Watch Trailer

Prati Roju Pandaage (2019) Sinhala Subtitles | හැම දවසක්ම උත්සවයක් වගේ..! [සිංහල උපසිරැසි සමඟ]

“අපිට පොඩි කාලෙ ඇවිදින්න පුරුදු කරපු දෙමව්පියන් එක්ක, එයාලට හරියට ඇවිදගන්න බැරි වෙන කාලෙදි…ඉන්න පුලුවන්නම්… හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි!!!” වර්තමානයේ හැම නගරයකටම හැම ගමකටම වගේ පොදු වූ දෙයක් තමයි වැඩිහිටි නිවාස කියන්නේ. කවුද මේ වැඩිහිටියෝ? මේ ප්‍රශ්නෙට හොදම උත්තරය අපිට කාලයා විසින් අපිට උත්තරයක් නි…

“අපිට පොඩි කාලෙ ඇවිදින්න පුරුදු කරපු දෙමව්පියන් එක්ක,
එයාලට හරියට ඇවිදගන්න බැරි වෙන කාලෙදි…ඉන්න පුලුවන්නම්…
හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි!!!”

වර්තමානයේ හැම නගරයකටම හැම ගමකටම වගේ පොදු වූ දෙයක් තමයි වැඩිහිටි නිවාස කියන්නේ. කවුද මේ වැඩිහිටියෝ? මේ ප්‍රශ්නෙට හොදම උත්තරය අපිට කාලයා විසින් අපිට උත්තරයක් නිසි වයස ආවම පෙන්නලා දේවී. එදාට හැමෝටම තේරේවී කවුද මේ වැඩිහිටියෝ කියන්නේ. මිනිස්සුන්ට තම තමන්ගේ රාජකාරීන්ට මුල් තැන දුන්නම එයාලව මේ ලොකෙට බිහි කරපු මේ ලෝකෙට හුරු කරපු ඒ අම්මා තාත්තාව අමතක කරනව. එයාලා ගැන වැඩි තැකීමක් නෑ. කවද්ද මැරෙන්නේ කියල බලන් ඉන්න තත්ත්වේ අමානුෂික හැඟීම් මේ වර්තමාන මිනිස්සුන්ගේ හිත් වල තියෙන නිසා තමයි, ඒවට සාපේක්ෂව මේ වගේ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. මොන අම්මත් මොන තාත්තත් කැමති නෑ තමන්ගේ දරුවා එයාලා මහළු වියට පැමිණිනුනාම එයාලා ගැන හොයන් නැතුව ඉන්නවට. ඒ කාලෙදී තමයි තම දෙම්පියන්ට දරුවෙකු වශයෙන් ළගින් ඉන්නම ඕනේ වෙලාව. අපිට දෙපයින් නැගිටින්න උදව් කරපු ඔවුන්, ඔවුන්ගේ අත්පා වියැළුණු විටෙක අපේ උදව්වක් හවු හරණක් නොමැති නම් ඒ දරුකමින් ඇති ඵලේ මොකක්ද. සල්ලි වලට මනින්න බැරි ඒ මනුස්සකම අපි කාගේ කාගෙත් හිත් වල තියෙන්නම ඕනේ දෙයක්. ඉතින් චිත්‍රපටයට වැඩි මුල් තැනැක් දෙන්නේ නැතුව මේ වගේ කතාවක් ලියන්න වුණු එකට සමාවෙන්න කියන ගමන්. අද චිත්‍රපටයට මන් එන්නම්.

2019 වර්ශයේ දෙසැම්බර් මස 20 වෙනි දින නිකුත් වූ මෙම චිත්‍රපටය මරුති දසාරි නම් අධ්‍යක්ෂවරයා අතින් අධ්‍යක්ෂණය කෙරුණි. දවස් හතරකින් මුළු ලොව පුරා සිනමාගත වී කෝටී 25ක් දැවැන්ත අගයකට හඹා යන්න මෙම චිත්‍රපටයට හැකි වුණා. සත්‍යරාජ් තමයි මේකේ සීයට රගපාන්නේ. සායි ටේජ් තමයි සායි කියන නමින්ම ප්‍රධාන චරිතේ විදියට රඟපාන්නේ. මෙන්න මේ වගේ කතාවක් තමයි චිත්‍රපටයේ ගළාගෙන යන්නේ. සායිගේ තාත්තා ඉන්නව නේද, එයා එයාගේ පුතාට පණ ඇරලා. පුතාගේ පස්සෙන්මයි. ඒ දෙන්නා වෙන් වෙන්ව කරන කිසිම වැඩක් නෑ. කළොත් කරන්නේ දෙන්නම එකට. කවදාවත් දෙන්නට දෙන්නා දුරස්ව ඉන්නේ නෑ. ඒත් සායිගේ තාත්තාගේ තාත්තා. ඒ කියන්නේ සායිගේ සීයා. එයා තනියම ගමේ ඉන්නේ. එයාගේ පුතාලා තුන් දෙනයි දූයි ඔක්කොම එයාව තනිකරල එයාලගේ රාජකාරි වලයි කසාද ජීවිතෙයි ගත කරනවා. මේ අතරේ සීයට කැන්සර් එකක් එනවා. එයාට වැඩි කාලයක් ජීවත් වෙන්න වෙන්නේ නෑ. මේක සායිට ආරංචි වෙලා සායි තාත්තටත් හොරා සීයාත් එක්ක එයාගේ අන්තිම කාලේ ගෙවාගන්න ගමට එනවා. ඔය අතරේ රාජකාරි වල ගිලිලා ඉන්න දූ දරුවෝ ටික ගෙන්න ගන්න සායි උප්පරවැට්ටියක් යොදලා ඒකත් හරි ගිහින් තව ලස්සන දේවල් ටිකක් වෙනවා. ඒක ටික කියන්න ඕනේ නෑ. බලලම ඉන්නකෝ. සමාවෙන්න ඕනේ මේක කරන්න ගොඩක් කල් ගත්තට. පොඩි අකරතැබ්බයකට මුහුණ පාන්න වුණා.😑

මේක කරන්න මන් කතා කරපු ගමන් වැඩේට සෙට් වුණු කසුන් සහෝදරයටත් බෙහෙවින් ස්තූතියි කියන ගමන්. තවත් ලස්සන චිත්‍රපටයක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

12,112 downloadsDownload Prati-Roju-Pandage-2019.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට සහ කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,112 downloadsDownload Subtitles74 KB

13 comments

  1. rangika Kariyawasam

    සුපිරියක් බෝම තුති.. ජය වෙිවා

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. චානක ඉඳුනිල්

    සුපිරි

  5. D.Chamara

    bohoma sthuthi

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Thariya

    thanks mchan

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sachin maduwantha

    thanks bokka

  10. sachin maduwantha

    thanks bokka

  11. Kanchaka

    Thanks bro

  12. Niharika

    Very intresting

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...
    තව තෙලුගු ටිකක් බස්සමු...
    දිගටම සබ් දෙමු ආ... ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.