඔහු ඇගේ ඇස් දිහා බලාගෙන කෙඳිරුවා.
“මමත් ඔයාට ගොඩාක් ආදරෙයි”
ඇය නැවතත් ඔහුව බදාගත්තා.

පහුගිය වසරේ අග බාගයේ ඉඳන් මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ කවද්ද Love චිත්‍රපටිය කල එලි බහින්නේ කියලා. නොහිතපු විදිහට පහුගිය 19වන සිකුරාදා නෙට්ෆ්ලික්ස් හරහා Love බෙදාහැරෙනවා. ඉතින් උඩ කිව්වත් වගේ මේ ආදර කතාව ආදර කතාවක් නම් නෙමේ ඔන්න. Psychological Thriller, Mystery ගණයට අයත් වෙන මේ සලරුවට IMDb අගය ලැබිලා තියෙනවා 7.5ක්. නරඹපු ප්‍රේක්ෂයෝ විචාරකයෝ තමන්ගේ ප්‍රසාදය මදි නොකියා මේකට පල කරලා තියෙනවා. පහුගිය ලොක්ඩවුන් සමය තුළ තමයි චිත්‍රපටියේ රූගත කිරීම් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් බිත්ති හතරකින් වටවුණු ඉඩ ප්‍රමාණයකට සීමාවෙලා පුද්ගලයෝ 6, 7 දෙනෙක්ගේ රංගනයෙන් විතරක් සෑහීමකට පත් වෙලා විනාඩි 90ක කාලයක් කිසිම විඩාවක් නැතුව කුතුහලයෙන් නියපොතු හප කර කර බලන්න පුළුවන් සලරුවක් අපිට ලබාදෙන්න නිර්මාණකරුවෝ සමත් වෙලා කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂකතුමා ඛාලිඩ් රහමන්. Unda, Anuraga Karikkin Vellam වගේ චිත්‍රපට මලයාලම් සිනමා රසික ඔබට අමතක වෙන්න නම් ඉඩක් නැහැ. ඒ වගේම රංගන ශිල්පීන් ගැන මතක් කළොත් කාගේත් ආදරේට පාත්‍ර වුණු June (2019) චිත්‍රපටියේ ජූන් නොහොත් රජිෂා විජයන් එක්ක ෂයින් ටොම් චාකෝ ප්‍රධාන චරිත උසුලනවා. ෂයින් ගැන මතක නැත්තම් Ishq (2019) චිත්‍රපටිය ටිකක් මතක් කරගන්නකෝ. අගේට මතක් වෙයි.

එහෙනම් පැය එකහමාරක කුතුහලයේ ගිලෙන්න කියලා ආරාධනා කරමින්, පැය එකහමාරෙන් පස්සේ ඔබව අනිවාර්යෙන් මංමුළා කරයි කියන අවවාදෙත් දෙන ගමන් මං සමුගන්නවා. ඔබට ජයවේවා.

අමතක කරන්න එපා…
අමතක කරනවා තියා හිතන්නවත් එපා…
මේක ආදර කතාවක් නම් නෙමේ.!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

12,092 downloadsDownload Love-2020.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

12,092 downloadsDownload Subtitles36 KB

61 comments

  1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    ඔන්න මල්ලි පලවෙනි කමන්ට් එක මගෙන්! සුපිරි වැඩක්!

    1. Mayura

      Thanx ayye :)

  2. kavindu

    thank you very much for the subtitles..wish you all the best

    1. Mayura

      thanxx machoo :)

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. හේමන්ත

    ස්තුතියි මයුර....
    මලයාලම් නැති පාලුවෙන් හිටියේ ...
    මෙන්න එක ළඟ...

  5. kavindu

    ෆිල්ම් එක බලලම comment එකක් දාලා යන්න කියලා ආවා.මුලින්ම මයුර සහෝදරයට ස්තූති කරන්න ඕනෙ.මේ වගේ පට්ට ෆිලුමකට sinhala sub කරාට.
    මට නම් හිතාගන්නත් අමාරුයි මේ movie එක malayalam එකක් කියලා.පට්ට love stories ආවට මෙහෙම වෙනස් විදියේ thriller/mistery movies එන්නෙ හරිම කලාතුරකින්.movie එක බලලා පැය බායක් විතර කල්පනා කරා මොකක්ද මේ උනේ කියලා.දෙවනි පාරත් skip කර කර බලද්දි තමා එක හරියටම click උනේ.

    ෆිල්ම් එක අවසානයට SHOCK වෙන්න කැමති රසිකයින් අනිවාර්යෙන් බලන්න

    1. Saga

      Terune na bn film eka.teruna nm kiypnko

    2. kavindu

      මේ කතාව කොහෙන් තෙරුම් කරන්නද කියල හිතාගන්න අමාරුයි.මට තේරුන විදියට නම්;
      අනූප්ගේ යාලුවො දෙන්නා කියන්නේ ඇත්ත චරිත නෙමෙයි.අනූප්ගෙ හිතේ තියන පැතිකඩ දෙකක්.හරියටම කීවොත් අනූප්ගෙ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න දෙකක්.
      1)අනූප්ගෙ කැෆේ ප්‍රශ්නෙ(බිස්නස්/ කැෆේ එකේ ප්‍රශ්න,ශෙල්බි කියන්නෙ අනුප්ගේ බිස්නස් පාට්නර් කෙනෙක්)
      2)අනූප්ගෙ අනියම් සම්බන්දෙ(හරිතා කියන එක්කෙනා,ෆිල්ම් එකේ මුලින් අනූප්ට එන මැසේජ් එක එන්නෙ-හරිතගෙන්-I'm pregnant)

      කතාව මෙහෙමයි.දීප්ති ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන හොස්පිට්ල් ඉදන් ගෙදර එනවා.ඒ වෙනකොට අනූප්ගෙ හිතේ අර ප්‍රශ්න 2 අපිට චරිත දෙකකින් පෙන්නනවා.මුලින් දීප්තිව මරන එකත් අනූප් හිතන දෙයක් ඇත්තටම දීප්තිව මරන්නේ නෑ.ඊට පස්සේ දෙන්න අතර argument එකක් වෙලා අනූප් දීප්තිට iron එකෙන් ගහනවා.අපිට පෙන්නුවෙ නැති උනාට දීප්ති ආපහු නැගිටලා අනූප්ට ගහල ඌව මරනවා.පස්සේ කාර් එකේ ඩිකියට දාල අරන් යද්දි පොලීසියට මාට්ටු වෙනවා.(කොහොම හරි දීප්තිගෙ තාත්තා ගෙදර ඇවිත් අනූප්ට කනේ පාරක් දෙන එක ඇත්තටම වෙන දෙයක්)

    3. Anonymous

      Thanks machan
      Mtath podi awla seen tikak thibuna dn nm meter

    4. heshan

      thank you very much sahoo

    5. චාමිකර හේරත්

      හම්මෝ දැන් තමයි කතාව තේරුනේ..ගොඩක් ස්තුත්යි..

    6. Anonymous

      thank you

    7. Madushan Abeysinghe

      Thank s macho. film eka iwara weddi oluwa wikara wela thibune

  6. kavindu

    ෆිල්ම් එක බලලම comment එකක් දාලා යන්න කියලා ඔන්න ආපහු ආවා.මුලින්ම මයුර සහෝදරයට ස්තූති කරන්න ඕනෙ මේ වගේ පට්ට ෆිලුමකට sinhala sub කරාට.

    මට නම් හිතාගන්නත් අමාරුයි මේ malayalam movie එකක් කියලා.පට්ට love stories ආවට මෙහෙම වෙනස් විදියේ thriller/mystery movies එන්නෙ හරිම කලාතුරකින්.movie එක බලලා පැය බාගයක් විතර කල්පනා කරා මොකක්ද මේ උනේ කියලා.දෙවනි පාරත් skip කර කර බලද්දි තමා එක හරියටම click උනේ.

    ෆිල්ම් එකක් අවසානයට SHOCK වෙන්න කැමති රසිකයින් අනිවාර්යෙන් බලන්න.

  7. Anonymous

    ආපහු බයිස්කෝප් එක සුපුරුදු පරිදි අලු ගසා දාලා නැගිටලා වගේ,දිගටම පහරවල් දෙන්නේ
    එල එල අලුත් පහරවල්ම බස්සමු
    ජය වෙවා!!!

    1. Anonymous

      Thanx machan

  8. Siyanta

    Thanks brother always your best

  9. Priyantha Dayakeerthi

    හොඳ සිනමාපටයක්, ස්තුතියි ඔබගේ උපසිරසියට!

  10. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි.

  11. Anonymous

    තද කොර,මේවනෙ දෙන්න ඕන නැතුව පරන ලොන්තපෝල් ඒවා නෙවෙයි

  12. Ashan

    Thanks for sub bro

  13. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  14. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියි . දිගටම මලයාලම් ෆිලුම් වලට සබ් දෙන්න. ජයම වේවා

  15. shan

    එල එල...නෙට්ෆිලික්ස් නම් බලන්නම එපැයි..ගොඩාක් ස්තූතියි ජය

  16. Rasheen Mansil

    Thank you ayya !!

  17. Anonymous

    Thanks bro

  18. isuru

    baiscope downld site eke film ekata dala thiyana torrent link eka weradi. wena film ekak enne. eka harigassanna puluwanda

  19. Sanjeewa

    Haram love කියලා ෆිල්ම් එකක් නෙ එන්නේ.හරි එක හදලා දෙන්න පුලුවන්ද ?

  20. Nethini123

    බොහොම ස්තූතියි............. :-D

  21. Anonymous

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Tharaka

    ස්තුතියි උපසිරසියට සහෝ

  23. Anonymous

    Pogaru(kanada-2021)
    Chakra(tamil-2021)…….film dekatath sub denna saho
    Jaya wewa

  24. yohan

    THANKS JAYAWEWA! DIGATAMA KARAGENA YAN...

  25. හෙළිලි

    බැලුවෝ. Thriller පොත්, ෆිලුම් බලල පුරුද්දටම අනුමාන කරා වෙන්නෙ මොකක්ද කියලා. ෆිලුම හොඳයි, සබ හොඳාආයි.. ජය!

  26. channa madhushan

    supiri film eka appa

  27. සියන්ත

    පැය එක හමාරක් ගිලිලා ඉන්න බෑ ඉතින්
    තව වැඩ තියේ කරන්න
    කලින් මැරෙන්න බෑ අනේ බෑ අනේ........
    ස්තුතියි.

  28. Lalani Maduwanthi

    බොහොම ස්තුතියි මයුර..

  29. Anonymous

    Thanks bro
    Thwa thriller film tikak demu

  30. Chanaka

    Red(telugu-2021) movie ekta sub denna plzz

  31. samith

    Thanks bro

  32. Shamal manojan

    සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර රඟපාන Yamla Pagla Deewana: Phir Se - 2018

    විවේක් ඔබ් රෝයි රඟපාන PM Narendra Modi - 2019

    මිතුන් චක්‍රබෝති, නස් රුදින් ෂාහ් රඟපාන The Tashkent Files - 2019

    ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed of Roses - 2017

    යන හින්දි ෆිල්ම් ටිකට උපසිරැසි සඳහා හින්දි චිත්‍රපට උපසිරැසි කරුවන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැමතියි.

    1. kavindu

      මුල් දෙකනම් ටිකක් විතර අව්ල්.[The tushkent files, Doob; no bed roses] movies දෙකනම් හොදයි.

    2. Kevin

      පොරට මල පනිනෝ මචන් ඔය ෆිල්ම් අවුල් කිව්වම

    3. kavindu

      අම්මට සිරි එහෙමත් එකක්ද??දැන් ඉතින් මොනා කරන්නද..

  33. Malith Samarawickrama

    Thanks bro sub ekata

  34. Kevin

    Thanks bro
    Digatama me wage aluth paharawal walata sub demu

  35. Nimesh

    ස්තුතියි සහෝ

  36. Anonymous

    ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නෙ...මාගේ හිත නැවතිලා
    ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ..නෑ මා ඔබ රිදවලා

    1. Anonymous

      දැන් බැලුවේ..පට්ට ඈ.........ඔබ නෑහෑ...ඔබ නෑ...
      හෑ

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. Muditha Dissanayaka

    thanks machan

  39. heshan

    යටම comment එකක movie review එකක් තියෙනෝ..movie එක බලලා ඒක කියවන්න.ඒක පට්ට.[kavindu කියලා කෙනෙක්]

  40. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  41. Kash

    THANK YOU VERY MUCH..

  42. Kumara De Silva

    Thank you dear

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Anonymous

    Download krnna Bane

  45. Hasantha

    Thank you

  46. Pahasara

    thankz, supiri

  47. suppa

    පහල ෆිල්ම් එකේ පොඩි රිවිවූ එක තිබ්බේ නැත්තං ලොවෙත් තේරෙන්නේ නෑ , නියම ත්‍රිලර් එකක් , ත්‍රිලර් ෆෑන්ස් ලට අනිවා බලන්න කියලා රෙකමන්ඩ් කරනවා ! සබ් වලට බොහොමත්ම ස්තූතියී