Watch Trailer

Kanchana 3 (2019) Sinhala Subtitles | දෙවියන්ටවත් නතර කල නොහැකි පලිගැනීමක තුන් වැන්න… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසිකයන් වගේම Horror වර්ගීකරණයට අයත් සිනමා රසිකයන්ද පුන පුනා බලාසිටි සිනමා පටයක් සමඟිනුයි අද මා අඩවියට පැමිණියේ..! සිනමා පටය ගැන කියන්න යන්නට ප්‍රථමයෙන් ඔබට මා විශේෂ කාරණාවක් ගැන මතක් කර සිටිමට කැමතියි. ඒ තමයි එක දිගට විද්‍යා ප්‍රබන්ධ හා කාලීන මාතෘකා පාදක කොට ගත් නිර්මා…

බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසිකයන් වගේම Horror වර්ගීකරණයට අයත් සිනමා රසිකයන්ද පුන පුනා බලාසිටි සිනමා පටයක් සමඟිනුයි අද මා අඩවියට පැමිණියේ..! සිනමා පටය ගැන කියන්න යන්නට ප්‍රථමයෙන් ඔබට මා විශේෂ කාරණාවක් ගැන මතක් කර සිටිමට කැමතියි. ඒ තමයි එක දිගට විද්‍යා ප්‍රබන්ධ හා කාලීන මාතෘකා පාදක කොට ගත් නිර්මාණය වූ චිත්‍රපට කිහිපයකට එකදිගට උපසිරැසි ලබා දී එකවර ම මෙවැනි චිත්‍රපටයක් සඳහා උපසිරැසි කිරීමට හේතුව මොකක්ද කියන එක ගැන.මෙතුවක් කල් පැමිණි සම්ප්‍රදායික රාමුවේ දමිල සිනමා නිර්මාණයක් රස විඳීමට සිතුන නිසා වගේම අද ඔබ වෙත ගෙන එන්නා වු කාංචනා චිත්‍රපට දාමයේ නවතම නිර්මාණය වු කාංචනා 3 නොහොත් මුනි 04 සිනමා පටයද සාම්ප්‍රදායික ක්‍රමයට නිර්මාණය වී තිබෙන නිසාවෙනුත්. චිත්‍රපටය ගැන තොරතුරු විමසා බලන්නට ප්‍රථම කාංචනා චිත්‍රපට මාලාවේ ප්‍රථමය මුනි චිත්‍රපටයේ සිට මේ දක්වා පැමිණි චිත්‍රපටයන් පිලිබඳව වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බලමු.

  • 01. Muni (2007)

2007 වර්ෂයේදී ඉන්දියාවෙ තමිල්නාඩුවෙ මෙන්ම ආන්ද්‍රා ප්‍රදේශ්හි පවා ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තිරගත වූ මුනි චිත්‍රපටයේ හතරවැන්න කාංචනා 3 චිත්‍රපටයයි Ragawa Lawrance විසින් මෙහි ප්‍රධාන චරිතය හොබවන අතර මුනි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තිර රචකයා ද ඔහුය. පසුව මෙම චිත්‍රපටය සඳහා තිබූ ජනප්‍රියතාවය හේතුවෙන් මෙය 2011 වසරෙදි හින්දි බසින් ද හඬ කවා උතුරු ඉන්දියාවේ ද තිරගත කරන ලදී. ඉන්දීය රුපියල් මිලියන 20ක වියදමින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දීය රුපියල් මිලියන 150 ක් ලෙසින් වාර්තාවී ඇත.

– Muni (2007) –

  • 02. Kanchana (2011)

අනතුරුව 2011 වසරේ මෙහි නිෂ්පාදන අයිතිය ද තමා සන්තක කරගත් Ragava Lawrence මුනි II නොහොත් කාංචනා නමින් මෙහි තවත් කොටසක් නිර්මාණය කරනු ලබනවා. එහිදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි මුල් චිත්‍රපටය වන මුනි හි තිබුණටත් වඩා හාස්‍ය කොටස් වැඩි වශයෙන් දක්නට ලැබීම. ඒ කොහොමද කියලා වගේම ඒවගේ තත්වය මේ චිත්‍රපට මාලාව ඔබ මුල සිට නැරඹූ අයෙකු නම් ඔබ හොඳින් දන්නවා ඇති. 2011 වර්ෂයේ කාංචනා නොහොත් මුනි II වශයෙන් නිර්මාණය කල සිනමා පටයේ වියදම ඉන්දීය රුපියල් කෝටි 07 සිට 11 දක්වා මුදලක් වැයවී ඇති බවට සඳහන්ව තිබෙනවා. මෙහි Box office ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 20 සිට 30 දක්වා අගයකුත් වාර්තා වෙනවා. මේ චිත්‍රපටය සඳහා පලමු චිත්‍රපටයේ රංගනයේ නිරත වුනු Ragava Lawrence ඇතුලු නළු නිලි කැලම රංගනයේ නිරත වන අතර ප්‍රදාන නිළියගේ චරිතයට පමණක් Lakshmi Rai දායකත්වය දක්වනවා. තවද මේ චිත්‍රපටයේදී R. Sarathkumar අතිශය විශිශ්ඨ රංගනයක නිරත වෙමින් තම සුවිෂේශී රංගන දායකත්වය එක් කරනවා. පසු කාලයකදී මෙම චිත්‍රපටය මායා නමින් සිංහල සිනමාවේද ප්‍රතිනිර්මාණය වනවා.

– Kanchana (2011) –

  • 03. Kanchana 2 (2015)

මුනි III නොහොත් කාංචනා II, මේ චිත්‍රපට දාමයේ පලවන සහ දෙවන චිත්‍රපටයන්හි ලැබූ සාර්ථකත්වය නිසාවෙන් Ragava Lawrance විසින් මෙහි තුන්වැන්නද 2015 වසරේ දී නිෂ්පාදනය කරනු ලබනවා.මේ සඳහා නිෂ්පාදන වියදම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 20 ක් ලෙස දක්වා තිබෙන අතර මෙහි Box Office ආදායම ඉන්දිය රුපියල් කෝටි 120 ක් ලෙසද දක්වා තිබෙනවා. මේ සඳහා Ragava Lawrance ට අමතරව Nithya Menen සහ Taapsee Pannu, ද තම රංගන දායකත්වය එකතු කරනු ලබනවා.

– Kanchana 2 (2015) –

ඉහතින් විස්තර කර සිටියේ මෙතෙක් වසර 12ක් පුරාවට සිනමාවට පැමිනි මුනි චිත්‍රපට මාලාව වෙනුවෙන් නිකුත් වුනු චිත්‍රපට 3 ගැන හැදීන්වීමක්. ඉතින් අද මම ඔබ වෙත අරන් ඇවිත් තියෙන්නේ මේ චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය. එහෙනම් මෙතැන් පටන් කාංචනා චිත්‍රපට මාලාවෙ නවතම කාංචනා 3 චිත්‍රපටය ගැන අපි කතා කරමු. දැන් ඉතින් කලින් චිත්‍රපටි සෙට් එකම බලල නෑ කියල හැරිලා යන්න ඕන නැහැ. කලින් චිත්‍රපට ටික නොබැලුවා කියල මේ චිත්‍රපටය රස විඳිමට කිසිදු බාධාවක් නෑ.

– kanchana 3 (2019) –

කාංචනා සීරීස් එකෙන් ලබපු අති සාර්ථකත්වය නිසාම රාඝවා ලෝරන්ස් විසින් කාංචනා කතා මාලාවේ තවත් කොටසක් නිර්මාණය කරන්න තීරණය කරනවා. මෙවර රාඝවා Vedhika, Oviya සහ නවක නිළි Nikki Tamboli යන සුරූපී යුවතියන් තුන්දෙනාත් එකතු කරගෙන දැවැන්ත වැඩකටයි අත ගහන්නේ. කෝටි 150ක වියදමින් තැනෙන මුනි කතා මාලාවෙ හතරවැන්න නොහොත් කාංචනා තුන් වැන්න මේ වසරේ අප්‍රේල් 19 දින සිට ලොවපුරා රිදීතිරයන් 2600කටත් වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශනය ආරම්භ වූවා. මේ චිත්‍රපටය රාගවා ලෝරන්ස් සමගින් Sun Pictures ආයතනය එක්ව නිෂ්පාදනය කළ අතර මෙම චිත්‍රපටය බොහොමයක් දමිළ චිත්‍රපටයන් තබා තිබූ ආදායම් වාර්තාවන් පලමු දින කිහිපය තුලින්ම බිඳීමට පවා සමත්ව තිබෙනවා.

මුල ඉදලා මෙම චිත්‍රපට මාලාව නැරඹුවේ නැහැ ඒක නිසා කිසි දෙයක් තේරෙන්නේ නැතිවෙයි කියලා තව කෙනෙකුට සිතෙන්නට පුළුවන් නමුත් මම වඟකීමෙන් කියන දෙයක් තමයි එහෙම එකක් නැහැ මොකද චිත්‍රපට දාමයේ චිත්‍රපටයකින් තවත් චිත්‍රපටයකට තිබෙන කතාවන්හි කිසිදු සම්බන්ධතාවයක් නැති නිසා..! තිබෙන එකම සම්බන්ධතාව තමයි නිෂ්පාදක අධ්‍යක්ෂක කතාව තිර රචනය වගේම කතාවේ තිබෙන සිටින ප්‍රධාන චරිතයන් ටික පමණක් එක ලෙසින් දකින්නට ලැබීම. මා පෙර සඳහන් කළා මෙන් මේ චිත්‍රපටිය සාම්ප්‍රදායික දමිළ සිනමාපටයක අඩංගු සියලු කරුණුවලින් සමන්විත වන අතර මෙය එම රටාවෙන් ඒ රාමුවෙන් කිසිදු ආකාරයක වෙනසකට භාජනය වී නොමැති බව තවදුරටත් සඳහන් කළ යුතුයි.එනමුත් මෙම චිත්‍රපට දාමයේ රසිකයින්ට කිසිදු ආකාරයක තම රසාස්වාදයට හානියක් නොවනවාසේම අනිකුත්ද මිල සිනමා රසිකයන්ටද සාම්ප්‍රදායික දමිළ සිනමා පටයක දී ලැබෙන ආශ්වාදය මුළුමනින්ම ලබා ගැනීමට හැකිවන බව නොඅනුමානය.

– චිත්‍රපටය සඳහා ලැබුනු විචාරක අදහස් –

චිත්‍රපටි දාමය ගැන සඳහන් කළා සේම මෙහිදී අප විශේෂයෙන්ම මතක් කළ යුතු වූ පුද්ගලයෙක් සිටිනවා. ඒ තමයි මේ චිත්‍රපට දාමයේ කතාව තිර රචනය අධ්‍යක්ෂණය සහ මෙහි දෙවන චිත්‍රපටයෙ සිට නිෂ්පාදන කටයුතුද සිදු කරගෙන එනු ලබන Ragawa Lawrance ගැනත් විශේෂ කරුණු කිහිපයක් හුවා දැක්වීම.

කුඩා කලදී මොලේ පිළිකාවක් නිසා වැඩි වශයෙන් පාසල් අධ්‍යාපනය පවා නොලැබූ Ragawa Lawrance දකුණු ඉන්දීයාවේ තමිල්නාඩුවේ සමාජ සේවා කරනා නළුවන් අතරින් ප්‍රධාන තැනක් ගන්නා පුද්ගලයෙක්.! බොහොමයක් හෘදාබාධ සහිත කුඩා දරුවන් හට සැත්කම් කිරීම සඳහා මුදල් ආධාර ලබා දී ඇති ඔහු තම රසිකයන් මිතුරන් සේ සලකන නිහතමානී පුද්ගලයෙකි. පොදු ජනතාවට ව්‍යසනයක් කරදරයක් වෙන්නෙ කවද්ද කොතනද ඒ අවස්ථාවේ දී ඔහු තම අව්‍යාජ නිර්ලෝභී කම විදහා පාමින් ඔවුන් හට අවශ්‍ය සුබසාධන කටයුතු සලසා දී තිබෙනවා. එය මනා ලෙස පසක් කරමින් අප රටේද පසුගිය අප්‍රෙල් 21 වනදා සිදුවූ නීච පහත් ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විපතට හා සංවේගයට පත්වු ශ්‍රීලංකා වාසින් හටද තම ⁣ශොකය ප්‍රකාෂ කරමින් ධෛර්යමත්ව සිටින ලෙසද twitter පණිවිඩයක්ද නිකුත් කරා.

අවසාන වශයෙන් තවත් කරුණක් ඔබ හට සැල කිරිමට කැමතියි ඒ මේ චිත්‍රපට මාලාවේ මුනි 5 නොහොත් කාංචනා 4 වැන්නද නිර්මාණය කරන බව Ragawa Lawrance චිත්‍රපටය අවසානයේ දන්වා සිටිනවා සේම කාංචනා 1 නැතිනම් සිංහල සිනමාවේ පවා ප්‍රතිනිර්මාණය වු Kanchana 2011 සිනමා පටව හිංදි භාෂාවෙන්ද ප්‍රතිනිර්මාණ කටයුතු මේ මොහොත වෙද්දිත් ආරම්භ වී තිබෙනවා. එහි ප්‍රදාන චරිතය සඳහා හිංදි සුපිරි නළු Akshay Kumar විසින් රඟ දක්වනු ලබනවා. එහිද අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ Ragawa Lawrance විසින්ය.

වෙනදා වගේම චිත්‍රපටයේ සිදුවන කතාව ගැන මම අදත් සඳහන් කරන්න යන්නේ නෑ එසේනම් තවත් දමිළ Horror,Comedy වර්ගීකරණයට අයත් සිනමා පටයක් නැරැඹීමට ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටය කරන්න අරගෙන හිටියේ අපේ M.T.R. තරිදු රුක්ශාන් පෙරේරා අයියා. රටේ ඇතිවෙලා තියෙන වාතාවරණයත් එක්ක එයාට වෙනදා මෙන් කජු කනවා වගේ ඔබ වෙත උපසිරසිය අරන් එන්න පුලුවන් උනේ නෑ. රාජකාරි අස්සෙ පුලු පුලුවන් විදිහට චිත්‍රපටයේ බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් කාලරාමූ සකස් කරගෙන අසාලිවීමක කරල තියෙද්දි එයා හදිසියේම අසනීප වුනා. ඉතින් ඒ අල්ලපනල්ලේ මේකට හොඳ කොපිය නිකුත් වූ නිසා කරපු සබ් එක ඇජස්මන්ට් කරලා ඉතුරු හරිය සම්පූර්ණ කරලා ඔයාලගෙ අතට උපසිරසිය භාර කරන වගකීම මම අරගත්තා. ඔන්න එහෙනම් තරිඳු අයියගෙයි මගෙයි ලුණු මිරිස් රසට විදින්න ඔබට මෙසේ භාර කරනවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.

30,172 downloadsDownload Kanchana-3-2019-update.zip147 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

30,172 downloadsDownload Subtitles147 KB

93 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Sanjula.sk

      එල

  2. C lakmal

    ගොඩක් වටිනවා ,බලන්නම හිටිය ෆිල්ම් එකක් , තවත් සබ් කරන්න ,සැමටම වටිනවා ,ජය වේවා.

  3. sathnuwan

    Thanks bro

  4. prameshjay

    Thnks

  5. Thamod Indusara

    Thanks bro

  6. avishka360

    Thanks Bro

  7. Uvindu Dilshan

    Sub ekata thankx brother

  8. sooriyapatabadige

    Thanks for sub bro (muni 2007) movie eke sub dennako bro please.........mm

  9. Sanjeewa2010

    Tynxxxxxxxxxxxx

  10. nish47

    thanks machn

  11. gihan perera

    ස්තුතියි....ස්තුතියි....ස්තුතියි....සහෝලා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  12. pryantha gallage

    thanks to sub

  13. L asalaka

    Tnxxxx Broo sub 1ta

    1. silentnight

      Sub ekata bohoma sthuthi sahola dennatama..lipiyath bohoma watinawa..jaya wewa!!

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. gpasindu92

    Thanks bro.

  16. Nirosh C

    ස්තුතියි දෙපළටම,ජයවේවා!

  17. Stranger

    thanks

  18. lahiru ru

    Ela Sahooo Thankzz Sub Ekata

  19. malithmadhushan45

    බොහොම ස්තුතියි දෙන්නටම බලාගෙන හිටියේ උපසිරස එනකන්

  20. Pradeepkumara

    Thanx saho

  21. Hasi1234

    Macho kanaa 2018 subtitles dapnko

  22. vas0303

    Thanks bro

  23. SDKMN

    thank you bro

  24. AravindaJayaweera

    thank bro

  25. Manoj Ashitha

    elm

  26. Lalani Maduwanthi

    Thanks dennatama,,,tharidu malli ikmanata saneepa wenna,,,,god bless you

  27. damith_janaranjana

    Thanks bro

  28. Nandana_kumara

    Tu

  29. ridmal

    Thanks brooo

  30. සනිඳු ලක්ඛිත

    දෙන්නටම බොහොම ස්තූති උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  31. akilachamodya

    ජයෙන් ජය බයිස්කොප් උපසිරසියි විඩියො කොපියි දෙකම ඩවුන්ලොඩ් කරනව
    උපසිරසියට බොහොම ස්තුතියි

  32. [email protected]

    ela sinhala sube ekata thanks digatama sube demu jayawewa,,,

  33. NuwanK

    Thank u brothers..

  34. lasantha gomes

    well done brothers

  35. Aac3

    එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... නියමයි දිගටම මේ වගේ සබ් දෙන්න සහෝ ජය වේවා !!!

  36. H_anuru

    thank you bro

  37. sudumanikakaushika

    Tnx kollo good luck

  38. Nilush Angana

    Sub ekata thanx

  39. Cool_maths

    Thda bro

  40. rangika Kariyawasam

    බලාපොරොත්තුව හිටපු ෆිලුමක් .සහෝලා දෙන්නටම බෝම තුති.ජයවේවා

  41. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි බොහෝම ස්තුතියි තරිඳු කොල්ලෝ....කලින් ඒවා ඔක්කොම බලල මේක විතරක් නොබැලුවම වැඩක් නෑනේ...

  42. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  43. Cavil

    Thanks Saho Sub ekata.

  44. Dinesh Buddika

    Thanks.........................

  45. pasinduhasalankakm

    thankz u keep it up

  46. TKasun_xMadu

    එල

  47. chanaka47

    Wistareta thanks ban. Wistare hodama tika tamai Akshay Muni eke ragapanawa kiyana eka.full athal filumak wei. Dan nam eka enakan iwasillak ne bro.
    Ekenma thanks ubata hoda wistarayak hoyala karala sub ekak hadala denawata. Ekenma suba pathanawa. Good luck Baiscopelk... ️️️️️️

  48. AUSHI

    Thanks bro.

  49. thejan samarakoon

    Thanks තරිදු and තාරක best of luck.....

  50. Udaya Saman

    Site eke supirima porawal 2 khe ekathuwakne.bohoma thuthi sub ekata

Load more comments