Watch Trailer

Kammatti Paadam (2016) with Sinhala subtitles | කම්මට්ටිපාඩගම් වල කොල්ලො [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්. චිත්‍රපටය නමින් කම්මට්ටිපාඩගම්[Kammattipaadam]. IMDb දර්ශකයේ 8/10 තරම් ඉහල අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය ස…

Kammatti Paadam (2016)

ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්.

චිත්‍රපටය නමින් කම්මට්ටිපාඩගම්. IMDb දර්ශකයේ 8/10 තරම් ඉහල අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ රාජීව් රවි විස්න්. චිත්‍රපටයේ ධාවන කාලය ආසන්නව පැය 3 විතර වෙනවා. Crime/Drama ගනයට තමයි අයිති වෙන්නෙ.

කතාව ගැන කියනවනම්, මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ක්‍රිෂ්ණන් කියන්නෙ. එයාගෙ යාළුවා තමයි ගංගා. පොඩි කාලෙ ඉදලම මේ අය එකටම තමයි ඉන්නෙ. ගංගාගෙ අයියා තමයි බාලන්. පොඩි වයසෙ ඉදලම මෙයාලා බාලන් එක්ක තමයි ඉන්නෙ. බාලන් කියන්නෙ කසිප්පු පෙරන, මැරකම් කරන ජාතියෙ පොරක්. පොඩි කාලෙ ඉදන්ම බාලන්ව ආශ්‍රය කරන ක්‍රිෂ්ණන් සහා ගංගත් ලොකුවෙනකොට බාලන් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. බාලන් වැඩ කරන්නෙත් වෙන අයට. එයාලා කවුද කියලා ඔයාලම හොයාගන්න. ක්‍රිෂ්ණන්, ගංගා වගේම එයාලගෙ තවත් යාලුවන්ට බාලන්ගෙ අය කෙනෙකුට පිහියෙන් ඇනලා මරන විදිහ වගේ දේවල් කියලා දෙනවා. ආ අමතක වුනා ක්‍රිෂ්ණන් ආදරේ කරන්නෙ අනීතා කියන කෙල්ලට. ඒත් ගංගත් කැමති එයාටම තමා. ඔහොම යද්දි දවසක් එක්කෙනෙකුට මෙයාලා ගහපු සිද්දියකට පොලිසියෙන් මේ අය පස්සෙ පන්නනවා. කොහොමහරි ගංගව අහුවෙනවා. ගංගව බේර ගන්න ඕන නිසා ක්‍රිෂ්ණන් එයාගෙ අතේ තිබුන පිහියෙන් පොලිසියෙ කෙනාව කපනවා. අන්තිමට ක්‍රිෂ්ණන් නතර වෙන්නෙ හිරේ ගිහින්. එතනදිත් එයා ලොකු වැඩ කරනවා. කොහොමහරි ක්‍රිෂ්ණන් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් බාලන් එක්ක එයාගෙ වැඩ වලට උදව් කරනවා. බාලන් කියන්නෙ තමන්ගෙ අය ගැන බලන හොද කෙනෙක්. ඒත් කාටද තරහා කාරයො නැත්තෙ. මෙයාගෙ තරහා කාරයා මෙයාගෙ බඩු පොලිසියට අල්ලලා දෙන නිසා බාලන් එයාව හම්බවෙලා කනේ පාරක් ගහනවා. ඕක හේතුවක් කරගෙන බාලන්ව මරනවා. ඒ නිසා ගංගා සහා ක්‍රිෂ්ණන් අමනාප වෙනවා. මෙයාලා අවුරුද්දක් විතර ගියාට පස්සෙ දැනගන්නවා බාලන්ව මැරුවෙ කවුද කියලා. කස්ටියම ගිහින් බාලන්ව මරපු කෙනාට ගහලා පිහියෙන් අනිනවා. එතනදි මෙයාලගෙ හොදම යාළුවෙක් මැරෙනවා. බාලන් නැති නිසා මෙයාලව කිසි කෙනෙක් බාර ගන්නෙ නැ. එතනදිත් ක්‍රිෂ්ණව පොලිසියෙන් අල්ලගන්නවා. දැන් තේරෙනවනෙ කතාව මොනවගේද කියලා. ක්‍රිෂ්ණන්ගෙ තාත්තා හැම වෙලේම කියන්නෙ ඔයාට හොද කෙනෙක් වෙන්න ඕන නම් වෙන දිහාකට යන්න කියලා. ඒත් ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑනේ නේද.

මම ඔය කිව්වෙ මේ අයගෙ අතීත කතාව. හැබැයි ඕක නෙවෙයි නියම කතාව . මොකද ඔය අතරෙ තව කතාවක් තියෙනවා. ඒ වර්තමානයේ කතාව. ඒ ගැන කියනවනම්, කාලෙකට පස්සෙ ක්‍රිෂ්ණන්ට ගංගගෙන් කෝල් එකක් එනවා. එයා කියන්නෙ එයාගෙ පස්සෙන් කවුද එනවා කියලා…… මෙතන ඉදන් ඔයාලට බාරයි. ගිහින් එන්නම්.

ජය වේවා!

Kammatti Paadam (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kammattipaadam (2016) Malayalam DVDRip – 1GB – x264 – AAC – Esub – Chaps – DrC Anniversar

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

3,249 downloadsDownload Kammattipaadam-2016Baiscopelk.com_.rar53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,249 downloadsDownload Subtitles53 KB

21 comments

  1. Namal

    Thanks bro

  2. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    කොපියක් අරගෙන බලාගෙන හිටියෙ සබ් එක දෙනකන්.
    ජයවේවා!

  3. Mohan Darshana

    ඩිරේට් ලින්කුව ඕනි උන් fb මා අමතන්න

  4. lahiru

    tx macho...

  5. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. oshanda

    thanks saho..apita thawa thama tamil,thelugu film wala sub denna shakthiya lebewa..

  8. Kazzr Villa

    thanks. "Nenu Sailaja" me film eketh sub denna bro :D

  9. Sithum Premod

    තැන්ක්ස් සහො සබට :* ජය අහ් :D

  10. Jaliya with alone

    ela mchooo

  11. rox

    oya sub eka play wenne nene brooo mac wal.. help me bros... :)

  12. Kulanjana Maduranga

    niayamai…aniwa bamak...ela..thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. maheshbabu

    thank's for sub......Malayalam Actor Prithviraj ge Picket 43, Anarkali Movies walata sub dennakooo.....plz......

  14. dinuka

    ayyo bnhariya film dn download kara ganna bahane bn.mul kale nam film eka torrent eka click karapu gaman enawa. dan mokawath naha..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ලහිරු ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  17. asanka

    ලහිරු ප්‍රසද් සහෝ බොහොම ස්තුතියි ඔයාගේ සබැ වෙනුවෙන් ,ඔයාලගේ වටිනා කාලය ඔයා වෙනුවෙන් වගේම අන් අය වෙනුවෙනේ කැපකර්න්වාට ,, මේ වාව් බොක්ස් සයිට් එකත් ලේසි පිලුම ඩවුන් කරගන්න

  18. Isuru Ishara Sankalpa

    thanks bro

  19. Menu

    Thank you

  20. Nirodhauthpala

    Ah me shadowhunters kollage tavath vadak ne thx for sub bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  21. vihagapranith

    subtitle doesnt working broh