Watch Trailer

Photograph (2019) Sinhala Subtitles | ෆොටෝකාරයාගේ මනමාලී [සිංහල උපසිරැසි සමග]

‘වැරදි කෝච්චියට නැග්ගට බය වෙන්නෙපා, සමහරවිට ඒක ඔයාව හරි නැවතුමට ගිහින් දාවි’ කාටහරි මේ වාක්‍ය පේලිය මතකයි නම්, එයා පහුගිය වසර කිහිපය ඇතුලත ආපු හොඳම හොඳ බොලිවුඩ් ආදර කතාවක් බොක්කෙන්ම රස විඳලා තියෙන කෙනෙක් කියතහැකි. බොලිවුඩ් ආදර කතාවක්!! මොකක්ද ඒ? Aashiqui 2? Sanam teri Kasam? ඔන්න ඕවනේ කට්ටියගේ ඔලුව…

‘වැරදි කෝච්චියට නැග්ගට බය වෙන්නෙපා,
සමහරවිට ඒක ඔයාව හරි නැවතුමට ගිහින් දාවි’

කාටහරි මේ වාක්‍ය පේලිය මතකයි නම්, එයා පහුගිය වසර කිහිපය ඇතුලත ආපු හොඳම හොඳ බොලිවුඩ් ආදර කතාවක් බොක්කෙන්ම රස විඳලා තියෙන කෙනෙක් කියතහැකි. බොලිවුඩ් ආදර කතාවක්!! මොකක්ද ඒ? Aashiqui 2? Sanam teri Kasam? ඔන්න ඕවනේ කට්ටියගේ ඔලුවට එන්නේ. ඒත් උත්තරේ ඔය එකක්වත් නෙමේ, 2013 අවුරුද්දේ කල එලි බැස්ස ඒ අමුතුම ආදර කතාව තමා Lunch Box. කෑම පෙට්ටියකින් පටන් ගත්තු ඒ ආදරේට ඉන්දියාවටත් වඩා විදෙස් රටවල් වලින් ලොකු ජනප්‍රියත්වයක් හිමිවුණා. ඉන්දියාවටත් වඩා විදෙස් සිනමාහල් වල ටිකට් කවුළු පිරීතිරී ගියා. සාමාන්‍ය බොලිවුඩ් වට්ටෝරුවෙන් මිදුණු මේ පුංචි චිත්‍රපටිය, Lunch Box අවසානයේ තමන්ගේ ගමන නිමා කරේ වසරේ සාර්ථකම චිත්‍රපටියක් බවට පත්වෙමින්. අදටත් හොඳම ඉන්දියන් චිත්‍රපට ලැයිස්තුවේ මුල් 150 අතර වැජඹෙනවා ඔබට දකින්න පුළුවන්.

ඔය උඩ කියපු Lunch Box චිත්‍රපටයේ අධ්‍යක්ෂක තමා රිතේෂ් බත්‍රා මහත්තයා. ඔන්න එතුමා වසර 6කට පස්සේ තවත් එක අගනා සිනමා කෘතියක් බොලිවුඩයට බිහි කළා. නවාසුද්දීන් සිද්දීක් සහ සාන්‍යා මල්හෝත්‍රාගේ මනරම් රංගනයත් මුසු කරපු මේ සිනමාපටය කලින් වගේමයි, එදිනෙදා හමුවෙන චරිත එක්ක ගැටෙන වෙනස් ආදර කතාවක් මේ වතාවෙත් Photograph එක්ක ඔබ හමුවට එනවා. සුපුරුදු ලෙසම ඉන්දියාවෙන් නම් මෙයට ලැබුනේ ඇල්මැරුණු ප්‍රතිචාරයක්. සුපුරුදු වට්ටෝරුවෙන් බැහැරව යන මේ වගේ සිනමාපට බොක්ස් ඔෆිස් අතින් ඉන්දියාව ඇතුලේ සර්වයිව් වෙන්න නම් ලොකු ගේමක් දෙන්න ඕන, නැත්තම් පෙර පිනක් තියෙන්න ඕන. කොහොමින් හරි බලපු ප්‍රේක්ෂයකයන්ගේ සහ විචාරකයන්ගේ නොමද ප්‍රසාදය දිනාගන්න නම් Photograph සමත් වුණා. ඉතින් ඉදිරියේදී Lunch Box වගේම මේ සලරුවත් අන්තර්ජාතිකමය වශයෙන් සවිබල ගැන්වෙයි කියලා තමා හිතෙන්නේ නම්.

2019 වසර කියන්නේ බොලිවුඩයට බොක්ස් ඔෆිස් වශයෙන් නම් ඉතාම ශක්තිමත් වසරක් වුණා. නමුත් කන්ටෙන්ට් එක අතින් නම් තවමත් පුද්ගලිකව සෑහීමකට පත් වෙන්න නිර්මාණ මම නම් දැක්කේ අතලොස්සයි. Uri, Manikarnika, Total Dhamaal, Badla, Romeo Akbar Walter, Kesari ඔය මොක බැලුවත් මේවා කලින් කොහෙන්හෝ බලපු හැගීම තමා දැනුනේ. ඔය අතරින් ආපු Gully Boy සහ මේ Photograph කියන සලරූ දෙක විතරයි තවම අලුත් පිට රස විඳින්න දෙයක් දුන්නේ. Photograph බලන බලන වාරයක් පාසා ප්‍රේක්ෂකයාට දෙන්න හිතෙන අර්ථකතන එකිනෙකට වෙනස් වෙනවා, මේ හිතපු දේ නෙමේ ආයේ හිතෙන්නේ. ඉතින් ඒ අතින් මට මේ සිනමාවබෙස්ට්. හැමදාම හැමෝම කියන්නා වගේ එකිනෙකාගේ රස වින්දනය වෙනස්නේ. ඉතින් Photograph කියන්නේ චිත්‍රපටියකට වඩා කවියක්. Lunch Box, Lootera වගේ චිත්‍රපටි රහ විඳපු අය අනිවාර්යෙන් බලන්න. හෙමින් ගමනේ යන, අතරින් පතර සින්දුවක්වත් නැති, නිහඬ, කොටින්ම කිව්වොත් පසුබිම් සංගීතය පවා වැඩියම යොදාගෙන නැති, ඒ වෙනුවට පාරේ වාහන යන සද්දේ එහෙම ඇහෙන ඒවා බලන්න අකමැති අය ඉන්නවා නම්, ඈනුම් යන අය ඉන්නවා නම් මේ ලිපියයි, මේ අගනා සලරුවයි මග අරින්න කියලා ඉල්ලා සිටිනවා.

ඇස් වලටයි මොලේටයි පොඩි විවේකයක් දීගෙන නිවිහැනහිල්ලේ බලන්න යමක් හොයනවා නම් අන්න පල්ලෙහා ලින්ක් එක, ගිහින් බාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,594 downloadsDownload Photograph-2019.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

6,594 downloadsDownload Subtitles37 KB

34 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  2. Lalani Maduwanthi

    Thank you,,,bro

    1. ridmal

      Thanks bro

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....ආදර කතා නම් සුපිරි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  5. RichSanjaya

    Thank You

  6. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  7. Aac3

    සබ් එකට ගොඩක් ස්තූති සහෝ... ජය වේවා !!! Kesari එකටත් සබ් දෙන්නෝ...

  8. polaya

    T H A N K Y O U

  9. rehani

    thank you...

  10. anushka5800

    oya nam supiri waddek.. thnxs sahoo.............

  11. Bandara76

    Thanks Maxxxxa

  12. Rumesh dhanushka

    Thanks all

  13. Tharaka

    thanks..........

  14. Pramukmili

    thsnxxx bro...............

  15. කවිනු වීරක්කොඩි

    නූඩ්ල්ස් කොණ්ඩේ කෙල්ලෙක් ඉන්නකොට කොහොමැයි අප්පා නොබලා අත හරින්නේ?!
    අනික nawazuddinනුත් ලේසි පහසු මිනිහෙක් නෙමෙයිනේ..
    ඔන්න එහෙනම් බෑවා!!!
    ස්තූතියි මයුරයියේ..

  16. Rumesh dhanushka

    Thanks brother

  17. D.Chamara

    සබ් එකට බොහෝම ස්තුති සහෝ ...

  18. aks

    Thanks...

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  20. Rumesh dhanushka

    Support karanne nanee

  21. Rumesh dhanushka

    AAa hariiii. Thanks brother

  22. Pradeepkdisanayaka

    සුපිරිම
    Pattama thanks machoo

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Wicki

    ඔබටබොහොම ස්තූතියි

  25. chathurangi93

    me denna innawanm niyama film1k wenna athi. gdaak thanks

  26. MadhuBandara

    Thank You Yaluwa

  27. බොබී

    මේ වගේ කතා අපි අනිවා බලනවා. බොහොම තුති සහෝ.

  28. anjana3

    උප සිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා. චිත්‍රපටය ගැන පුහු ආටෝපයෙන් තොරව ඔබ කියූ විස්තරය ගැනත් ස්තුතියි. (ඇතැම් උප සිරසිකරුවන් අපි අන්දනවා) මම හිතන්නේ ඔබ සාර්තක උපසිරසි කරුවෙක් කියල. ඔබගේ කැපකිරීමට ආයෙත් ස්තුතියි

  29. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    වෙනස්ම එකක් වගේ...
    ගොඩක් අය හොඳ කියලා තිබ්බා දැක්කා.
    අනිවා බලන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  30. chathurika Liyanaarachchi

    thank u

  31. sachinnn

    Thanx mchn sub ekt.baiscopelk ekt jaya wewa

  32. AnushkaMG

    Thanks...........!

  33. sahani

    the movies is a good one. im still in love with their souls. thanks a lot for the sub. good job. keep it up.