Watch Trailer

Kambakkht Ishq (2009) | ඇත්තටම ආදරය කාලකණ්ණිද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ ඊළඟ නිර්මානෙත් ගෙනාව. මුලින්ම අවස්ථාව ලබාදීම ගැන බයිස්කෝප් අඩවියේ කර්‍යමණ්ඩලයට ස්තූති වන්ත වෙනවා. මේ සලරුව ගැන කියනවනම් හොලිවුඩය හා බොලිවුඩය එක් වෙලා කරපු නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. මෙහි බොහොමයක් දර්ශන රූගතකර තිබෙන්නෙ ලෝ ප්‍රකට යුනිවර්සල් චිත්‍රාගාරය තුළ. අක්ෂේ කුමාර් හා කරීනා කපූර් මෙ…

Kambakkht Ishq 2009

ඔන්න මගේ ඊළඟ නිර්මානෙත් ගෙනාව. මුලින්ම අවස්ථාව ලබාදීම ගැන බයිස්කෝප් අඩවියේ කර්‍යමණ්ඩලයට ස්තූති වන්ත වෙනවා. මේ සලරුව ගැන කියනවනම් හොලිවුඩය හා බොලිවුඩය එක් වෙලා කරපු නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. මෙහි බොහොමයක් දර්ශන රූගතකර තිබෙන්නෙ ලෝ ප්‍රකට යුනිවර්සල් චිත්‍රාගාරය තුළ. අක්ෂේ කුමාර් හා කරීනා කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර හොලිවුඩයේ දැවැන්ත චරිතයක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් හෙවත් රම්බෝ ද මෙයට රංගන දායකත්වය ලබා දීල තියෙනවා. ඒ වගේම තවත් හොලිවුඩ් තරු කීපයම රංගන දායකත්වය ලැබිල තියෙනවා. IMDB එකේ 3.8/10 ක් වගේ ටිකක් අඩු අගයක් අරන් තිබුණට මේක සුපිරිම නිර්මාණයක් කියල නම් කියන්න ඕන. ඒ වගේම මෙය නිකුත් වූ කාලයේ මේ නිර්මාණය පිළිබඳ තරමක් ආන්දෝලයට පත්වූ කරුණු කීපයක්ම තිබුණා. ඒ මෙහි කරීනා කපූර්ගේ රංගනය පිළිබඳවයි. බොලිවුඩයේ සරාගීම නිළිය කියන ලේබලය ටික දවසකට අලවගන්න මේ නිසා කරීනාට පුළුවන් උණා.

ටිකක් පරණ නිසා ගොඩක් අය නරඹලත් ඇති ඒත් කතාව ගැනත් ටිකක් කියන්නම්කො. විරාජ් කියන්නෙ ඇමෙරිකාවෙ ඉන්න ස්ටන්ට්මන් කෙනෙක්. එහෙම නැත්නම් චිත්‍රපටයක නළුවා දාලා කරන්න බැරි අවදානම් දර්ශන වලට ආදේශකයක් ලෙස පෙනී සිටින කෙනෙක්. මෙයා ටිකක් ආදරය විශ්වාස නොකරන කෙනෙක් ආදරය කරන යාළුවන්ටවත් ආදරේ කරන්න නොදෙන ජාතියේ පොරක්. සිම්රිතා කියන්නෙ ශල්‍යවෛද්‍ය කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් එයත් විරාජ්ට එහා. ආදරය කරන අය විතරක් නෙවේ බැඳලා ඉන්න අයත් වෙන් කරවන ජාතියෙ අහංකාර කෙනෙක්. දවසක් රූගත කිරීමක් අතරතුර විරාජ්ට අනතුරක් වෙනවා. මේ නිසා විරාජ්ට සැත්කමක් කරන්න වෙනවා. මේක සිම්රිතාගෙ පළවෙනි සැත්කම. වැඩේ කියන්නෙ මේ දෙන්න කලින් ඉඳන්ම තරහා කාරයෝ වෙන එකයි. මේ නිසා සැත්කම කරන්නෙ කවුද කියලා දැනගත්තම විරාජ්ට තරු පේනවා. ඒ කොහොම උණත් සැත්කම සාර්ථකව අවසාන වෙනවා. ඒත් එදායින් පස්සෙ හැමවෙලේම විරාජ්ට මොකද්දෝ සින්දුවක් ඇහෙන්න ගන්නවා.

ඊට පස්සෙ තමයි ෆිල්ම් එකේ හොඳම හරිය. හිනාවෙලා ඉවරයක් නෑ බලපු අය දන්නවනෙ. විරාජ්ට මේ ඇහෙන සිංදුව මොකක්ද?ඇයි එහෙම ඇහෙන්නෙ? සිම්රිතා විරාජ් එක්ක තියෙන තරහා මොකක්ද? මේ හැමදේම දැනගන්න ආදරය, ඇතිවෙන්න සිනහව සහ අතරින් පතර පොඩි දුකක් තියෙන මේ නිර්මාණය රසවිඳින්න කියලා අරාධනා කරමින් අදට නැවතීමේ තිත තියනවා ජය…!

Kambakkht Ishq (2009) on IMDb

 

 

951 MB කොපිය මෙතනින් බාගන්න

C586E1F9A2C211110A76BA2BEAE4DA8BB02356DD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,185 downloadsDownload Kambakkht.Ishq_.2009.baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

3,185 downloadsDownload Subtitles61 KB

29 comments

  1. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  2. දමිත්

    හුරේ මමයි එක. ඔනන් ගත්තා සහෝ.
    බොහොම පින් සහෝ වැඩේට.
    ජයෙන් ජය...

    1. දමිත්

      හුටා..දෙක නේද මම...

  3. STYLISH PRINCE

    TAMIL tikak dunanam watinawa godaaaaaaak
    JAYA WEWA

  4. Kulanjana Maduranga

    ela.subata thanks SADUN saho.keep it up.jaya wewa............

  5. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  6. Jack

    නියමයි සහෝ.
    මම මේක බලලා නැතෝ.
    ඔන්න ගත්තා.
    ස්තුතියි සබ් එකට.

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  8. Chami.S

    Thanks....

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Dharshana...

    meka patta film 1k.thanks sub walata.

  11. Yenu

    Thank you.......................

  12. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    මෙක ගැන මේ අහුවමයි. ස්තුතියි අපිට මෙවගේ මඟ ඇරුණු කථා ගෙනවට

    ජය වේවා!

  13. චන්දිම අමරසිංහ

    නියමයි ඔන්න බැවා කාලයක් ලගාගෙන හිටියා සබ් එක්ක බලන්න ඔබට තුති සහෝ....

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  15. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති සහෝ....ජය වේවා....!

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  18. “චූටී මල්ලි”

    මටනම් මේක ඇල්ලුවෙ නෑ බන්
    ඉස්සෙල්ලා දෙරනෙ ගියා
    බෙබො නෙ බෙබො කියල
    හොද සෝන්ග් එකක් නම් තියෙ
    සබට තුති
    ඔබට ජය.....

  19. Naween

    සබ් එකට බොහොම තෑන්ක්ස්.දිගටම සබ් දෙන්න.
    ජයවේවා...!

  20. SrimalSS

    තෑන්ක්ස් bro

  21. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Eranda

    කාලයක් බලාගෙන හිටපු film එකක් සහෝ .දැන් සබුත් එක්කම බලන්න පුළුවන් ජය :)

  23. Yushen

    පට්ට අක්ශේ නේ ඉන්නේ අනිවා බලනවා...
    sub වලල thanks...

  24. Sandamal

    thakx mchn hungk... blan hitiya meka enekan... digatama sub karanna... jaya wewa..!!!!

  25. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  26. M.H. Isuru Janakantha

    thanks

  27. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ

  28. Anonymous

    උපසිරසිට බොහොම ස්තුතිය bro