Watch Trailer

Kannur Squad (2023) Sinhala Subtitles | කන්නුර් බලකාය [සිංහල උපසිරැසි]

Kannur Squad (2023) Sinhala Subtitles සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එකේ සබ් එක දවක් ඇතුළත ඔන්න ගේනවා.මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු…

Kannur Squad Kannur Squad (2023) Sinhala Subtitles

සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එකේ සබ් එක දවක් ඇතුළත ඔන්න ගේනවා.මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු තුන් වන මලයාලි චිත්‍ර පටය වන මේකත් මෙගා ස්ටාර් මම්මූටි ප්‍රධාන චරිතය කරන ඔහුගේම නිශ්පාදනයක්. IMDB 8.3 ක ඉතා ඉහල අගයක් වාර්ථා වුන මේක තවමත් සිනමා හල් වල අති සාර්ථ්කව ප්‍රදර්ශනය වෙනවා.ඔන්න එහෙනම් ආසාවෙන් බලා සිටි මේ වසරේ සමස්ථ ඉන්දියානු blockbuster චිත්‍ර පටි කීපය අතරට වැටුනු මේ චිත්‍රපටියෙ සබ් එක ඔයාලට.

මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.

යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.

දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…

Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB හා HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

16,447 downloadsDownload Kannur-Squad-2023-Sinhala-Subtitles.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kannur Squad, Kannur Squad Sinhala Sub, Kannur Squad (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

16,447 downloadsDownload Subtitles57 KB

9 comments

  1. Naveen Mbr

    පුදුම ආසාවකින් බලාගෙන හිටිය චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝදරයා! තව තවත් හොඳ මලයාලම් චිත්‍රපටිවලට උපසිරැසි කරන්න. ජයෙන් ජය!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Dinuka

    Thank you.

  4. Achintha Udayanga

    බොහෝම ස්තූතියි
    දිගටම ඕන..

  5. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  6. Anonymous

    patta story eka,

  7. Manu

    Godak sthuthi..Jaya wewa!

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P