Watch Trailer

100% Kadhal (2019) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ කියන ගමන්ම සමාවෙන්න කියල ඉල්ලනවා සබ් එක අරගෙන එන්න පරක්කු වුණාට. කාර්යය බහුලත්වය තමයි ප්‍රධාන හේතුව. ඔන්න මේ වතාවේ අරගෙන ආවේ තෙළුගු සිනමාවේ 2011 වසරේ ජනප්‍රියත්වයට පත්වුණ තවත් ලස්සන ආදර කතාවක නවතම දමිළ නිර්මාණය. 2011 වසරේ තිරගත වුණ Naga Chaitanya Akkineni, Tamannaah Bhatia, චරිත නි…

ආයුබෝවන් යාළුවනේ කියන ගමන්ම සමාවෙන්න කියල ඉල්ලනවා සබ් එක අරගෙන එන්න පරක්කු වුණාට. කාර්යය බහුලත්වය තමයි ප්‍රධාන හේතුව. ඔන්න මේ වතාවේ අරගෙන ආවේ තෙළුගු සිනමාවේ 2011 වසරේ ජනප්‍රියත්වයට පත්වුණ තවත් ලස්සන ආදර කතාවක නවතම දමිළ නිර්මාණය. 2011 වසරේ තිරගත වුණ Naga Chaitanya Akkineni, Tamannaah Bhatia, චරිත නිරූපණය කරපු 100% Love (2011 ) චිත්‍රපටය තමයි මේ විදියට 2019 දී G.V. Prakash Kumar, Shalini Pandey විසින් දමිළ භාෂාවෙන් නැවත නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්නේ. මෙහි තෙලුගු සිනමා පටයට 7 ක IMDb අගයක් හම්බවෙලා තිබුණත් මේ ලිපිය ලියන මොහොත වෙනකොට දමිළ සිනමා පටයට 5ක අගයක් තමයි හම්බවෙලා තියෙන්නෙ. 2019 ඔක්තොම්බර් මාසයේ 04 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 31ක් පුරා දිවෙන මෙය අයත් වන්නේ Comedy, Drama, Romance යන වර්ගීකරණය යටතටයි.

කතාව දෙසට පොඩ්ඩක් හැරුණාම බාලු මහේන්ද්‍රන් කියන්න කොලේජ් එකේ හැමදාම පළමු තැන ගන්න ශිෂ්‍යයෙක්. ඒ නිසාම එයාල අතර දෙවැනියා වෙන කෙනා තමයි අනෙක් අයට සංග්‍රහ කරන්න ඕනෙ කියල නීතියකුත් දාගෙන තියෙනව, මොකද අනිවාර්යයෙන් බාලු පළමු වැනියා වෙනවනෙ. දෙවැනියට තමයි තරගයක් තියෙන්නෙ. බාලුගෙ නැන්දගෙ දුව වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කියල ගමේ ඉදන් බාලුගෙ ගෙදර එක්කගෙන එනවා බාලුගෙ තාත්තා. මහාලක්ෂ්මිත් හරිම කැමැත්තෙන්ම ඉන්නෙ බාලුව දකින්න එයා එක්ක ඉගෙන ගන්න මොකද බාලු කියන්නෙ එයාට වෙන්නෙ මාමා. ඔයාල දන්නවනෙ දෙමළ චිත්‍රපට වලින් හුගක්ම නැන්දගෙ දුව තමයි හුඟක් විට එයාට හිමි වෙන්නෙ. බාලු හරිම නීති කාරයා. හැමදේම වෙලාවට කලාවට කරන්නෙ. මහාලක්ෂ්මිට ඉගෙන ගන්න ඒ තරම්ම දක්ෂ නැහැ.බාලුගෙ පවුලේ තාත්තා, අම්මා, ආච්චි මහාලක්ෂ්මිට හරි අදරයෙන් සලකන්නෙ. බාලු මහාලක්ෂ්මිගෙ පැමිණීම ගැන ඒ තරම්ම සතුටකින් නෙමෙයි ඉන්නෙ.කොහොම වුණත් බාලුට සිද්දවෙනව හැමදාම මහාලක්ෂ්මි එක්කගෙන කොලේජ් යන්න, ඒ ගියත් මගින් බස්සල තමයි බාලු කොලේජ් එකට යන්නෙ. මාමා පළමු තැනට ආවට මහාලක්ෂි සතුටින් හිටියත් මහාලක්ෂ්මිත් හරියට උනන්දු වෙලා ඉගෙන ගන්න පටන් ගන්නවා. විභාගෙ ලියල ප්‍රතිඵල ඇවිත් බලද්දි බාලු දෙවැනියා වෙලා. කවුද එක වෙලා තියෙන්නෙ ? මහාලක්ෂ්මි තමයි පළමු වැනියා. බාලුට ඔන්න ඊරිසියාවක් හිතෙන්න පටන් ගන්නවා. මොකද බාලුත් තිබ්බ තැන දැන් වැජබෙන්නෙ මහාලක්ෂ්මි. කොම්පියුටරය පවා පාවිච්චි කරන්න පුලුවන් මහාලක්ෂ්මිට විතරයි. බාලුත් වැඩේ අතාරින්නෙ නෑ ආයෙත් පළමු වැනියා වෙන්න හිතාගෙන මහ රෑ මහාලක්ෂ්මිට හොරෙන් පාඩම් කරන්න පටන් ගන්නවා. මහාලක්ෂ්මි මේවා දැනගෙන හිටියත් මාමාට තියෙන ආදරේ නිසා ඒව ගණන් ගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. පැමිණීමේ ඉදලම මාමා ගැන ආදරේකින් පසු වුණත් බාලු වැඩිය උනන්දුවක් දක්වන්නෙ නෑ.බාලුගෙ හිතේ තියෙන්නෙ ආදරයක්ද ? වෛරයක්ද කියල දැනගන්න අපි චිත්‍රපටය බලලම ඉමු නේද ?

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

11,531 downloadsDownload 100-Kaadhal-2019.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,531 downloadsDownload Subtitles80 KB

20 comments

  1. tharidu16

    thanks machiiiiiiiiiiii

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Anonymous

    Thank You

  5. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Pasindu ukwatta

    thks

  9. Anonymous

    thanks

  10. sampath n perera

    thanks

  11. shanuka

    hoda welawata wistare damme bro, oka wagema katawak mama baluwa hindi man hitanne. ploit eka okamai.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      ayye meeke film eka kohomada download karanne

  13. Achi

    Thank sahoo ආදරෙයි

  14. MD Ferdous

    01705687196

  15. tharindu lakshan123

    thanks bro

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ඔෂධ සහෝ...ජයෙන් ජයම වේවා..!!

  17. gayanmagee

    thanks

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  19. kaviya

    thanx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.