Watch Trailer

Extraction 2 (2023) Sinhala Subtitles | සහෝදරත්වයට එරෙහි වූ වීරත්වය [සිංහල උපසිරැසි]

එදා මෙදා තුර Netflix හරහා විකාශනය කල අතිශයින්ම ජනප්‍රිය වූ සිනමා නිර්මාණ ලැයිස්තු ගත කලොත් ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන නිර්මාණයක් විදිහට 2020 වර්ෂයේ එළි දැක්වූ Extraction පළමු සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් සිසිල සහෝදරයා විසින් ලබා දුන් උපසිරැසිය මේ වෙනවිට අසූ දාහකට අධික ඩවුන්ලෝඩ් ප්‍රම…

එදා මෙදා තුර Netflix හරහා විකාශනය කල අතිශයින්ම ජනප්‍රිය වූ සිනමා නිර්මාණ ලැයිස්තු ගත කලොත් ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන නිර්මාණයක් විදිහට 2020 වර්ෂයේ එළි දැක්වූ Extraction පළමු සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් සිසිල සහෝදරයා විසින් ලබා දුන් උපසිරැසිය මේ වෙනවිට අසූ දාහකට අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයකට උරුමකම් කීම ඒකට දෙන්න තියෙන හොඳම සාක්ෂියයි. මීට අමතරව ඔයාලා YouTube එකට ගිහින් Extraction පූර්ව ප්‍රචාරක පටයට ලබා දී ඇති comment කියවලා බැලුවාමත් ඒ ගැන හිතා ගන්න පුළුවන්.

ඉතින් ගොඩක් අය බලන් හිටියේ මේ සිනමා නිර්මාණයේ දෙවෙනි කොටස එන්නේ කවදාද කියලයි. ඒ දවස මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෙරේද (ජූනි 16) Extraction 2 චිත්‍රපටය Netflix හරහා විකාශනය උනා වගේම එදාම කොපිත් එළියට ආවා. හදිසි කාරයන් නම් සමහර විට මේ වෙනකොට කතාව බලලා ඇති. බයිස්කෝප් එකෙන් දෙනකල් හිටපු අයට ඔන්න මම උපසිරැසිය අරන් එනවා මගේ හිත මිත්‍ර බිම්සර (ඔලිව) සහෝදරයාගේ සහය සහ ලඟදී කසාද බැඳලා අමාරුවේ වැටුන අපේ ඇඩ්මින් විමාගේ කැමැත්ත එක්ක. ඉතින් අවසරයි කෙටි හැඳින්වීමක් කරන්න චිත්‍රපටය ගැන.

මුලින්ම කියන්න ඕන පළවෙනි කොටස බලල නැත්නම් ඒක බලලා ඉන්න. නැත්නම් අතුරුපස කාලා බත් කෑවා වගේ වෙයි. පළවෙනි කොටස ඉවර වෙන්නේ අපේ කතා නායකයා ටයිලර් (Chris Hemsworth) මිය ගියා කියලා හිතෙන මට්ටමේ සිදුවීමකින්. ඉතින් එතැනින්ම ආරම්භයක් ගන්න මේ චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය වගේම අතිශය ක්‍රියාදාම ස්වරූපයක් ගන්නවා.

එලොව ගිහින් මෙලොව ඇවිත් තමන්ගේ ජීවිතය ආපහු අලුතෙන් ආරම්භ කරන්න හදන ටයිලර්ට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. ඒ ලැබෙන්න එයාගේ හිටපු නෝනා මියා (Olga Kurylenko) ගෙන්. කොන්ත්‍රාත්තුවට අනුව ටයිලර්ට Nagazi නමින් හැඳින්වෙන බිහිසුණු ජෝජියානු දාමරික කණ්ඩායමක් සමග සටන් කරන්න වෙනවා මියාගේ නංගි කෙටීවන් (Tinatin Dalakishvili) සහ නංගිගේ ළමයින් දෙන්නව බේරා ගන්න. මේ Nagazi කණ්ඩායමේ නායකයා, සුරාබ් (Tornike Gogrichiani) හරියට බැලුවොත් ටයිලර්ගේ නෑයෙක්. ඒ නෑකම මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ හුටපටය ඇති උනේ කොහොමද කියලා කියන්න යන්නෙත් නැහැ. හැබැයි Nagazi සෙබළුන් සහ නික් (Golshifteh Farahani) ඇතුළු ටයිලර්ගේ කණ්ඩායම එක්ක ඇතිවෙන යුධ ගින්න නම් ලෙසටම දැල්වෙනවා කියලා කියන්න පුළුවන් චිත්‍රපටය පුරාවටම.

Extraction 2 චිත්‍රපටය විශේෂ වෙන්න මට නම් ප්‍රධාන හේතු දෙකක් තියනවා. ඒ අතරින් විනාඩි 21 ක් පුරාවට දිවෙන One Take Action Scene එක කියන්නම ඕන. මේ දර්ශනය ජෝජියානු සිරකරුවන් 400 ක් සමග කරන සටනකින් ආරම්භ වෙලා කෝච්චියක් උඩට හෙලිකොප්ටර් එකක් ගොඩ බාන තැනක් වෙනකල් නොනවත්වා විනාඩි 21 ක් රූගත කරලා තියෙනවා. Extraction පළවෙනි චිත්‍රපටයෙත් මෙහෙම දර්ශනයක් කරලා තියනවා. හැබැයි ඒක විනාඩි 12 ක් තමයි එක දිගට රූගත කරලා තියෙන්නේ.

පින්තූරය – One Take Action Scene එකේ එක් අවස්ථාවක්

දෙවෙනි කාරනය තමයි Extraction 2 හි තිර පිටපත ලියලා තියෙන්නේ Avengers: Endgame (2019) අධ්‍යක්‍ෂණය සඳහා දායක වූ Joe Russo. ඉතින් හිතා ගන්න පුළුවන්නේ කතාවේ ඇති ගැම්ම?

පැය දෙකක් පුරාවට දිවෙන Extraction 2 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Sam Hargrave. චිත්‍රපටය මේ වෙනවිට IMDb 7.4 ක අගයකුත් 74% ක Rotten Tomatoes අගයකුත් වාර්තා කර තියෙනවා. මට විශ්වාසයි මේ චිත්‍රපටය පළමු චිත්‍රපටයට හොඳ අභියෝගයක් වෙයි කියලා. ඒ වගේම අවසානය දිහා බැලුවාම සමහර විට තුන් වෙනි කතාවකුත් එන්න ඉඩ තියෙනවා.

හරි එහෙනම් මෙතනින් එහාට ඔයාලට බාරයි. ඒකෙන් අදහස් කරේ මේ මගේ 54 වෙනි උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ගමන් comment එකකුත් දාගෙනම යන්න කියන එකයි. 😊

හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

67,357 downloadsDownload Extraction-2-2023.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

67,357 downloadsDownload Subtitles30 KB

58 comments

  1. Anonymous

    thank you ...

  2. desilva

    ado thanks bn ithin meka enkn avuruddak balan hitiya

    1. ඌප්ස්

      Ai awuruddak balan hitiye? Peredane awe.

  3. හේමන්ත

    ස්තුතියි චාමි...
    ගොඩක් ස්තුතියි අපි වෙුනවෙන් වැය කරන මහන්සියට...
    ස්තුතියි බයිස්කෝප්..

  4. ඔලිව

    සබට ස්තූතියි චාමි භායි. අනිවාර්‍යෙන් බලන ගොඩේ මේක නම්

  5. Gihan

    Thanks for sub
    Jaya wewa.

  6. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට. මේක නම් අනිවා බලනවා...

  7. Ravindra

    Thanks sub ekata

  8. Nayanamadhu

    සුපිරි හොදේ බොහොම ස්තුතියි සබට

  9. Anonymous

    thanks

  10. Anonymous

    thanqqqq

  11. sanjeewa

    thanqqqq

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Kamal

    Site ekata mokadda me karapu aparade. Thibba widiha hodai meeta wada.

  14. Hashan

    Thnx for sub sgor❤️

  15. Sujeewa

    බොහොම ස්තූතියි පුතා.
    කැපවීම විශිෂ්ටයි

  16. Rajitha Malinda Samarakoon

    thank you

  17. Anonymous

    Thanks !!!

  18. මම මයුරි

    ගොඩක් ස්තූතියි චාමි සිංහල උපසිරැසියට. අනිවා බැලිල්ලක් මේක නම්

  19. විමා

    සබට තුති බන් අනිවා බැලිල්ලක්.

  20. Anonymous

    Thanks for sub

  21. Bimsara Yashan(ඔලිව)

    ෆිල්ම් එක නම් සුපිරි. මාවත් වැඩේට සම්බන්ද කරගත්තට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  22. Nishan S Ariyarathna

    Oyalgen sub enakamma බලාගෙන හිටියේ ❤️

    1. Nishan

      Thanx bro

  23. Ruchira Ravisara

    Kiyala wadk na aye supiri pari itiriyak 1 ekata wada maru meka aniva balanna sub ekt nimeta tibbaa. Thanks bro and baiscopelk team

  24. Anonymous

    Thanks Brother

  25. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි චාමි අයියා

  26. malith madhushan

    Thank you Chamika aiye sub ekata denakan hitiye sub eka

  27. S.kariyawasam

    Thank you

  28. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  29. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  30. ishan

    thx machn sub ekata

  31. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  32. Anonymous

    thank you

  33. wickramarachchi

    thanks

  34. lakshan

    thanks bro

  35. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  36. බණ්ඩා

    මේ සබ දුන්න පින් බලයෙන් ලබන ආත්මේ දියුණු රටක උපදින්න ඕන. ගැම්මක් තමයි

  37. Bobby

    Thank you very much for the sub

  38. viraj

    thanks...........

    1. Roshan

      Thnx bro...Great job...Good luck...

  39. Anonymous

    Supiriiii machang.adarei godak hode....❤️❤️❤️

  40. AshenTM

    Thanks for the sub bro

  41. Amarasinghe

    Thank you my brother....!!!

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  43. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  44. Ashen Dilhara

    Thank you so much bro Sub eka dunnata. Karana Hama wadakma Successful Weewaa !!!

  45. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  46. Anonymous

    thanks machan sub akata

  47. Laalitha Nanayakkara

    Thank you so much, brother. I wish you all the best success in your journey.

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට ...

  50. Damith niwanthaka

    Thanks bro. Jaya wewa...!!

Load more comments