හැමෝටම ආයුබෝවන්….! අද මම ඔයාලට අරගෙන ආවේ 2005 වර්ෂයේ දෙසැම්බර් මස 16 වන දින තිරගත වුන ක්‍රියාදාම ගණයට අයත්වන එන් ලිංගුස්වෙමෙයි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද, වික්‍රම ක්‍රිෂ්වා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වේ. තවම මෙම චිත්‍රපටයේ IMDb අගය ලෙස 6.8/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන…

Sandakozhi 2005

හැමෝටම ආයුබෝවන්….! අද මම ඔයාලට අරගෙන ආවේ 2005 වර්ෂයේ දෙසැම්බර් මස 16 වන දින තිරගත වුන ක්‍රියාදාම ගණයට අයත්වන එන් ලිංගුස්වෙමෙයි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද, වික්‍රම ක්‍රිෂ්වා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වේ. තවම මෙම චිත්‍රපටයේ IMDb අගය ලෙස 6.8/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “විශාල්“ “ මීරා ජස්මින් “ යන නළු නිළියන් වේ.

වෛරය… තරහව… ක්‍රෝධය… පළිගැනීම යනු, සිතෙහි ඇතිවන්නාවූ හරි අපූර්ව හැඟීම් සමුදායක්. එනමුත්, මේ හරි අපූර්ව හැඟීම් සමුදාය නිසා ඇතිවන්නාවූ පල විපාකය නම් කිසි ලෙසකත් සුන්දර වන්නේ නම් නැත. මන්ද යත්, එකී සිතුවිලි සිතෙහි ජනිත වන්නාට මෙන්ම, එකී සිතුවිලි සඳහා භාජනය වන පුද්ගලයාටද එකී සිතුවිලි වලින් කිසි ලෙසකත් සිදුවන්නේ නම් යහපතක් නොවේ. තම වෛරය… තරහව… ක්‍රෝධය… පළිගැනීම සම්පූර්ණ කරගන්නෙ කෙසේද යන පවිටු චේතනාවෙන් එකෙකු මොහොතක් මොහොතක් පාසා සිතුවිලි සයුරේ කිමිදෙන්නාවූ අතරෙහි, අනෙකා, තම ප්‍රතිවාදියාගේ මර උගුලෙන් කෙසේ නම් ගැලවෙම්දෝයි දෙලොවක් අතර අතරමං වනවා. ජීවත්ව සිටින්නාවූ ස්වල්ප කාලයේදී කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව, සියළු දෙනා හටම හැකි අයුරින් උදව් උපකාර කරගනිමින්, යහමින් සෙමින් දිවිගෙවිය නොහැකි වන්නෙ මන්ද… මෙයයි බහුතරයක් වූ මනුෂ්‍යයන් සතු දුර්වලත්වය. මෙයයි ඔවුන්ගේ සිත් සතන්, අපවිත්‍ර වූ හැඟුමින් පෝෂණය කරමින්, අයහපත් වූ සමාජයක් ලොවට දායාද කරන්නාවූ මාර්ගය… මිනිසා කවදා නම් මෙය වටහා ගනීවිද…?

ඉංජිනේරු විද්‍යාවෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා, සිය අධ්‍යාපන කටයුතු අවසන් කළ හැඩිදැඩි කඩවසම් තරුණයෙක්… සමස්ථ නගරයම සිය අණසකට හොවාගෙන, නීතියේ ඉෂ්ට දේවතාවන් පලවාහැර දමා, අවනිතියේ දොරගුළු විවරකරමින්, චිදම්බරම් නගරයම භීතියෙන් මුසපත් කරගනිමින්, එහි පාලනය හොබවන්නාවූ අති දරුණු දාමරිකයකු… කුමන අන්දමේ හේතුවක් අරඹයා මොවුන් දෙදෙනා එකිනෙකා සමගින් ඝට්ටනය වේද… එකෙකුට, අනෙකා සිය හැකි උපරිමයෙන්ම වෛරය… තරහව… ක්‍රෝධය… පළිගැනීම සිදුකිරීමට තරම් මොවුන් දෙදෙනා අතර සිදුවූයේ කුමක්ද… මෙම ද්වන්ධ සටන, ඔවුනොවුන්ගේ සමීපතයන් හට කුමන ආකාරයකින් බලපාවිද… අවසානයේදී, ඔවුන් බලාපොරොත්තු වන්නාක් මෙන්, වෛරයෙන් වෛරය සංසිදේද…?

(මෙහි දෙවන කොටස 2017 වර්ෂයේ තිරගත වීමට නියමිතව ඇති බව කරුණාවෙන් සලකන්න)

Sandai Kozhi (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sandakozhi (2005) Ayn DVDRip X264 1CDRip 700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ගැළපේ.

1,968 downloadsDownload Sandakozhi-2005.Baiscopelk.com_.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

1,968 downloadsDownload Subtitles45 KB

25 comments

  1. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ඒ වගේම පෝස්ට් එකත් සුපිරි...
    ~~~ ජය වේවා ! ~~~

  2. silent$

    Patttaaaaaaaaaaaaa

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Tharindu

    බොහොම ස්තූතියි සහෝ

  5. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    2017 එන එකටත් ඉක්මනින්ම සබ් එක දෙන්න හැකියාව ලැබේවා!
    ඔබට ජය!

  6. thisal

    බොහොම ස්තූතියි සහෝ

  7. thameera

    meke download link ekak ewanna

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sam

    thnx sub ekata.eth me film eka ganna ba.download wen nane

  11. චාමර මල්ලි

    Link eka mokakda bro

  12. kavindu

    Link please

  13. hasi

    derect link eka ganna puluwan neda. mokakda a baiscope eke site eka. plss help

  14. Hasa

    Nice bro.nani inna gentleman film ekatat sub dannako.imdb 7.2

  15. Lahiri

    thankz saho

  16. Eranda Malith 2.0

    Thanks mcn.

  17. manjularathman

    thanks macho

  18. damith_janaranjana

    THANKS bro

  19. Lakshan Thennakoon

    Thankz bro

  20. Lahiri

    thankz bro

  21. N_R

    Thanks.

  22. Dragonwhite

    aniwa asama naluwekz

  23. Dragonwhite

    thanks machan sub ekata

  24. avishka360

    sub ekta thanks

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!