Watch Trailer

Master (2021) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ විප්ලවය! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා ! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ! අද (29) මට විශේෂ දවසක් පලමුව මාගේ උපන්දිනය දෙවෙනුව සැලකිය යුතු කාලෙකට පස්සේ සුපිරිතම දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි ලබාදීමට හැකිවීම. මේ වසරේ ජනවාරි මස 13 දින ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරමින් දමිළ,තෙලඟු සහ හිංදි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කල Ma…

සුභ දවසක් වේවා ! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ! අද (29) මට විශේෂ දවසක් පලමුව මාගේ උපන්දිනය දෙවෙනුව සැලකිය යුතු කාලෙකට පස්සේ සුපිරිතම දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි ලබාදීමට හැකිවීම. මේ වසරේ ජනවාරි මස 13 දින ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරමින් දමිළ,තෙලඟු සහ හිංදි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කල Master සිනමාපටය මේ වසරේම පෙබරවාරි මස 12 දින ඩිජිටල් මාධ්‍යයන් හරහා නිකුත් කිරීමට සූදානම්ව තිබුනා. එහෙත් Master 2021 කිසිවකු නොසිතුවිරු ලෙසින් තිරගත කිරීම ආරම්භකර දින 16 ක් සම්පූර්ණ වීමේදි ඩිජිටල් මාධ්‍ය වෙත නිකුත් කිරීමට සුදානම් බව සමාජ ජාලා මාධ්‍යන් ඔස්සේ නිල වශයෙන් දැනුම් දුන්නා. කඩිමුඩියේම සිංහල උපසිරැසිය නිර්මාණය කිරීමට යම් යම් අපහසුතා පැන නැගුන නිසා බයිස්කෝප් සිංහලෙන් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාවත් හවුල් කරගෙන සිංහල උපසිරැසිය නිර්මාණය කරන්නට යෙදුනා එසේනම් චිත්‍රපටය හා අනෙකුත් තොරතුරු කෙසේදැයි කියා විමසා බලමු.

ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්වය නිසා ලෝකයේ බොහොමයක් සිනමාශාලා දිර්ඝ කාලයක් පුරාවට වසා තැබීමට සිදුවුනා. ඒ කෙසේ නමුදු මේ වර්ෂයේ ජනවාරි මාසයේ ලොවපුරා දමිළ ජනතාව සමරන්නාවු තෛයිපොංගල් උත්සවයට අමතරව දමිළ සිනමා කර්මාන්තයට සුවීශේෂි දිනයක් උන ඒ 2020 අප්‍රේල් මස 09 වන දින තිරගත කරන්නට යෙදුනු මේ චිත්‍රපටය දමිළ සිනමාව තුල දැවැන්ත පෙරලියක් සිදුකරයි යන්න ප්‍රෙක්ෂකයින් සහ සිනමා විචාරකයින් ඇතුලු දමිළ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලූම දෙනාම පාහේ අතිමහත් බලාපොරොත්තු තබාගනිමින් ඉතා විශ්වාසදායි අනාවැකි පල කලා. ඒ දමිළ සිනමාවේ පතාක යෝධයින් දෙදෙනකු පළමු වරට එකම තිරයක් මතට ගෙන එන්නාවූ චිත්‍රපටයක් උන මාස්ටර් 2020 සිනමාපටය 2021 ජනවාරි මස 13 වන දින Master 2021 ලෙසට වසා තිබු සිනමාශාලා බොහෝමයක් යලි විවෘත කරමින් තිරගත කිරීම ආරම්භ කිරිමෙනුයි. ඇත්තෙන්ම Master චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂක නළු,නිලියන් ඇතුලු සියලුූම දෙනා දැඩි අවදානමකිනුයි Master සිනමාපටය තිරගත කිරීම ආරම්භ කලේ ඔවුනට චිත්‍රපටය තිරගත කිරීමේදි අභියෝගයන් රැසකට මුහුණදීමට සිදුවුනා සෞඛ්‍ය ආරක්ෂක නීතීන් වලට අනූකූලව සහ යටත්ව සිනමාහල් තුල චිත්‍රපටයන් ප්‍රදර්ශණය කල යුතුව තිබු අතර ශ්‍රීලංකාවේ සිනමාහල් තුල එක් දර්ශන වාරයක් තුලදි 25% ක ප්‍රතිශතයක ආසන ධාරිතාවයකට යටත්ව සිනමාපටයන් ප්‍රදර්ශණය කිරීමට අවසර ලබාදී තිබුණා. ඒ කෙසේ නමුදු සංචරණය දැඩි අවදාම්ව තිබු මේ කාලයේ අපද ඒ අවදානම ගැන නොතකා 2021 ජනවාරි මස 14 වන දින රාත්‍රී දර්ශන වාරය දැඩි ප්‍රයන්තයකින් පසු අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගෙන නැරඹුවා. එහි අතුරුඵලයක් ලෙසින් සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් වෙතින් මෙසේ ඔබට Master 2021 දමිළ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි පිරිමනමනවා.

ඉහත සඳහන් කල ආකාරයට සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් Master 2021 දමිළ සිනමාපටය ආදායම තුලින් මෙන්ම ප්‍රේක්ෂක සහ විචාරක අදහස් වලින් පවා තිරගත කර දින කිහිපයක් තුලදි ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුනා. ඒ සාර්ථක්වයට තුඩුදුන් හේතුන් චිත්‍රපටය නරඹාම දැකබලා ගන්නා ලෙසත් මා ඔබට ආරාධනා කර සිටිනවා.

පලමු පැය 24 තුලදි කෝටි 25 ක වාර්තාගත ආදායමක් තබමින් දින හතක් යන්නට පෙර ඉන්දියානු රුපියල් කෝටි 200 ක් හිමිකරගන්නට සමත්වුනා. මෙවැනි වාතාවරණයක් තුලදි එවැනි ආදායමක් ලැබීම සුවිශේෂි වන අතර මෙහි ටීසරය Youtube වෙතින් නිකුත් කර පැය 24 ටත් අඩු කාලයක් තුලදි මිලියන 20 ක් නරඹා ඇති බවට ගණනය වී තිබුණා. එම අගය දෙවැනිවූයේ KGF 2 සිනමාපටයේ ටීසරය සඳහා පමණයි.

Master 2021 චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ නවක දමිළ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ Lokesh Kanagaraj විසින් වන අතර මෙය ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද තුන්වන චිත්‍රපටය වේ. Lokesh Kanagaraj වැනි නවක අධ්‍යක්ෂකවරයෙකුට දමිළ සිනමාවේ දැවැන්තයකු වන Vijay ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සිනමා ක්ෂේත්‍රයේ මෙන්ම විචාරක සහ ප්‍රෙක්ෂකයින් පවා මවිතයකට පත්ව තිබුණා. ඒ සඳහා පිළිතුරු ලෙස Lokesh Kanagaraj විසින් Twitter හි සටහන් කර තිබුනේ මෙලෙසින් !!

මා Kaithi 2019 චිත්‍රපටයේ රූගත කිරීම් වල යෙදි සිටියදි ජනප්‍රිය නළු Vijay සර් නවක අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා නිර්මාණ කතාවන් පිළිබඳව අවධානය යොමුකරන බව දැනගන්නට ලැබුනා. එම ආරංචිය ලැබුන අවස්ථාවේදි මා හට ක්ෂනිකව යාමට නොහැකිවුනා නමුත් මම Vijay සර්ගේ කලමණාකරු වන Jagadish හට දුරකථන ඇමතුමක් දී මාහටද කතාවක් විස්තර කිරීමට අවස්ථාවක් ඇත්දැයි විමසා සිටියා. එවිට ඔහු මට දින දෙකකින් පැමිණෙන ලෙස පවසා සිටියා.ඒ අවස්ථාවේ මට කරන්නට තිබුනේ එක දෙයක් විතරයි. මගේ කතාව විස්තර කිරිමට Vijay සර් කැමතිවුනොත් මටත් සතුටු වෙන්න පුලුවන්. යම් හෙයකින් Vijay සර් අකමැතිවුනොත් ඔහු සමඟින් ඡායාරූපයකට පෙනි සිට මතකයක් ලෙස එයත් රැගෙන ආපසු පැමිණිමයි. පැය භාගයක් ඇතුලත මගේ කතාව මම Vijay සර් ට විස්තර කරා අවසානයේ ඔහු මට දින දෙකක් දෙන ලෙස පැවසුවා. ඉන් අනතුරුව මා නැවතත් Kaithi 2019 චිත්‍රපටයේ රෑගත කිරීම් සඳහා පැමිණියා. පසුදින සවස Vijay සර්ගේ කලමණාකරු Jagadish දුරකථනයෙන් මා අමතා Thalapathy 64 චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔබ යැයි පවසා සිටියා.මට එය අදහාගන්නටත් නොහැකිවුනා.එම අවස්ථාවේදි Kaithi 2019 චිත්‍රපටයවත් තිරගත වෙලා තිබුනේ නෑ මගේ එකම හැඳුනුම උනේ Maanagaram 2017 චිත්‍රපටිය විතරයි.අවසානයේ Kaithi චිත්‍රපටයෙන් පසු Master හි වැඩ පටන්ගන්නට තීරණය කලා අපට වැඩි කාලයක් තිබුනෙත් නෑ. Vijay සර් කතාව නිර්මාණයේදි මට උපරිම නිදහස දුන්නා. Vijay සර්ට අලුත් දෙයක් කිරීමට අවශ්‍යව තිබුණා Master 2021 කියන්නේ 50% Vijay සර්ගේ 50% මගේ චිත්‍රපටියක් ඔහු කිසිම අකාරයකින් චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් වෙනස් කලයුතු බව කියමින් කිසිදු ආකාරයක මැදිහත් වීමක් උනේ නෑ.Master සිනමාපටය තුලත් Vijay සර්ගේ චිත්‍රපටි වල තිබෙන දේවල් අඩංඟු වෙනවා නමුත් ඇතැම් දේවල් අප විසින් මඟහැර නිර්මාණ කටයුතු සිදුකරා, ඊලඟ අභියෝගය උනේ වීර චරිතය හා සමාන දුෂ්ඨ චරිතය රඟපෑමට නළුවකු තෝරාගැනීමයි එවිට Vijay Sethupathi ගේ නම යෝජනාවුනා. චිත්‍රපටයේ වැඩ කටයුතු කරනා අතරතුර දවසක් Vijay සර් මට කිව්වා ඔබ නිතරම අධ්‍යෂකවරයා ලෙස අපට කරදර කරනවා ඔබත් මෙහි දර්ශනයක රඟපෑවොත් නරකද කියලා. එවිට මම ඔහුට පැවසුවේ මම රඟපාන්නේ ඔබ අධ්‍යක්ෂනය කරන දර්ශනයක්ම පමණයි කියායි. කෙසේ හෝ Vijay සර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Master චිත්‍රපටයේ දර්ශනයක මම සිටිනවා. හදිසියේම ඇතිවු වාතාවරණය නිසා අපට අප්‍රේල් මස 09 වෙනිදා චිත්‍රපටය තිරගත කිරීමට නොහැකිවුනා. නමුත් Vijay සර් නිතර නිතර පැවසුවේ කිසිදු අයුරකින් දුක් නොවන ලෙසත් කවදා තිරගත කලත් අපේ චිත්‍රපටය සාර්ථක වෙන බවත්ය.

Master චිත්‍රපටයේ කතාව අධ්‍යක්ෂණය Lokesh Kanagaraj විසින් සිදුකර ඇති අතර සංගීත අධ්‍යක්ෂණය Anirudh Ravichander විසින් සිදුකර ඇත. තිර රචනය සඳහා දායක වී ඇත්තේ Pon Parthiban, R. M. Rathna Kumar දෙදෙනා විසින්ය. මෙහි ඇති Kutty Story ගීතය ගායනා කර ඇත්තේ Vijay විසින්මය. අනෙකුත් ප්‍රධාන චරිත Vijay Sethupathi සහ Malavika Mohanan යන නළු නිලියන් රඟදක්වන අතර Vijay Sethupathi මෙහි ප්‍රතිවීර චරිතය රඟදක්වනවා.

Master චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය රඟදක්වන Vijay Sethupathi ගැන යමක් සඳහන් නොකලහොත් ඇත්තෙන්ම මේ ලිපියේද එය ලොකු අඩුපාඩුවක් වන බව නිසැකයි. හැමදාම එකම රාමුවකට කොටු නොවි විවිධත්වයම මුල් කරගෙන නිරතුරුවම පරික්ෂණ මට්ටමේ සිටිමින් තමන් තෝරාගන්නා ඕනෑම ආකාරයේ චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරමින් තමන් තෝරාගන්නා ඕනෑම චරිතයක් කිසිදු අපහසුතාවයකින් තොරව රඟදක්වන දමිළ සිනමාවේ සිටින ඉතාමත් දක්ෂ අසහාය රංගධරයකු ලෙස අපට Vijay Sethupathi ව හඳුන්වන්නට පුලුවන් Master 2021 සිනමාපටය ඔහුගේම චිත්‍රපටයක් නොවුනත් ඔහු ප්‍රතීවීර චරිතය රඟදැක්වුවා උනත් ඔහුගේ රංඟන හැකියාව තවත් පියවරයන් කිහිපයක් ඉදිරියට තබමින් සමස්ථ ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ පවා තව තවත් නව මං පෙත් විවර කරගනිමින් තම හැකියාවන් ඔපමට්ටම් කරමින් යන නළුවකු ලෙසද Vijay Sethupathi ව හඳුන්වන්නට පුලුවන් !

Master චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහෙමත් නැතිනම් වීර චරිතය හොබවනා Vijay ගැන මා මෙහිදි විශේෂයෙන් සඳහන් නොකරන්නට හේතුව නම්, මට හැඟෙනා ආකාරයට Master 2021 චිත්‍රපටය තලපති Vijay ගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂයක් බඳු නිර්මාණයක් වන බව නොඅනුමානයි. එසේ නම් ඉතාමත් ධනාත්මක මෙන්ම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මැද තිරගතවුන Master 2021 සිනමාපටය සඳහා විචරක වෙබ් අඩවි වලින් ලැබුනු ප්‍රතිචාරයන් පහතින් දක්වනවා.

අවසාන වශයෙන් Master 2021 සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් හි ප්‍රධාන ඇඩ්මින්වරයකු වන හසන්ත වික්‍රමරත්ත සොයුරාට විශේෂ ස්තුතිය පුදකරමින් තවත් ඇඩ්මින්වරයකු වන එල්.සී. දමැල් සොයුරාටද ස්තුතිය පිරිනමන අතරම මෙවන් හදිසි අවස්ථාවේදි සිංහල උපසිරැසිය නිර්මාණය කිරීමට සහය දුන් බයිස්කෝප් සිංහලෙන් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටද ස්තුතිය පුදකරමින් සහෝදර උපසිරැසිකරුවකු වන සඳුන් ධනුෂ්කවත් මතක් කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

ප.ලි.

පැය 2යි විනාඩි 50ක ධාවන කාලයෙන් යුත් සහ පැය 2යි විනාඩි 57ක ධාවන කාලයෙන් යුත් HDRip පිටපත් සඳහාද උපසිරස ලබා දී ඇත.

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි 4K-UHD / WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.

123,858 downloadsDownload Master-2021.zip217 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

123,858 downloadsDownload Subtitles217 KB

140 comments

  1. Vidura Adikari

    ජය වේවා !

    1. Anonymous

      balu wada hode 3 parak download kara wada na

  2. ඩොක් අයියා

    ඔන්න එහෙනම් මමත් බාගත්තා මල්ලියෝ

    1. Kavinda

      Kavuda bn dock aiya

    2. Kavinda

      Supiri Movie ekak sub ekata tnx

  3. yohan

    ehenan jaya!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඒවගේ ම සුභම සුභ උපන්දිනයක් වේවා
    ජය

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි සහෝ

  6. Ashan

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ ...නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා සහෝදරයා ජය වේවා

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      ---wish you Happy Birthday---!

  8. Sameera

    Sub 1 set wenne na..neh..mn gatte tamilmv 4.2gb 1080p copiya..eekata set wennnena..puliwnnm eekata set wena 1th hadala danawda..

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      හදලා තියෙන්නේ!

  9. Sameera

    Machanla..Tamil (Original version) runtime 2.57.34..
    Eekata set wena 1th hadala dapanko bn....

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      හදලා තියෙන්නේ!

    2. Rajitha Pulasthi

      bro 2.57 link 1a mkkda ??

    3. Sameera

      Thanks machan...

  10. Anonymous

    සුභ උපන්දිනයක් වේවා සහෝදරයා...එනකම් හිටිය ෆිල්ම් 1 බොහොම ස්තූතියි සබ් එකට

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

  11. Ishara janith

    බොහොම ස්තූතියි සබ් එකට

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. govindu

    happy birthday patta

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

  14. විශ්ව ජයසංඛ

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ. පුලුවන්නම් WEBDL එකටත් සබ් එක හදන්න පුලුවන්ද?

  15. Shaggy

    Happy Birth Day Brother..Thank you very much to the sub

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

  16. නිර්මාල් විමුක්ති

    සුබ උපන්දිනයක් වේවා අයියේ.....
    ඔබටත් චාමික සොයුරාටත් බොහොම ස්තූතියි.......

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

  17. Anonymous

    Thanks for the sub..

    Happy Birthday...!! Bro

  18. arusha

    patta harida math join wenna barida biscop ekata

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      අනිවාර්යෙන්ම පුලුවන් [email protected] එකට ඊමේල් එකක් දාන්න නැත්තන් facebook.com/mtrtrperera මාව සම්බන්ධ කරගන්න.

  19. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  20. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ...maara ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුලුවන්නම්.

  21. PCVENOM

    sub ekata sthuthi

    uncensored / original sub eka set wenna sub eka puluwannam hadanna

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      හදලා තියෙන්නේ!

  22. Pramod

    තෑන්ක්ස් මචං සබ් එකට. Happy birthday bro.
    ජය වේවා දිගටම යමු.

  23. විමා

    සබ් එකට දෙන්නටම ස්තුතියි.
    සුභ උපන්දිනයක් MTR, මචං. ❤️

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

  24. යුරාන් ධනුක (දනුවා)

    සුභ උපන්දිනයක් වේවා තරිඳු අයියේ !!!
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    ඒ වගේම උපසිරසියට දෙන්නටම බොහෝම ස්තූතියි !
    ජය වේවා !!!

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි!

    2. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහොම ස්තුතියි මල්ලි!

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  26. Prabodha20

    Suba upandinak wewa sahoo...

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      Thanks

  27. තාරක නුවන් දිල්හාර

    සුභ උපන්දිනයක් අයියේ..
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!
    ස්තූතියි උපසිරසියටත්
    ජය!!!

  28. sulakshana

    movie eka downlord karanna link ekak dennako

    1. yohan

      baiscopedownloads.co site eken ganna

  29. Pasindu Madumal

    අම්බෝ..! බ්‍රේකින් නිව්ස් වගේ ❤️
    සුබම සුබ උපන්දිනයක් තරිදු අයියේ
    සබට තුති අහ් ❤️

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහෝම ස්තුතියි මල්ලි

  30. Naveen Ranasinghe

    ඊයේ රෑ තමයි ෆිල්ම් එක බෑවේ. ඊයේ රෑ බලනකොට සබ් තිබ්බේ නැති නිසා හිත හදාගෙන ඉංග්‍රීසි සබ් එකෙන් ෆිලුම බලනවා කියල නිදා ගත්තා. අද උදේ බලනකොට සබ් දාලා. බොහොම ස්තූතියි සහෝදරයා. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!

    1. sulakshana

      mokakda link eka

    2. yohan

      baiscopedownloads.co site eken ganna

  31. නිමේෂ් කාවින්ද සිල්වා .

    උපසිරැසිය ලබා දීම සදහා දායක වුණු සහෝදරයෝ දෙදෙනාටම මම මගේ කෘතඥ පූර්වක ස්තූතිය පුද කරනවා . ඒ වගේම තරිදු සහෝට සුභ උපන්දිනයක් වේවා !

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      Thanks මල්ලි

  32. tharidu16

    thanks

  33. Anonymous

    එල වැඩක්
    ඔහොම්ම Eeswaran එකටත් sub දෙමු
    ජය වේවා

  34. Chathumina

    Thanks for the sub

  35. මයුර

    බොහොම ස්තූතියි අයියේ. කඩඉම ගහයි කියලා හිතුවේ නම්.
    ඒ වගේම සුබ උපන්දිනෙකුත් වේවා

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      බොහෝම ස්තුතියි මයුර මල්ලි

    2. Anonymous

      Kalekin vijay film ekak
      ekak

  36. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි .....

  37. Kavindu12345desilva

    Ptta ayye thanks
    Jaya wewa

  38. DILSHANMASS

    supppppppa######## elamaaaa

  39. Sithija

    Thnx Aiyee , Enkn Bln hitiye

    1. Inushan amarasinhe

      Inushan amarasinha 12345

  40. Duminda

    thanks bro

  41. Pasan

    බොහොම ස්තූතියි සහෝ....

  42. -චානක ඉඳුනිල්-

    සුභ උපන් දිනයක් අයියේ!
    උපසිරැසිය ඉක්මනින්ම ගෙනාවට ස්තූතීයි!

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      Thank you so much මල්ලි.

  43. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  44. Chathuka

    Thanks ah video eka apu gaman sinhala subtitle denawata

  45. Anonymous

    සුභ උපන්දිනයක් අයියේ.ගොඩක් ස්තූතියි sub එකට

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      Thanks මල්ලි

  46. සුපුන් ප්‍රමෝද්

    උපසිරසියට ගොඩාක් තුති

  47. Kasun

    Thank you. Superb!

  48. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... and happy birth day machan.... wish you a bright futer...

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      Thank you

  49. Shihan

    Tnx bro

  50. Anonymous

    Thanks

    1. Anuhas

      Happy pongal master nanba

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.