2020 සුභ නව වසරක් වේවා! කියලා, මේ අවුරුද්දේ 8 වැනි දවසේ හා හා පුරා කියලා තවත් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම කතාවට යමු! දිනක් සවස් වරුවේ මාමල්ලාපුරම් මුහුදු වෙරළෙහි විනෝද සුවයෙන් ගතකළ විදේශික දැරියක් යම් දෙයක පය පැටලී ඇද වැටෙනවා. ඈ පසු පසින් පැමිණි ඇගේ මව එම අමුතු දෙය ගැන පොලිසිය හට දන්වනවා. මේක ප්‍රම…

2020 සුභ නව වසරක් වේවා! කියලා, මේ අවුරුද්දේ 8 වැනි දවසේ හා හා පුරා කියලා තවත් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම කතාවට යමු!
දිනක් සවස් වරුවේ මාමල්ලාපුරම් මුහුදු වෙරළෙහි විනෝද සුවයෙන් ගතකළ විදේශික දැරියක් යම් දෙයක පය පැටලී ඇද වැටෙනවා. ඈ පසු පසින් පැමිණි ඇගේ මව එම අමුතු දෙය ගැන පොලිසිය හට දන්වනවා. මේක ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ඒ ගැන පොලිසිය විමර්ශනය කර එය තමන් භාරයට ගනු ලබනවා. වැඩි සැලකිල්ලක් නොදක්වා ඒ භාණ්ඩය පොලිස් ස්ථානයේ එලියෙන් තබනවා. එළි වන විට එය අතුරුදන් වනවා.
එක් නිලධාරියෙකු පමණක් එය බෝම්බයක් බව හඳුනා ගත්තද, අන් නිලධාරීන් තමා බේරීම සඳහා එය බෝම්බයක් බව වසන් කරනවා. නැතිවුණු බෝම්බය සෙවීමට පොලිස් විමර්ශන දියත් කරනවා. මේ අතරේ තවත් පිරිසක් බෝම්බය හොයාගෙන යනවා. ඉහල නිලධාරීන්ගේද මේ ගැන අවධානය යොමු වෙනවා. ඔය අතරේ පිපිරීමක් සිදු වනවා.
මේ සිද්ධිය වන ප්‍රදේශයේ වෙරළට මෙම ආකාරයේ බෝම්බ නිතර ගසාගෙන එනවා. දෙවන ලෝක යුද්ධ සමයෙ බෝම්බ තමයි මෙහෙම වෙරළට ගසාගෙන එන්නෙ. ඉන්දියාවේ දුප්පත් නූගත් මිනිසුන් මේක බෝම්බයක් කියලාවත් දන්නෙ නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට බෝම්බයක් හම්බවුණාම මොන වගේ විනාශයක් සිදු වේවිද? මේ බෝම්බයේ කතාව ටිකක් දුරට යනවා. මේ බෝම්බය පිපුරුවොත් නගරයක් සම්පූර්ණයෙන් සුන් බුන් වෙලා යයි. කොහොම වුණත් බෝම්බයක් එක්ක ගතකරන මිනිස්සුන්ගේ කතාවයි මේ.
Imdb අගය 8.1/10 ගනු ලබන මෙම චිත්‍රපටය Athiyan Athirai කියන අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ අතර, P.A. Ranjith ඔව්! Kabali (2016) අධ්‍යක්ෂණය කරමින් ලෝකප්‍රකට වූ අධ්‍යක්ෂවරයා විසින් මෙය නිෂ්පාදනය කරනු ලබනවා. කබාලි චිත්‍රපටයේදී අපට හමු වූ නළු නිළියන් පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වෙනවා. පා. රන්ජිත් විසින් අධ්‍යක්ෂණය කළ Attakathi (2012) චිත්‍රපටයෙන් වඩා ප්‍රසිද්ධියට දිනේෂ් මෙහි මුල් චරිතය වෙයි. මීට අමතරව ආනන්දි, රීත්විකා, මුනිෂ්කාන්ත්, ජෝන් විජේ, රමේෂ් තිලක්, ජී. මාරිමුතු රංගනයෙන් දායක වෙනවා. මෙය ප්‍රේක්ෂක හා විචාරක පැසසුම්ද, විවේචනද ලැබූවා.
බෝම්බයක් පාදක කර ගනිමින්, මිනිසුන්ගේ තවත් අඳුරු පැතිකඩක් පෙන්වීමට මෙහි කතාංගය උත්සාහ කර තිබෙනවා. සාම්ප්‍රදායික දමිළ චිත්‍රපට ක්‍රමයෙන් ඔබ්බට ගොසින් ලෝකයට යම් අදහසක් දීමට දරන උතසහයක් ලෙස මෙය පෙන්වන්න පුළුවන්. රස වින්දනයට කිසිම බාධාවක් නැතිව අවසානය තෙක් බැලිය හැකි චිත්‍රපටියක්. හාසය, කුතුහලය, බිය, සොම්නස මතු කෙරෙන මෙය පෑ දෙකකට ආසන්න කාලයක් පුරා රසවත් කතන්දරයක් කියා පානවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,535 downloadsDownload Irandam-Ulagaporin-Kadaisi-Gundu-2019.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
14 comments
Kantha_DLA
gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
indika75
thanks..
Nivom
thanksssssssssss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabodha Madhusankha Hettiarachchi
Obat godak sthuthi ...
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතිය
Milinda
shanuka19976
ko film eka redda dnwanm dekm ekt dapn bdown web site eka maha kalakanni ekak nodakin thopi
duminda0991
nikam hambena sub ekata waraddk wuna gamn binawanm salli dila cd ekak ganin
nish47
ස්තූතියි සහෝ
duminda0991
supiri machan
hiruni
Thanks sub ekata.jaya wewa
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!