ඔන්න යාලුවනේ මම මගේ විසි දෙවන උපසිරැසිය විදියට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටියක් ගේනවා. ගොඩක් චිත්‍රපට ගැන දන්නා යාලුවෝ මේක ගැන දන්නවා . එත් සිංහල උපසිරසි සමග කවදාවත් බලලා නැතුව ඇති. ඉන්දියාවේ සුප්‍රසිද්ධ කාම සුත්‍ර ග්‍රන්ථය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ජනප්‍රිය චිත්‍රපටියක්. මේකෙ මායා කියන කුමරිය…

ඔන්න යාලුවනේ මම මගේ විසි දෙවන උපසිරැසිය විදියට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටියක් ගේනවා. ගොඩක් චිත්‍රපට ගැන දන්නා යාලුවෝ මේක ගැන දන්නවා . එත් සිංහල උපසිරසි සමග කවදාවත් බලලා නැතුව ඇති. ඉන්දියාවේ සුප්‍රසිද්ධ කාම සුත්‍ර ග්‍රන්ථය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ජනප්‍රිය චිත්‍රපටියක්. මේකෙ මායා කියන කුමරිය විදියට ගේම් ඔෆ් ත්‍රෝන් ටෙලි කතා මාලාවේ එලරියා සැන්ඩ් ගෙ චරිතය නිරුපනය කරන ඉන්ද්‍රා වර්මා ද තාරා කුමරිය ලෙස හන්ගර් ගේම් මොකින් ජේ දෙවෙනි කොටසේ එගේරියා චරිතය නිරුපනය කරන සරිටා චෝද්රි මෙන්ම කාම සුත්‍ර උගන්වන රාසා දේවි ගෙ චරිතය ඉන්දියාවේ ප්‍රවීණ නිලි රේකා දරඟ පෑමෙන් එකතු වෙන අතර IMDb අගය 6.0 අරන් තියන චිත්‍ර පටියක් කියල කියන්න පුළුවන්. ඉතින් ඔන්න ලෝකයේ ඉතා සුවිශේෂී චිත්‍ර පටියක් සිංහල උපසිරසි සමග බලන්න අවස්තාව.
කතාව මේකයි . එකමත් එක කාලෙක කුමරියන් දෙන්නෙක් වාසය කලා , තාරා සහ මායා කියල . හැබැයි මායා සැබෑ රජ කුමරියක් නෙවි . දාසියකගේ දුවක්. එත් මේ දෙන්නා එකටමයි හැදුනේ වැඩුනේ. මායා හැමවෙලාවෙම කණගාටුවෙන් හිටියේ තාරා ට වඩා අඩු සැලකිල්ලක් ලැබෙනවට. ඉතින් මෙයාල ලොකු උනාම තාරා රජ කුමාරයෙක් කසාද බඳින්න යෝජනා උනා . ඒ එකක්ම මායාට තාරා ගෙ අංගවිකල සහෝදරයා බඳින්න යෝජනා උනා. මේකට තරහා ගිය මායා කුමරිය තාරා කුමරියට කලින් රජ කුමරා එක්ක යහන් ගත උනා . එක හින්ද එයාව ගෙදරින් පැන්නුවා. එයා කොහොම හරි කුමරාගේ නිර්මාණ ශිල්පියා මගින් රජමාලිගයේ අන්තප්පුරයේ කාන්තාවන්ට ලිංගික විද්‍යාව එහෙම නැත්නම් කාම සුත්‍ර උගන්වන රාසා දේවි ගේ ආශ්‍රමයට යන්න මායාට පුළුවන් වෙනවා. පස්සේ මායා හින්දා තාරා ගෙ විවාහ ජිවිතේ අවුල් වෙනවා . එත් මායා තාරාටත් කාම සුත්‍ර උගන්වනවා තම ස්වාමියා තමන්ට නැඹුරු කර ගන්න. මෙන්න මේ කතාව එක්ක තව කතා කිහිපයක් මේ චිත්‍ර පටියට අයිතියි. ඔක්කොම කියුවොත් තේරුමක් නැ . ඉතින් ඔයාලට බලලම රස විඳින්න කියල කියනවා . රජ කතාවක් විදියට යන මේ සම්පුර්ණ චිත්‍ර පටිය සම්බාව්‍ය චිත්‍ර පට රස විඳින්න කැමති යාලුවෝ නම් ගොඩක් කැමැත්තෙන් බලාවි.
මම ඊළඟට දෙන්නේ ගියා අවුරුද්දේ ආපු විද්‍යා ප්‍රබන්ධයක් . ඉතින් එකෙන් හමුවෙමු.
මෙම චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපටයක් බව සලකන්න.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,401 downloadsDownload Kama.Sutra_.A.Tale_.Of_.Love_.1996.Baiscopelk.com_.rar39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
49 comments
අසංක ප්‍රදීප් රණතුංග
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Arosha
Tnx saho sub ekata
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
..720p Direct Link..
Kama.Sutra.A.Tale.Of.Love.1996.720p.BluRay.x264-[YTS.AG].mp4
https://clicknupload.link/3ftamjhf90lpAsitha
එලම තෑන්ක්ස් හොදේ
Amalka
Thanks sub ekata
Eranga
eeeeya halooo....................... Aany way downloding
සුරේෂ් ජයතිලක
ඊයා අසංක ඔයා නං......
Kulanjana Maduranga
thanks ASANKA saho..sub ekata..Jaya wewa……
Bobby
Thank you very much Asanka
yeshu
tnx
Dulanga
Thanks
me
Thanks
නුවන්
නියමයි. උපසිරසට ගොඩාක් ස්තුතියි. ජය වේවා.
විචාරකයා
මේ වගේ 18+ නිර්මාණ දැන් සයිටි එකේ වැඩි විමක් දක්නට ලැබෙනවා වැඩිහිටියන්ට පමණයි කියලා අන්තිමේ බුදුසරණයි කියනවා මොකද්ද මේකේ තත්වය උදාර අයියේ මෙහෙම සයිටි එක ගියොත් මොනවා වගේ තැනක තියෙයිද දන්නේ නැ අනික මංසල ඉස්සර තමන්ගේම ලිපි යනවා දැන් නිකන් එක යුටියුබි එක වේලා ... කිසිදු හරයක් තියෙන ලිපි නැ .. දැන් දාපු සිනමා නිර්මාණයට ගැන කිවොත් ඕකෙන් ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන් කාමය ගැනයි අන්තිමේ ඕක ඉන්න ඕක කාන්තාවගේ මිනිහාගේ මරණයි යාළුවා උපසිරිසි ගැන්වීමට අගයනවා පටිට කතා ගන්න ලංකාවේ රසිය මම හිතන්නේ බයිස්කොප් එක තුළින් මිනිසුන්ගේ උසස්ගණයේ නිර්මාණ රසවිදින්න කිවාට දැන් එක නැද්ද මන්දා ... මොනවා නැතත් සුබ පතනවා ...
අසංක ප්‍රදීප් රණතුංග
විචාරයට ස්තුතියි සහෝ . කියන්න තියෙන්නේ , මොකක්ද මේකේ තියන වැරැද්ද කියල . මම දන්නේ නැ ඔයා කියන්නේ මේ චිත්‍ර පටිය ගැනද නැත්නම් ඔක්කොම චිත්‍රපට ගැනද කියල . ඒත් මේකට උපසිරසි කාපු කෙනා විදියට මට කියන්න තියෙන්නේ ., මේකේ ඇති වැරද්දක් නැ කියල . මේකේ එකම එක පරුෂ වචනක් නැ . එකම කුනුහරුපයක් වත් නැ ,. සීගිරියේ තියන දේවල් වලට වඩා මොකුත් තදට රුප රාමුත් නැ . කොටින්ම ඔයාල බලපු Marvel ලා ඉදිරිපත් කරපු Deadpool 2016 චිත්‍රපටියේ මිට වඩා කුණුහරුප සහ ජවනිකා තිබ්බා . ඉතින් මේකේ නම පස්සේ යන්න එපා . ඔයා මේකට විචාරය මේ චිත්‍රපටිය බලලා කරා නම් තමා හොඳ . මොකද කාම සුත්‍ර කියපු පලියට මේක බ්ලු ෆිල්ම් එකක් නෙවි. මේක දකින ඔක්කොටම කියන්නේ ඒක . අනික 18+ කියන ඔක්කොම ඒවා ගණයට දාන්න එපා, මම කියනවා ඒක පැහැදිලිවම .
ඒක හින්දා මේ විචාරයම ආපහු කරන්න මේක බලලා ඇවිත් . මොනවා උනත් ස්තුතියි ඔයාගේ අදහස කිවුවට .,ඒත් කියන්න තියෙන්නේ ඒක වැරදි අදහසක් කියල .
අසංක ප්‍රදීප් රණතුංග
තව දෙයක් මට කියන්න ලෝකේ තිබුන හොඳ යයි සම්මත චිත්‍රපට කියක් 18+ ද . ඔස්කාර් , කෙනසාස් චිත්‍රපට උළෙලවල් වල ජයගත්ත චිත්‍රපට කියක් 18+ ද. ඉතින් සහෝ ලඟදි දැම්ම ගොඩක් චිත්‍රපට 18+ කියනවනම් එකත් ඔයාට ආපහු වැරදිලා . මේ වෙලාවේ සයිට් එකේ මුල් පිටුවේ තියන චිත්‍ර පට 20 න් 6ක් විතරයි 18+ . එතකොට 14 ක් ම සාමාන්‍යයි . ඉතින් දකින එකත් බලන එකත් දෙකක් කියල තමා කියන්න වෙන්නේ.
chathu
මුන්ට අමු අමුවෙ වැල බලන්න හොදයි. කලාත්මක විදිහට හදපු 18+ ෆිල්ම් එකක් බලන එක තමයි නරක. අමරසිරි පීරිස් මහත්තය කියන්න වගේ අදුරේ පව් කරන දනා තමයි බොරු ශෝ එකට එලියෙ රවන්නෙ. අමරදේව මහත්තයගෙ "කුමරියක පාසලඹ සැලුනා" සින්දුව අහල බලහන්. 18+ උනාට කලාත්මකයි.
Kevin__
බලන්න බැයිනමි නිකන් ඉදපන් යකො අපි බලනවා නිකන් ගොන් ආතල් දෙන්න එපා
hiran
wade hodai ..පුලුවන් නම් Double film ekakuth daanna sub walin.kisi aulak nhe man balanawa..
Ishan Madusha
Thanks saho sub 1ta. The Golden Compass (2007) movie ekata sub denna.jaya wewa!!!
prasad
විචරකයට පිස්සු 18+ කියන හැදූවෙත් මිනිසුන්ට බලන්න තමයි කියල මිනිහ දන්නේ නැද්ද කෝහේද?සබට තැන්ක්
කවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ ඊලග උපසිරැසෙන් ඉක්මනටම හමු වෙමු..... :)
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..nilantha
thank for sub
wiki
Thanks...
Sasanka
Thanks bn sub walata...
Gayan Hewa
විචාරකයට තාම 18 ලබලා නැ .... ඒකයි ඔය... :P
kavindu
kohomada torrent eka doenload karaganne
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..........
හෂාන් මධුරංග
බොහොම ස්තුතියි අසංක සහෝ...
Navy kolla
machan podi udauwak one mata torrent eken meka download karanna ba. mokada ape poxy eke torrent blok karala thiyenne. ithin mata direct download karanna puluwan widiyak kiyanna.
අසංක ප්‍රදීප් රණතුංග
TOR බ්‍රවුස් සිස්ටම් ඒක අර ගන්න සහෝ. ඕනෑම බ්ලොක් කරපු නෙට්වර්ක් එකක් එක්ක වැඩ කරන්න හදා ගන්න පුළුවන්.
ChalinduDeshan (කිනා)
ඊයා හලෝ :D එල එල
monro buultjens
ස්තුතිය සැමට
Sanindu Lakkitha
Thnx Saho Sub Ekata.. Film Ekaka Terumak Danne Neti Eun Kiayan Dewal Sata 5ta Ganan Ganan Epa. Ohoma Ekek Tamai Me Lagadi FB eke post ekak dala tibbe ara detol ad eka 18+ eka report karanna kiyala. Saho owa ganan ganan epa. Digatama sub demu. Jaya Wewa...
dewa
sinama wicharayedi chitrapata wargikaranaya gena denagana sitima godak wedagat wenawa, ehema netuwa tamange pudgalika konayen ewa diha balanna hoda ne. 18+ kiyanne sinama nirmanayaka tibiyaheki eka wargikaranayak witarai, eke nude seen etulat wennama ona nehe, (EX- august rush, meka lama chitrapatayak kiyala samahara aya hituwara meka Parental Guidance (PG) ganayata ayat wenawa,) lankawe samahara film lama chitrapati kiyala wargikaranaya karala penwanawa ewage kunuharupa, horakam, merakam, paul prashna hema deyakma tiyanawa..... mama yojana karanawa bicecope teem ekata, 18+ kiyala danne netiwa NC17 kiyana stranded Rating eka etulat karanna kiyala etakota kastiya boruwata baya wena ekak ne... NC17 kiyanne -No one under 18 admitted- kiyana ekai. thank you
http://movies.about.com/od/dvds/fl/How-Does-a-Movie-Get-Its…
Dilan
thax saho...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ros
torrent eka download karaganne kohomada ?
Jim Anderson
thanx sahoo
Lsh
Thnkz sub walata.
Lokuma udawwak me film 1ta sinhala sub dipu ekajanakadinu
අනේ සහොදරයා උපසිරැසි ඩවුන්ලෝඩ් කරාට ප්ලේ වෙන්නේ නෑනේ..SRT Subtitle File (.srt) එකක් විදිහට නෙවෙයි ඩවුන්ලෝඩ් වෙන්නේ..RAR File (.rar) විදියටයි ඩවුන්ලෝඩ් වෙන්නේ..Please help me friend..
tharindu
'win rar' kiyana softwear eken extract karaganna ethakota hari
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
sanjeewakbg
thanks bro..
Duminda Lakshan
ස්තුතියි සබ් එක දුන්නට
Anonymous
Thank you
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Kama Sutra: A Tale of Love (1996 ) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
880MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
fbda6cf7d50627c84463aff2a22e156022f40f44
1.75GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
eaf655c28d154eed405cd2fcdfeb69b78db5d26a