ආයුබෝවන් හැමෝටම ! හිතපු නැති වෙලාවක නිකුත් උන ෆිල්ම් එකකට අපේ විමා සහෝගෙ ආරාධනයෙන් උපසිරසි ගැන්වුවා. හොලිවුඩයේ තවත් සුපිරි ක්‍රියාදම නළුවෙක් වෙන Gerard Butler ගේ නවතම ෆිල්ම් එක තමයි ඒ විදියට ගෙනාවේ. ඔයාලා The Covenant ෆිල්ම් එක ආසාවෙන් බැලුවනම් මේකෙත් ඒ හා සමාන තේමාවක් තමයි තියෙන්නේ. යුධ ක්‍රියාදාම…

ආයුබෝවන් හැමෝටම ! හිතපු නැති වෙලාවක නිකුත් උන ෆිල්ම් එකකට අපේ විමා සහෝගෙ ආරාධනයෙන් උපසිරසි ගැන්වුවා. හොලිවුඩයේ තවත් සුපිරි ක්‍රියාදම නළුවෙක් වෙන Gerard Butler ගේ නවතම ෆිල්ම් එක තමයි ඒ විදියට ගෙනාවේ. ඔයාලා The Covenant ෆිල්ම් එක ආසාවෙන් බැලුවනම් මේකෙත් ඒ හා සමාන තේමාවක් තමයි තියෙන්නේ. යුධ ක්‍රියාදාම වලට ආස යාළුවෝ මේක නරඹයි කියලා හිතනවා. වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ විස්තර පොඩ්ඩක් බලලා ඉමු.

Kandahar (2023) චිත්‍රපටය මේ වෙද්දි IMDb හි 6.1ක හොඳ අගයකුත් 46%ක කුණු තක්කාලි අගයකුත්, 81%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මැයි මස 26 වෙනිදා තමයි මේ චිත්‍රපටය සිනමා ශාලවන්ට නිකුත් වෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Ric Roman Waugh විසින්. ප්‍රධාන චරිතය වෙන ටොම් හැරිස් ලෙස සුපිරි නළු Gerard Butler එක් වෙන අතර ඉන්දියානු රංග ශිල්පි Ali Fazal කාහින් නසීර් ලෙසත්, Navid Neghaban මොහොමඩ් හෙවත් “මෝ” ලෙසත්, Vikings කතා මාලාවේ අමරණීය චරිතයක් වූ රැග්නා ලෙස ජනාදරයට පත් Travis Fimmel රෝමන් ලෙසත් තම රංගන දායකත්වය ලබාදෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රහසිගත CIA නියෝජිතයෙක් වෙන ටොම් හැරිස් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් සාර්ථකව කඩාකප්පල් කරලා ආපහු එන්න හදනකොට ඇෆ්ගනිස්තානයේ තවත් මෙහෙයුමක් බාර වෙනවා. මෙයාට ඒකට ඇෆ්ගන් ජාතික භාෂා පරිවර්තකයෙකුත් ලැබෙනවා. ඒ අස්සේ මාධ්‍යවේදීනියක් කරන වැඩක් නිසා ටොම් විසින් ඉරාන න්‍යෂ්ටික බලාගාරය විනාශ කරපු සිද්ධිය එළිවෙලා මැදපෙරදිග හැම රටකින්මත්, අල්කයිඩා, ISIS වගේ ත්‍රස්ත සංවිධාන වලිනුත් ටොම්ව ප්‍රසිද්ධ කරලා අල්ලගන්න හොයනවා. CIA සංවිධානයට තමන්ගේ නියෝජිතයව බේරගන්න කරන්න පුළුවන් එකම දේ තමයි ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර තිබෙන පරණ CIA කඳවුරකට ගුවන් යානයක් එවන එක. ඉතිං ටොම්ට මේ ගුවන් යානයට නගින්නනම් සැතපුම් 400ක් ගමන් කරන්න ඕන ඒ වගේම ටොම්ගේ පස්සේ ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධාන සහ මැදපෙරදිග බලවත් රාජ්‍යනුත් පන්නනවා. මේ හැමෝගෙන්ම බේරිලා ටොම්ට කන්දහාර්වල තියෙන ගුවන් යානයට නගින්න පුළුවන් වෙයිද ?

එහෙනම් ඔයාලට උපසිරසිය බාගෙන, කොමෙන්ට් එකක් දාලා ෆිලුම බලන්නයි තියෙන්නේ. ඒ වගේම මට මේ ෆිලුම ගැන දැනුවත් කරලා ඉංග්‍රිසි උපසිරසියත් හොයලා දීපු විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉක්මනටම තවත් උපසිරසියකින් හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

24,988 downloadsDownload Kandahar.2023.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

24,988 downloadsDownload Subtitles35 KB

37 comments

  1. thilina

    thx bn

  2. N R Chaminda

    Sub ekata thanks dan site ekanm kolati comment ekk danna ehema lesi issara wage අපහසුවක් na

  3. Anonymous

    Extraction 2 sub demu
    Mekatath thanks

  4. Chandika

    Thank you for subtitle.site eka black karapu eka es 2kta hadai

  5. Dasun

    Thanks Sub Ekata..

  6. Anonymous

  7. Anonymous

    great work....
    keep it up !!!!!!!!!1

  8. Sumudu

    උපසිරැසියට ස්තුතියි
    පොඩි Request එකක්,
    Ben Affleck ගේ AIR (2023) සහ Ridley Scott Direct කරපු Thelma & Louise (1991) movies දෙකටත් sub දෙන්න...

  9. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ෆිල්ම් එකත් හොඳයි වගේ. වෙලාවක බලන්න ඕනෙ. ජයවේවා!

  10. Roshan

    Thnx bro...Great job...Good luck...

  11. Mahesh Chaminda

    සබ් එකට ස්තුතියි සහොදරයා carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  12. Ahmed Karheem

    Collo site eka maintenance mode dala modify krlane oyala. Sub ekata thank you wewa collo! Tawa wada tikak karanna cupiri! Thank again cuddh!

  13. lakshan

    thanks ...............

  14. Anonymous

    Thanks Brother

  15. Amila

    Thanx...!

  16. Devinda

    Thanks for sub

  17. pavith

    1st sub downloader

  18. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  20. Hashan

    Thnx for the sub bro❤️

  21. Pasiyah

    Thnk broz for the sub❤️

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  23. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  24. tharindu

    thank you for your work. good luck. :-)

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  26. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  27. Bobby

    Thank you very much for the Sub

    1. Anonymous

      Thank you for the sinhala sub❤

  28. Ramal

    Thanx sub ekata machan...

  29. Nishan

    Thanx bro

  30. Roo jayasingha

    Thanks brother

  31. Dewadithya

    Thanks for Sub!

  32. Roshan Shameera

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ... සෑහෙන කාලෙකට පස්සේ එකක් බලන්න හිතුනා.
    ජය වේවා.

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Vikum Wijenayaka

    thanks.mn kalayak thisse sinhala me web site eken ganne,ithin mahansi vela meka hadala dunnu Yuran sahodarayata godak thanks.

  35. Anonymous

    ස්තූතියි

  36. Chanaka Sangeeth

    Thank you bro