Watch Trailer

Taxi No. 9 2 11: Nau Do Gyarah (2006) | ජීවිත වෙනස් කරන ටැක්සිය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මම හා හා පුරා කියලා මගේ පළමුවෙනි උපසිරැසිය දෙන්නයි සුදානම් වෙන්නේ. මට චිත්‍රපටයකට සබ් එකක් කරන්න ලොකු ආශාවක් තිබ්බත්, මම ඉතිං A/L ඉවරෙවෙනකන්ම හිටියා සබ් එකක් කරන්න. කොහොමහරි මම මගේ පළමුවෙනි උපසිරැසිය හින්දි චිත්‍රපටයකින්ම පටන් ගන්න හිතුවා. ඉතින් මම මගේ ප්‍රියතම නළුවෙක් ව…

Taxi no 9211

හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මම හා හා පුරා කියලා මගේ පළමුවෙනි උපසිරැසිය දෙන්නයි සුදානම් වෙන්නේ. මට චිත්‍රපටයකට සබ් එකක් කරන්න ලොකු ආශාවක් තිබ්බත්, මම ඉතිං A/L ඉවරෙවෙනකන්ම හිටියා සබ් එකක් කරන්න. කොහොමහරි මම මගේ පළමුවෙනි උපසිරැසිය හින්දි චිත්‍රපටයකින්ම පටන් ගන්න හිතුවා. ඉතින් මම මගේ ප්‍රියතම නළුවෙක් වන ජෝන් ඒබ්‍රහම් ඉන්න ෆිල්ම් එකකින්ම වැඩේට බැස්සා. කොහොම හරි සබ දාල ඉවර කරන්න දවස් පහක් විතර ගියා.පළමු උපසිරැසිය හින්ද වෙන්නැති.

මේ බයිස්කෝප් එක ගැන කිව්වොත් මේක 2006 දී තිරගත වුණු චිත්‍රපටියක්. ජෝන් ඒබ්‍රහම්, නානා පටේකර්, සොනාලි කුල්කර්නි මෙයට රංගනයෙන් දායක වෙලා තියනවා. ප්‍රියංකා චොප්රාත් පොඩි කොටසකට ඉන්නවා. ඒ වගේම සන්ජේ දත් හඩ දායකත්වය සපයලා තියනවා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Comedy, Drama, Thriller වර්ගීකරණයට. මේ චිත්‍රපටය imdb මීටරේ 7.3 කට කරකවලා තියනවා. ඒකෙන්ම පේනවනේ චිත්‍රපටය හොඳයි කියලා.

දැන් කතාව පැත්තට හැරුණොත්, රාගව් ශ්‍රාස්ත්‍රී (නානා පටේකර්) කියන්නේ මිනිස්සුන් එක්ක හැමවෙලාවේම වලි දාගන්න ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.මෙයා අවුරුදු 15 ක් ඇතුළත රස්සා 23 ක් කරලා තියනවා.එතකොට ජයේ මිටල් (ජෝන් ඒබ්‍රහම්) කියන්නේ සල්ලිකාර තාත්ත කෙනෙකුගේ නොසන්ඩාල පුත්‍රයෙක්. කොහොම හරි ජයේගේ මේ වැඩ හින්දම එයාගේ තාත්තා, එයා මැරුණට පස්සේ දේපල ඔක්කොම එයාගේ යාළුවෙකුට පවරනවා. ඉතින් මේකට නඩුවක් යනවා. මේ නඩුවට කලින් දවසේ ජයේගේ කාර් ඒක ඇක්සිඩන්ට් වෙනවා. ඒක නිසා ජයේ නඩුවට යන්න අහම්බෙන් වගේ තෝර ගන්නේ රාගව්ගේ ටැක්සිය. ඉතිං ඊටපස්සේ ලොකු ජරමරයක් වෙනවා. මම වැඩිදුර කතාව කියන්න යන්නේ නෑ. ඉතුරු ටික චිත්‍රපටියෙන්ම බලන්න. කොහොම හරි මම කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක්. එහෙනං හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් හමුවෙමු.

Taxi No. 9 2 11: Nau Do Gyarah (2006) on IMDb

 

 

664 MB කොපිය මෙතනින් බාගන්න

1F7BB9D7854D36DC148F3E36A90E0C6A7C49D575 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,465 downloadsDownload Taxi.No_.9211.2006.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DilithaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලිත දර්ශණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,465 downloadsDownload Subtitles45 KB

25 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි දිලිත සහෝ!

    මෙක එක පාරක් ටිවි එකේ බැලුවා මතකයි. ස්තුතියි සබ් එකට

    එවගේම පළමු සබ් එතට සුභ පතනවා! දෙවැන්නෙත් වැඩ පටාාන් ගමු එහෙනම්...

    ජය වේවා!

  2. චන්දිම අමරසිංහ

    onna mama kalinma bawa thaz mama balala tiyanawa sub akka dan ayat balanawa jon aiya innawanam itin superina.... thaz palaweni wadeta suba patum degatama karagana ymu,,,,, thaz..

  3. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  4. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  5. ෂම්මා

    එළ කිරි ෆිල්ම් එකක් තමා ඔන්න.පළවෙනි එක විදියට තොරාගත් එක නියමයි මල්ලී

  6. Sisira Hegoda

    Thanks.

  7. Kulanjana Maduranga

    1st sub1ka neda DILITHA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai....digu gamanak yamu.jaya wewa……………

  8. Jack

    නියමයි සහෝ.
    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දෙවෙනි එකෙත් වැඩ පටන් ගමු.
    ස්තුතියි සබ් එකට.

  9. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  10. සඳුන් තාරක

    තැන්ක්ස් සහෝ, පලවෙනි සබට සුබපැතුම් !

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පලවෙනි සබට සුබපැතුම් !
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිලිත සහෝ.. :-P
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ෆිලුම අනිවා බලනවා වේලාවක් හම්බ උන ගමන්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. ලක්ෂාන් නිලංක

    පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ...දිගටම අපිත්එක්ක රැදිලා ඉන්න...ජය වේවා...!

  14. Nelson

    Good Post Friend, Thanks!

  15. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  16. කැලුම් ගුණසේකර

    පළමු උපසිරැසියට මගෙන් උණුසුම් සුභපැතුම් යාලුවා. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.

  17. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  18. ප්‍රදිප්

    පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ,
    පුළුවන් විදිහට දිගටම සබ් කරමු.

  19. “චූටී මල්ලි”

    මෙහෙම එකක් තියෙ
    කියල දන්නෙත් අද
    එල බන්
    සබට තුති
    ඔබට ජය.....

  20. Naween

    පළමුවෙනි උපසිරැසියට සුබ පැතුම්.
    ඔබ ජය...!

  21. රොයිලි

    බොහොම ස්තූතියි දිලිත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. Menu

    Nice movie !

  23. චරිත

    පළමු උපසිරැසියට සුබ පැතුම්. නානා පටේකාර් කියන්නෙ රඟපෑම් අතරින් සුපිර නළුවෙක්.

  24. අදිත ප්‍රවීන්

    පළවෙනි එකට සුභ පැතුම් !
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  25. Sisitha Chamika

    niyama film eka. thanks for the sub titles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.