Watch Trailer

The Covenant (2023) Sinhala Subtitles | දිවි පරදුවට තබා රැකි ප්‍රතිඥාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් අළුතින්ම ආපු ෆිලුමක් උණු උණුවෙම ඔයාලට අරන් ආවා. ඇත්තටම මේ වැඩේට මුල පිරුවේ අපේ ශාන් විමුක්ති සහෝ තමයි. The Covenant කියන්නේ හොලිවුඩයේ පතාක ක්‍රියාදාම අධ්‍යක්ෂවරයෙක් වෙන ගයි රිචී මහත්මයගේ නවතම ෆිල්ම් එක. මේ ෆිල්ම් එක බලන්න එතුමගේ නම දැක්කත් ඇති බව දැනටමත් ඔයාලා දන්…

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් අළුතින්ම ආපු ෆිලුමක් උණු උණුවෙම ඔයාලට අරන් ආවා. ඇත්තටම මේ වැඩේට මුල පිරුවේ අපේ ශාන් විමුක්ති සහෝ තමයි. The Covenant කියන්නේ හොලිවුඩයේ පතාක ක්‍රියාදාම අධ්‍යක්ෂවරයෙක් වෙන ගයි රිචී මහත්මයගේ නවතම ෆිල්ම් එක. මේ ෆිල්ම් එක බලන්න එතුමගේ නම දැක්කත් ඇති බව දැනටමත් ඔයාලා දන්නවා ඇති. Rock n Rolla, Wrath Man, The Man from U.N.C.L.E , Snacth වගේ සුපිරි ෆිල්ම් රාශියක අධ්‍යක්ෂවරයා උනේ එතුමා තමයි.

මේ වෙද්දි IMDb හි 8.0 වැඩි ඉතා ඉහල අගයක් ලබාගන්නත්, 83% කුණු තක්කාලි අගයකුත්, 95% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් The Covenant සලරුවට හැකි වෙලා තියෙනවා. අප්‍රේල් 21 වෙනිදා සිනමා ශාලවන්ට නිකුත් උන මේ චිත්‍රපටයේ වෙබ් පිටපත් ඊයේ (09) තමයි අන්තර්ජාලයට නිකුත් උනේ.

මේ සලරුව අධ්‍යක්ෂනය කලේ ගයි රිචී මහත්මයා බව දන්නවනේ. රංගනයෙන් අපිට සුපුරුදු මුහුණු කීපයක්ම දැකගන්න හැකි වෙනවා. ප්‍රධාන චරිතය වෙන සාජන් ජෝන් කින්ලි ලෙස සුපිරි නළු Jake Gyllenhaal එක වෙනවා. Daar Salim අහ්මඩ් ලෙසත්, වයිකිං කතාමාලාවේ බියෝන් අයන්සයිඩ් ලෙස රසික ජනාදරය දිනාගත් Alexander Ludwig සාජන් ඩෙක්ලන් ලෙසත්, The Boys කතාමාලාවේ හෝම්ලෑන්ඩර් ලෙස සුපිරි රංගනයක් ඉදිරිපත් කරන Antony Starr එඩී පාකර් ලෙසත්, Elementry කතාමාලාවේ ෂර්ලොක් හෙවත් Jonny Lee Miller කර්නල් වෝක්ස් ලෙසත් රංගනයෙන් දායකත්වය දෙනවා.

ජෝන් කින්ලි කියන්නේ තලෙයිබාන්වරුන්ට එරෙහිව යුධ සමයේදී ඇමරිකාව වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ සේවය කල සාජන් වරයෙක්. ඇෆ්ගනිස්තානු බිමේ යුධ වැදීමේ පහසුව ජෝන් අහ්මඩ් කියලා ඇෆ්ගන් ජාතිකයෙක්ව ඇමරිකානු හමුදාවට බඳවා ගන්නවා. එහෙම බඳව ගන්නේ ඔහු සහ ඔහුගේ පවුලට ඇමරිකානු වීසා ලබාදෙන පොරොන්දුව මතයි. ඉතිං දවසක් තලෙයිබාන් ප්‍රහාරයක් හමුවේ ජෝන් කින්ලි සහ අහ්මඩ් දෙන්නා ඇෆ්ගනිස්තානු බිමේ අතරමං වෙනවා. ඒ අස්සේ කින්ලිට වෙඩි වැදිලා තවත් අසාධ්‍ය තත්වයට පත් වෙනවා. කොහොමින් හරි අහ්මඩ් දන්න සෙල්ලම් ඔක්කොම දාලා කින්ලිගෙ පණ බේරලා ඇමරිකාවට එව්වත් අහ්මඩ්ට ඇෆ්ගනිස්ථානයෙන් පිටවෙන්න බැරි වෙනවා.

රෝහලදි සිහිය එන කින්ලි මුලින්ම හොයලා බලන්නේ අහ්මඩ්ට උන දේ ගැන. ඒ වගේම තමන් අහ්මඩ්ට උන පොරොන්දුව ඉටු කරන්න බැරි උන එකට කින්ලි දැඩි කලකිරීමකින් ඉන්නේ. ඉතිං සාජන් ජෝන් කින්ලි තමන්ගේ පොරොන්දුව ඉටු කරන්න මොකක් ක්‍රයිද ? ඒකට උත්තර මේ ෆිලුම බැලුවම ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් තාවත් ලිපිය දික් නොකර මම නවතින්නම්. ඒ වගේම මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට අපේ විමා සහෝට ගොඩක් ස්තූති වන්ත වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

51,957 downloadsDownload Guy.Ritchies.The_.Covenant.2023.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “ශාන් විමුක්ති [විමා]” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

51,957 downloadsDownload Subtitles41 KB

50 comments

  1. Sujith

    Thanks for sub Machooooo..

  2. Anonymous

  3. බයිස්කෝප්කාරයා

  4. Naveen Mbr

    බොහොම ස්තූතියි දෙන්නාටම.

  5. Stephen holmes

    සබ් එකට Thank You සහෝදරවරුණි ❤️

  6. සැම්පා

    බයිස්කෝප් එක එකපාරම වෙදපප්පගේ අරිෂ්ටේ බීලා වගේ
    එල එල ජය වේවා බයිස්කෝප්

  7. Bimsara Yashan(ඔලිව)

    සබ් දෙනකල්මයි බලන් හිටියෙ. බොහොම ස්තූතියි උපසිරැසියට සහෝල දෙන්නටම. ජයවේවා!

    1. Chamikara Vidanage

      බොරු කියන්න එපා යකෝ බලන් හිටියා කියලා.

  8. Isuru

    Carnival raw එකෙ සබ් එක දෙන්නකෝ දැන් ගොඩක් දවස් ගිහින්නෙ එක දෙන්නෙම නැනේ කවුරුවත් තව epi 3නේ ඒක කරන ගමන් කිව්ව්ට තම නැනේ දැන් දෙන්න කල් හොදටම

    1. Tony

      Sirawtma Bn

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  10. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනුක සොයුර ..........
    ගොඩක්ම ස්තූතියි විමා සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  11. රුක්ෂාන්

    එකෙක් පහල කියල තියෙනවා වගේ බයිස්කෝප් එකේ උන්ව අරිෂ්ට කල්දෙරමට වැටිලා.
    අපිට තමා වාසි. සුපිරි සබක් බලන්න නම් උඹල හැර වෙන කවුද ඉතිං අපිට ඉන්නේ.

  12. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  13. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Dhananjaya Gamage

    patta

  15. Anonymous

    ගුනේරු කියා කියා අරුන්ට බැන්නට මුනුත් ගුගල් ටාන්ස්ලේට් කරනවද කොහෙද
    නැත්නම් කොහොමද මුන් මේ ලගකදී ඉඳල මෙහෙම සබ් දෙන්නේ.

    1. Chamikara Vidanage

      සබ් දෙන්න යන කාලය අඩු කරාට කොලිටි අඩු කරලා නැහැ. ඉක්මනට දෙන්නේ ඔයාලගේම හොඳට. නැත්නම් ගුනෙරු සබ් බලලා නොමග යනවනේ ඕගොල්ලෝ.

    2. Anonymous

      අමෝ අමෝ..ඒ වුණාට සමහර සබ්නම් හද්ද ගූ..ට්‍රාන්ස්ලේට් කියන්න සුපිරිම ට්‍රාන්ස්ලේට්..

    3. ගුගල් ට්‍රාන්ස්ලේට් පියා

      උඹලා මගුලක් කතා කරනවා. ගුනේරුලට ගුගල් ට්‍රාන්ස්ලේට් සබ් කරන මම හරියට ෆිල්ම් බලන්න සබ් ගන්නෙත් මේකෙන් බන්.

    4. පීටර් බාත්ලට්

      සොරි වෙන්න ඕන බයිස්කෝප් ....අපේ පජාත යාලුවෙක් මෝඩ කමෙන්ට් කරනවට..
      ..මම,ෂාන් සසංක,උවිනි ඇතුලු අපි ඔක්කොම සබ් කරන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් තමයි...ඒකේ ආයි දෙකක් නෑ...

    5. Anonymous

      අවුරුදු 14ක් පරණ බයිස්කෝප් එක වෙන සයිට් වල උන්ගේ නම් වලින් බයිස්කෝප් එක අස්සෙම කමෙන්ට් දාගෙන අපි තමයි වැඩ්ඩෝ කියාගන්න තරමටම පීචන් වෙලානේ..

    6. mn ublage PETER ayya

      wena aya newei bn me ape guneru eke gobbayo tika, ubath anonymous kwwata Anjula Umesh neh....
      baiscope ekta pissu na bn me wage moda wada karanna

  16. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  17. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. Tharindu Dilshan

    අඩෝ මං ආසම කැටගරි එකෙ ෆිල්ම් අවුරුදු ගානක ඉදන් බයිස්කෝප් එකේ හොද ෆිලිම් වැටුනෙ නෑ..ෆට්ටම තෑන්ක්ස් මචන් සුපිරි ෆිල්ම් එකක් දුන්නට..පුලුවන් නම් කන්ටැක් කර ගන්න විදිහක් කියන්න

  19. Viraj

    Thanks

  20. Thisara Nuwan

    සුපිරි වැඩක්.ආසම ෆිල්ම් කැටගරිය. ❤️

  21. Ahmed Karheem

    Ado thank you bossa. YTS ekata gya gaman dekke mn hituwe SL Sub nathuwth athi kyla. Anyway thanks again adn keep it up bro. Take this as a motivation n plz do more n more. Much love

  22. Sakida Ravith

    Carnival Row Episode 3 Ta Subtitles Dennko Plz

  23. Anonymous

    Air 2023 subtitles upload plz

  24. Pavith Wijesooriya

    සුපිරි ෆිල්ම් එකක්. බලලමයි මේ කමෙන්ට් එක දාන්නේ. සබ් එක ගැන ආයේ කුමන කතාද... බොහොම ස්තූතියි අයියලා දෙන්නටම. ❤️

  25. Sha

    ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නෑ. සුපිරිම සුපිරියි. තෑන්ක්ස් මචං අපි වෙනුවෙන් උඹේ වටිනා කාලේ කැප කල එකට. අපි වෙනුවෙන් තව තවත් ඉදිරියට සබ් දෙන්න ලැබේවා✌️

  26. lakshan

    thanks ..................

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. Anonymous

    ස්තුති ඇ@ඩ් ඔක්කොම ඔ&බලා සපොර්ට් එකක් දුන්නා

  29. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  30. Anonymous

    Bohoma Sththi mansiyata

  31. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  32. Anonymous

    Thank you

  33. Anonymous

    Thanks Brother

  34. baiscopelk ishu

    Sub ekata thx machnlaa..

  35. Sachith

    BluRay update ekak dennako please

  36. Anonymous

    tank

  37. Anonymous

    THANKS

  38. Dewadithya

    Thanks for Sub!

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා
    ජය!

  41. gayasha

    elama

  42. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!