Watch Trailer

Kalki (2019) Sinhala Subtitle | නපුර විනාශ කරන අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නපුර විනාශ කරන අවතාරයක්ද…. කුණාටුවක්වගේ ඇවිදින්…. සිත සනසන මඳ සුළඟක් වගේ ඇඳී ගිය…. ඔහු අවතාරයක්ද…. සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ දෙවෙනි වෙනි උපසිරැසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. Kalki සිනමා නිර්මාණය 2…

ඔහු නපුර විනාශ කරන අවතාරයක්ද….

කුණාටුවක්වගේ ඇවිදින්….

සිත සනසන මඳ සුළඟක් වගේ ඇඳී ගිය….

ඔහු අවතාරයක්ද….

සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ දෙවෙනි වෙනි උපසිරැසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. Kalki සිනමා නිර්මාණය 2019 අගෝස්තු 08 වන දින තමයි සිනමා රසිකයින් වෙනුවෙන් තිරගත උනේ. Crime/ Thriller යන කාණ්ඩ යටතේ තමා මේ සිනමා නිර්මාණය වර්ග කරලා තියෙන්නේ. මෙය 4.6/10 ක IMDb අගයක් සහ 80% ක ගූගල් පරිශිලික අගයක් සහ 4.8/5 ක ෆේස්බුක් පරිශිලික අගයක් හිමි උන නිර්මාණයක්.

මේ නිර්මාණය Praveen Prabharam කියන නවක අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඔහු මීට පෙර Second Show (2012) හා Theevandi (2018) යන සිනමා නිර්මාණ වල සහය අධ්‍යක්ෂකවරයෙක් කටයුතු කරලා තියෙනවා. Sujin Sujathan සමඟ Praveen Prabharam එක්ව තිර රචනා කරන ලද මෙම නිර්මාණය Suvin K. Varkey හා Prasobh Krishna ගේ නිෂ්පාදනයක්. මෙහි Jakes Bejoy සංගීත අධ්‍යක්ෂවරයා වෙනවා.

Tovino Thomas ප්‍රධාන චරිතය නිරුපණය කරපු මේ නිර්මාණයට Shivajith Padmanabhan, Samyuktha Menon , Sudheesh, Saiju Kurup, Harish Uthaman, Vini Vishwa Lal ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ එක් විශේෂත්වයක් වෙන්නේ මේ නිර්මාණය ඇතුලේ ප්‍රධාන කාන්තා චරිත බොහොම සුළු වශයෙන් තමයි යොදාගෙන තියෙන්නේ.

කතාව ගැන සඳහන් කරනවා නම් අන්තර්ජාලයේ සඳහන් විදියට කල්කි කියලා කියන්නේ නපුර විනාශ කරන අවතාරයට. එතකොට මේ කල්කි එන්නේ කොහෙටද? නන්ජන්කොට්ට කියන්නේ කේරල ප්‍රාන්තෙටයි තමිල්නාඩු ප්‍රාන්තෙටයි මායිම් උන ගමක්. මේ ගමේ මලයාලම් හා දෙමළ ජනතාව කිසිම භේදයකින් තොරව ජිවත් උනත් මේ ජීවිත වලට කවුරුත් නොහිතපු ලොකු නස්පැත්තියක් සිද්ධ වෙනවා. මේ ගමෙන් ඒ දෙමළ මිස්සුන්ව පන්නලා DYP පක්ෂයේ ප්‍රධානිය වෙච්ච අමරනාත් ඒ ගම අත්පත් කර හිතු හිතු විදියට කටයුතු කරනවා. නන්ජන්කොට්ටවල අමරනාත් කියන්නේ ලොකුම මැරයා. අමරනාත්ගේ වචනෙට උඩින් කව්රුත් යන්නේ. එහි නීතිය වෙන්නේ අමරනාත්ගේ අණ. එතකොට පොලිසිය. ආ එහෙම එකකුත් තියනවා ඒත් ඒක මිත්‍රශීලි පොලිසියක්. අමරනාත්ගේ මැරයන්ට ඕනේ විදියට පොලිසිය ඉන්න ඕනේ. මැරයන්ගේ වචනෙට උඩින් වැඩ කරන්න බැරි හින්දයි තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න නැති හින්ද නන්ජන්කොට්ටහි පොලිසියේ SI සියදිවි හානි කර ගන්නවා. එතනින් පස්සේ තමයි මේ අවතාරේ ඒ කියන්නේ කල්කිගේ ආගමනය සිද්ධ වෙන්නේ. අවතාරයක් කීවට මේ කඩවසම් හාදයෙක්. එතනින් එහා වෙන්නේ මොනාද කියලා ෆිල්ම් ඒක බලලම දැන ගන්න වෙනවා.

මෙහි තවත් විශේෂත්වයක් වෙන්නේ මිනිත්තු 152 පුරාවටම දිවෙන මේ නිර්මාණය ඇතුලේ එක මොහොතකවත් මේ SI ගේ නම සඳහන් කරන්නේ නෑ. මගේ මේ උපසිරැසි වල අඩුපාඩු ඇති ඒ හැමදේටම සමාව ඉල්ලන ගමන් එක හුස්මට බලල ඉවර කරන්න පුළුවන් මේ සිනමා නිර්මාණය බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා අදාළ වේ.

13,256 downloadsDownload Kalki-2019.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

13,256 downloadsDownload Subtitles53 KB

18 comments

  1. D.Chamara

    bohoma sthuthi sis

  2. Dinesh

    ආව ගමන් බැලුවා ඔන්න

  3. Nilush Angana

    Sub ekata thanx

  4. rangika Kariyawasam

    නියම වැඩක් අක්කේ .මම්මුක්කාගේ ෂර්ලොක් ෆිල්ම් එකටත් සබ ඕනේ. ජයම වේවාාා මලයාලම් වලටම විතරක් සබ් දෙන්න.ජය වේවා.

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි

  7. kaglakshitha

    thanks Sis

  8. Anonymous

    sub eka weda na

  9. Hiru

    sub eka wda na

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ....
    ජය වේවා.!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    sub ekt thanks sis

  13. Kavinu

    ටොවිනෝගෙ ෆිල්ම් අතාරින්න පුලුවන් යැ ඉතින්....
    ස්තූතියි! ඩවුන් වෙන්න දැම්මා එහෙනම්
    ප්‍රිත්විරාජ්ගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එක Ayyappanum Koshiyum (2020) ඇවිල්ලා
    බජට් එක කෝටි 7යි/ දැනට ෆුල් ග්‍රොස් එක කෝටි 33.15යි.
    පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න :)

  14. Anonymous

    Thanks for the sub..

  15. Pradeep

    meke subtitle thiyenne mona font ekenda...?mage KM player eke penne na..ekai

    1. Subhashini88

      KM player eka update karanna. ethakota play wei. font neme unicode thiyenne.

  16. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  17. Anonymous

    Thank you