Watch Trailer

Kalidas (2019) Sinhala Subtitles | අභිරහස් සියදිවි නසා ගැනීම් වල සුල මුල [සිංහල උපසිරැසි සමග]

ඔයා එක්ක ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒත් ඔයා නැතිව මට ඉන්න බැහැ. කෲර දේවල් සිද්ධ වෙන්නෙ රාත්‍රියෙ කියලා කියනවා. ඇත්තටම කෲර දේවල් රාත්‍රියෙද සිද්ධ වෙන්නෙ? සියදිවි නසාගැනීම් තුනක්. පවුල් ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක්. හැබැයි ඒක රහසක්. ඒත් මේ සිද්ධි එක දිගට සිද්ධ වෙනකොට සැකයක් මතුවෙ…

ඔයා එක්ක ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒත් ඔයා නැතිව මට ඉන්න බැහැ.

කෲර දේවල් සිද්ධ වෙන්නෙ රාත්‍රියෙ කියලා කියනවා. ඇත්තටම කෲර දේවල් රාත්‍රියෙද සිද්ධ වෙන්නෙ? සියදිවි නසාගැනීම් තුනක්. පවුල් ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක්. හැබැයි ඒක රහසක්. ඒත් මේ සිද්ධි එක දිගට සිද්ධ වෙනකොට සැකයක් මතුවෙනවා සහතිකයි. ඔවුන් කුමන චරිතයක් වුවත් එය අපරාධයක්. හදිසියේම මේක මිනීමැරුමක් කියලත් සැකයක් එන්න ඉඩ තියනවා. දිනෙන් දින අපරාධ නව මුහුණුවරයන් ගෙන්ද, අපරාධ ලෝකයට නව මුහුණුවර ද ඇතුලු වනවා. පොලිසිය සිටින්නේ මෙම දේවල් විමර්ශනය කිරීම සඳහා බව ඇත්ත තමයි. ඒත් ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු. මිනීමරුවෙක් හසුකර ගන්නට ඔවුන්‍ට වෙහෙස නොබලා රාජකාරි කරන්නට සිදු වෙනවා. නමුත් තමන්ගේ නිවසේ මොහොතක් රැඳී සිට ආදරණීයන් සමඟ ගත කරන කාලය කැප කරන්න සිදු වෙනවා. එයද ඔවුන්ගේ ආදරණීයන්ගේ ලැබීම. ලෙඩක් දුකක් වූ වේලාවක ඔවුන් ලඟින් ඉඳින්නෙ වෙන කවුරුන්ද?

කාලිදාස්, පොලිස් පරීක්ෂක වරයෙක්. ඔහු විමර්ශන කටයුතු පවත්වාගෙන යමින් සිටින්නේ කාන්තාවන් තිදෙනෙකු සිය දිවි නසා ගැනීමක් පිළිබඳව. නමුත් එය මිනීමැරුමක් ද යන සැකයක් රඳා පවතියි. කෙසේ වෙතත් තත්වය බරපතළ අතට හැරෙද්දි, සහකාර කොමසාරිස් ජෝර්ජ් යටතට විමර්ශන කටයුතු භාර ගනු ලබනවා. අඩි පනහක් තරම් උසකින් ගැහැනියක් පැනීම පුදුම සහගතයි. එය මිනීමැරුමක් බව වඩා සැකයක් මතුවෙයි. “රාහු කාලයේ පූජාව” මේවාට මුල්තැනද?

2019 දෙසැම්බර් 13 තිරගත කිරීම ආරම්භ වූ මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක හා විචාරක පැසසුමට ලක් වූවා. IMDB අගය 7.2/10ක් ලෙස ලබාගෙන තිබෙනවා. Crime Thriller කාණ්ඩයට අයත් මෙය Sri Senthil විසින් අධ්‍යක්ෂණය කර ඇත. Boys (2013) ශංකර්ගේ චිත්‍රපටයෙන් විශිෂ්ට රංගනයක නිරත වෙමින් සිනමා ලොවට පිවිසි භරත් මෙහි කාලිදාස් නම් පොලිස් පරීක්ෂක ලෙස හමුවනවා. ඒ වගේම Solo, Thaana Serndha Koottam, Junga හි මෑත කාලයේ විශිෂ්ට රංගනයක නිරත වූ Suresh Menon සහකාර කොමසාරිස් ලෙසත් රංගනයෙන් දායක වනවා.

ත්‍රාසය, භීතිය, කුතුහලයක් ලබා දෙන මෙය අවසානය දක්වා පැහැදිලි ලෙස නිර්මාණය කර තිබෙනවා. මන්ද සමාජයේ උද්ගත වන ප්‍රශ්න සාකච්ඡාවට ගැනීමටත් අපූරු ආකාරයට මෙය මාර්ගයක් කරගෙන තිබෙනවා. කෙනෙකුට තනිව ජීවත් වීමේදී සැලකිය යුතු කරුණු ගැන හොඳ විමසීමක් මේ මඟින් ලබා ගත හැකියි.

Irandam Ulagaporin Kadaisi Gundu (2019) මගේ මීට කලින් සබ් එක. කියන්නත් අමතක වුණා ඒ සබ් එක වගේම මේකත් මට කරන්න කියලා භාර දුන්නෙ සිසිල අයියා. බොහොම ස්තූතියි! සිසිල අයියා! ඒ වගේම සුභ පතපු හැමෝටම, ස්තූතියි! දැන් උපසිරැසි වල ගැටලුවක් නැහැ කියලා හිතනවා. තියෙනවා නම් පහළින් Comment එකක් දාන්න. ඉස්සර කරපු සබ් පෙනුනෙ නැහැ. දැන් ඒ ප්‍රශ්නේ විසඳුමක් කරගෙන තියෙන්නෙ. ඒ වගේම තාමත් සබ් ගහන්නේ Phone එකෙන් තමයි. හැමෝටම බුදු සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,438 downloadsDownload Kalidas-2019.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

12,438 downloadsDownload Subtitles50 KB

30 comments

  1. tharindukavinda626

    thanks brooo

  2. Isuru minipa

    Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri film ekak

  3. Kasun95

    thanks Sahoo

  4. සිනෙත් ගමාච්චිගේ

    Tamilrockers block wela, link ekak denn pls

  5. StudioC

    kavuruhari torrent link eka denna puluwanda ?

  6. Roshan Laksiri

    thanks bro

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Ravin Laksitha

    සිංහල උපසිරසියට ස්තුතියි

  9. indika75

    thanks..

  10. Milind@

    Thanks saho

  11. nish47

    ස්තූතියි සහෝ

  12. Ashen Weerasinghe

    Thank you bro

  13. Amaya_maduhansi

    Chennai to Bangkok kiyana yogi babu inna film ake hoda copyak thiyenawa dala akata sub aka denna

  14. Asitha.pramoth

    ස්තූතියි

  15. kodagoda

    tnx sahoo sub ekta

  16. Ayesh Prashan

    Thank You

    1. GaYan 797

      Thanks mchn

  17. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  18. Ravisara Dharmapala

    Ado mn kalakin balapu supirilma film ekk kinda wacahna ne hithgnda be anthima wenkm hithuwema nty seen ekk une anthimta..mgenm adahasa meeta wada ratings enda oni digtama sub eka deegena me wagr films gendaa gd lc brother..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. madawa dill

    me film eka dounload link ekak ewanna puluwanda bro??

  21. sarangaw

    උපසිරැසි නිර්මාණය කර දීම ගැන බොහෝම ස්තුති වෙනවා !

    -සාරංග-

  22. Saranga J. Liyanagama

    Thanks

  23. gayanmagee

    thanks

  24. Mayura

    බලලත් ආයේ ඇවිල්ලා ලොග් වෙලා කමෙන්ට් එකක් දාලා යන්න තරම් මේ ෆිල්ම් එකෙන් ප්‍රබල දෙයක් දුන්නා. දසමෙක බලාපොරොත්තුවක් නැතුව බලන්න ගත්තේ, තමිල් බහුතර ත්‍රිලර් ගැන දන්න නිසා. ඒත් කතාව, කියලා වැඩක් නෑ. හම්මේ!!!
    මට නම් රට්සාසන් එකටත් වඩා මේක අල්ලලා ගියා. අවසන් විනාඩි කීපය වෙනකම්ම ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ.
    කාලෙකින් අහපු හොඳම ඇල්බම් එකකුත් එක්කලා. නියමම සින්දු ටිකත්. නිකමට වගේ නොබලපු අය ඉන්නවා නම් බලන්න ට්‍රයි එකක් දෙන්න.

    සබට ගොඩක්ම තුති බන්. ජයම වේවා!

    1. Hashan Madusanka

      මචං මට පොඩ්ඩක් කියාපන් කෝ kalidas ට මොකද වෙන්නේ අන්තිමේ?.. කව්ද pappu කියන්නේ? අන්තිම ටික තේරෙන්නේ නෑ නේ බං plzzz

  25. Kanchaka

    Thanks bro

  26. Anonymous

    machan wade patta puluwan na youtube unlimited thiyana ayata movise balanna puluwan karamayak balanna

  27. Anonymous

    Thanks

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!