Watch Trailer

Total Dhamaal (2019) with Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකින් උපසිරසියක් අරගෙන ආවා මම. කාර්යබහුල වීම හින්ද මේ සබ් කෙරුවාව පොඩ්ඩ පස්සට ගියත් අමතක කරලා නැහැ. ඉතින් අහම්බෙන් අත්පත් කරගන්න ලැබුන මේ චිත්‍රපටය කරන්න හිතුනා. හැබැයි ඉතින් අඩුපාඩුවක් නැතුව ලයින් 2150 ක් ම තිබ්බා. කොහොම උනත් ඉතාමත් විනෝදමත් මේ චිත්‍රපටය දැන් ඔයාලට…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකින් උපසිරසියක් අරගෙන ආවා මම. කාර්යබහුල වීම හින්ද මේ සබ් කෙරුවාව පොඩ්ඩ පස්සට ගියත් අමතක කරලා නැහැ. ඉතින් අහම්බෙන් අත්පත් කරගන්න ලැබුන මේ චිත්‍රපටය කරන්න හිතුනා. හැබැයි ඉතින් අඩුපාඩුවක් නැතුව ලයින් 2150 ක් ම තිබ්බා. කොහොම උනත් ඉතාමත් විනෝදමත් මේ චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන්.

චිත්‍රපටය නම් කොමඩි කැටගරියේ එකක්. ඉතින් සීරියස් මුඩ් එකේ බලන්න එපා මේක. බැලුවට වැඩකුත් නැතිවේවි. ඒත් ඉතින් පැය දෙකක් පුරා හිනාවෙන්න කැමති නම් බැලුවට කාරී නැහැ. මේ චිත්‍රපටය Dhamaal (2007) යේ තුන්වන කොටස විදියට තමා නිර්මාණය වෙන්නේ. දෙවන කොටස Double Dhamaal (2011) නමින් තමා නිර්මාණය උනේ. මුල් චිත්‍රපටවල සිටි චරිත වලට අමතරව ඉතා ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ චිත්‍රපටයට එකතු කරන් තියෙනවා. අජේ දේව්ගන්, අනිල් කපුර්, රිතේෂ් දේශ්මුක්, අර්ශඩ් වාසි, ජාවෙඩ් ජෆ්රි, සන්ජේ මිශ්රා, ජොනි ලිවර්, බෝමන් ඉරානී, මහේෂ් මන්ජයකාර්, ඉෂා ගුප්තා මෙන්ම මධුරි දික්ෂිත් මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වෙනවා. මිට අමතරව ජැකී ශරෝෆ් තම කටහඬින් මෙන්ම ගීතයක් සඳහා සොනක්ෂි සින්හාත් එකතු වෙනවා. එතැනින්ම ඔයාලට පේනවනේ විශාල නලුනිලි කැලක් සමග නිර්මාණය වෙලා තියෙනවා කියල. ඊට අමතරව සිංහයා, කොටියා, වඳුරා සහ ගොරිල්ලොත් මේ චිත්‍රපටයේ රඟපානවා. චිත්‍රපටය Action, Adventure, Comedy කාණ්ඩයට අයත් වෙන අතරේ IMDb රේටින් 4.5 ක් ලබාගෙන තියෙනවා. 2019 වසරේ සාර්ථක වෙච්ච හින්දි ෆිල්ම් කීපයෙන් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. දින තුනකින් ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කොටි සියය පහුකරන්න මේ චිත්‍රපටයට හැකි උනා.

කතාව ගැන කියනවා නම් පටන් ගන්නේ පොලිස් කොමසාරිස් කෙනෙකුත් සම්බන්දව මිලියන පන්සීයක හොරකමක් එක්ක. ඒ හොරුන්ගෙන් තව නම්දරාපු හොරු දෙන්නෙක් හොරකම කරනවා. උන් දෙන්නගෙන් තව එකෙක් හොරකම් කරනවා. අන්තිමට ඒ සල්ලි ජනක්පුර් වල සත්තු වත්තක හංගනවා. තව වට පිටින් එකතුවෙන කතා නායකයෝ ටිකක් එක්ක මේ සල්ලි හොයාගෙන යාම තමා චිත්‍රපටයේ තියෙන්නේ.

ඔන්න එහෙනම් මම ගියා. කාර්යබහුල තත්වය මදක් අඩුවෙලා තියෙන හින්ද ආපහු ළඟදීම උපසිරසියකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

බුදුසරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL / HD පිටපත සඳහා අදාළ වේ.

13,751 downloadsDownload Total-Dhamaal-2019.zip119 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

13,751 downloadsDownload Subtitles119 KB

30 comments

  1. Reviews

    Thankzz bro.superb❤️❤️good luck.

  2. isuru srinath sjs

    නියමයි.. Thanks.. ❤️

  3. namika

    patta mchn!
    thanks!

  4. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි

  5. lahiru sadaruvan

    thank you so much brother

  6. චානක ඉඳුනිල්

    සබට බොහොම තුති.

  7. M.W. Dilhani

    ආව දවසෙම බැලුවේ. මට නම් පොඩ්ඩක් වත් ඇල්ලුවේ නෑ. මහ ගොං පාට්. හැබැයි පවුලේ හැමෝටම එකට ඉදලා බලන්න පුළුවන්. කොහොම උනත් ස්තූතියි.

  8. C lakmal

    ගොඩක් වටිනවා සබ් එක ,ජය වේවා ,
    Kesari (2019) Hindi සබ් කරන්න බලන්න.

  9. Bandara76

    thank you brother

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. sathyajith

    Thanks for the sub

  12. Deshani

    thank you

  13. lasantha gomes

    thanx bro

  14. Hirusha2002

    thanks bro. Ela

  15. damith_janaranjana

    එලම

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට...ලොගන් අයියා සබක් දුන්නාම කොහොම නොබලා ඉන්නද..අරන් බලමු..බුදුසරණයි..ජය වේවා!!!

  17. apio

    sthuthy......

  18. Janitha abeyweera

    thanks a lot for your Sinhala sub. kindly help to do " Ek Tha Tiger 2012" Hindi Movie Sinhala sub also.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. gnaluthgamage

    luka chuppi sub eka den nadda

  21. Sasanka Dilhan

    subtitle එකට බොහොම ස්තූතියි

  22. geethkamal

    sub ekata tnx. jaya wewa

  23. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    අසංකයියා කාලෙකින් නෙව ෆිලුමකට සබ ගෙනත් තියෙන්නේ.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  24. aks

    Thanks...

  25. Kanchaka

    Thannks bro

  26. buddika sudarman

    thanks bro..

  27. Mevandhanushka

    Thanks...

  28. shani anji

    Thnkq for the hard work

  29. mithnil1986

    නියම වැඩ මේවා...අනාගතයට සුභ පැතුම්

  30. Vishwa sasanka

    Thank you