කොහොමද හැමෝටම.. ඔන්න ටික දවසකට පස්සේ මම සිනමාපටයක් අරන් තමා මේ ගොඩවෙන්නේ. වෙනදට ඉතින් මම එන්නේ ටීවී සීරිස් සහ ඉංග්‍රීසි සිනමාපට අරන්නෙහ්. ඔන්න එහෙනම් පළවැනි වතාවට මම දමිල සිනමාපටයක් උපසිරසි ගැන්නුවා. සදුන් අයියා තමා මේක මට කරන්න දුන්නේ ඉතින්.හොදයි එහෙමනම් මම කතාව ගැන කෙටියෙන් කියන්නම්කො. කතාවේ ප්‍ර…

කොහොමද හැමෝටම.. ඔන්න ටික දවසකට පස්සේ මම සිනමාපටයක් අරන් තමා මේ ගොඩවෙන්නේ. වෙනදට ඉතින් මම එන්නේ ටීවී සීරිස් සහ ඉංග්‍රීසි සිනමාපට අරන්නෙහ්. ඔන්න එහෙනම් පළවැනි වතාවට මම දමිල සිනමාපටයක් උපසිරසි ගැන්නුවා. සදුන් අයියා තමා මේක මට කරන්න දුන්නේ ඉතින්.හොදයි එහෙමනම් මම කතාව ගැන කෙටියෙන් කියන්නම්කො.
කතාවේ ප්‍රධාන නළුවා ලෙස NAndha Durairaj රංගනයෙන් දායක වෙනවා.මේකට IMDB දර්ශක අගයක්නම් නැහැ වගේ. කතාව ආරම්භ වෙන්නේ සතුටින් කාලය ගත කරන පවුලකින්. අම්මයි තාත්තයි දුවයි හරිම සතුටින් ඉන්නව වගේ. ඒත් ඒ වැඩි වෙලාවකටනම් නෙවෙයි. පාසල් යන අතරමගදී දුවව අනතුරකට ලක්වීමත් සමග ඔවුන්ගේ ජිවිතවල සතුට අහිමි වී යනවා.සැත්කමක් කරන්න ලක්ෂ විස්සක් වගේ මුදලක් අවශ්‍ය නිසා තමන්ගේ ගෙදර උකස් කරලා තමා මේ දෙමවුපියෝ ඒකට සල්ලි හොයාගන්න හදන්නේ.මේ සල්ලිත් අරන් ඉස්පිරිතාලෙට යන අතරමගදී කවුදෝ ඒවා හොරකම් කරනවා.
ඉතින් සල්ලියක් නැතිවුනාම කවුරුත් කරනවා වගේ මේ මනුස්සයත්(මහේන්ද්‍රන්) යන්නේ පොලිසියට. පොලිසියේ ඉන්ස්පෙක්ටර් තමිල් මේ අනුව පරීක්ෂණයක් පටන්ගන්නවා.බලාගෙන යද්දී සල්ලි දීපු සේට්ම තමයි මිනිස්සු දම්මලා හොරකම් කරවන්නේ.ඉතින් මේ සල්ලි හොයාගන්නකම් සැත්කම පටන්ගන්න විදිහකුත් නැහැ. ඒ නිසාම තමිල් තීරනය කරනවා හොරාව අල්ලගන්නකම් සල්ලි එයා හොයලා දෙන්න. මේ සල්ලි හොයන වැඩෙන් අන්තිමට වෙන්නේ තමිල්ව අල්ලස් ගත්තා කියලා අහුවෙන එක.එහෙම කරවන්නේ එලුමලෙයි කියලා කෙනෙක්. ඉතින් තමිල්ට එලුමලෙයිටයි තියෙන තරහ මොකක් වෙන්න ඇතිද? තමිල්ට නැතිවුනු සල්ලි හොයාගන්න පුළුවන් වෙයිද?ඒක හොයාගන්න මොන මොන විදිහේ දේවල් කරන්න වෙයිද කියලා ඔයාලම බලාගන්න.
එහෙමනම් ලිපියනම් අවුල් වගේ නෙහ්? කට්ටිය ලිපිය අවුල් වගේනම් පුර්ව ප්‍රචාරක් පටයක් එහෙම බලලා තීරණය කරන්න ෆිලුම බලනවද නැද්ද කියන එක..යලිත් ඉක්මනටම උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kallattam (2016)
Kallattam-2016HDRip-x264-700MB-ESubs-Tamil-NEW
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,834 downloadsDownload Kallattam-2016HDRip.Baiscopelk.com_.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
Obama_SL
shasith sandaruwan
ඔන්න පළවෙනි අදහස් දැක්වීම මගෙන්.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nalaka
Txzzzz lot
damith
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ.ඒත් සබ් එක ගොඩක් ඉස්සරහින් යන්නේ බලන්න බෑ.පුලුවන් නම් පොඩ්ඩක් හදලා දෙනවද?
SaDuN DaNuShKa
හෙට උදේ වෙද්දී ඔය ගැටලුව විසඳනවා, ඉවසන්න.
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa balanawa..thawa tamil film issarahatath denn.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
damith
thama sub eka haduwe nathda machan.balanna ba sub eka godak issarahin yanne
Lushan Kuruppu
Thank You Bro!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......