Sick (2023) Sinhala Subtitles හෙලෝ කොහොමද කට්ටියට, හැබැයි මාව අදුරන්නේනම් නැතුව ඇති, මොකද මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. Site එක කාලෙක ඉදන් දැකලා දැකලා මටත් හිතුනා වැඩේට අත ගහන්න. එහෙනම් ඔන්න පළවෙනි එක ගෙනාවා. තව කතා නැතුව අපි එහෙනම් අද අරගෙන ආපු Film එක පැත්තට යමු… Sick (2023) Sinhala Subti…
Sick (2023) Sinhala Subtitles
හෙලෝ කොහොමද කට්ටියට, හැබැයි මාව අදුරන්නේනම් නැතුව ඇති, මොකද මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. Site එක කාලෙක ඉදන් දැකලා දැකලා මටත් හිතුනා වැඩේට අත ගහන්න. එහෙනම් ඔන්න පළවෙනි එක ගෙනාවා. තව කතා නැතුව අපි එහෙනම් අද අරගෙන ආපු Film එක පැත්තට යමු…
Sick (2023) Sinhala Subtitlesමේ film එක කාලයක් තිස්සේ වසංගතයක් වෙලා තිබුන Covid-19 පාදක කරගෙන හැදුන Film එකක්. මැරෙන මිනිස්සු ගැන තමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ඉන්න. මේකෙ තියෙන්නේ වෛරස් එක නිසා මැරෙන මිනිස්සු ගැන කියවෙන සිද්දියක් නම් නෙමෙයි. මූණ වහගත්ත පිරිසක් මිනී මරණවා. හැබැයි නිකන් මිනිස්සුන්ව නෙමෙයි, ඒකටත් හේතුවක් තියෙනවා. අපි පොඩ්ඩක් කතාවට එබිලා බලමු..
Sick (2023) Sinhala Subtitlesකතාව පටන් ගන්නෙත් අර මම කිව්වා වගේ අගක් මුලක් නොතේරෙන මිනීමැරුමකින්. මේ කතාවේ ප්‍රධාන චරිත 2ක් ඉන්නවා පාකර් සහ මීරී කියලා..දෙන්නා යාළුවෝ. මෙයාලට සිද්ද වෙනවා නිරෝධායනයකට යන්න. ඉතින් පාකර් ලෑස්ති වෙන්නේ නගරෙන් ටිකක් ඈත් වුන, විලක් ලග තියෙන පාකර් ගේ පව්ලේ අයට අයිති ලස්සන ගෙදරකට නිරෝධායනයට යන්න. නිරෝධායනයට කිව්වට පාකර් නම් නිව්වඩුවකට විනෝද වෙන්න යනවා වගේ මානසිකත්වයක ඉන්නේ..කොහොමහරි මේ ගෙදරට ගියාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ..අර මම කිව්වා වගේ මිනීමරුවෙක් හොරෙන්ම මෙයාලගේ ගෙදරට ඇතුල් වෙනවා..ළග පාත වෙන අසල්වැසියෙක් ඇත්තෙත් නෑ..ඉන්න එකම අසල්වැසියා ඉන්නෙත් සැතපුම් 2ක් විතර දුරින්. ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ මිනීමරුවන්ගේ බලාපොරොත්තුව මොකක්ද..ඇයි මෙයාලව target කරන්නේ…covid එක්ක මේකට තියෙන සම්බන්දේ මොකක්ද…ඔයාලම බලාගන්නකෝ..
Sick (2023) Sinhala Subtitlesඑහෙනම් මම නවතින්නම්. ආ… මේ සබ් එක සෙට් වෙන්නෙ Webrip එකකට හොදේ.. බලලා හොද නරක කියන්නකෝ, film එකෙයි sub එකෙයි දෙකේම. ජය වේවා…
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,912 downloadsDownload Sick.2022.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rukshan Henadheera” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sick (2023) Sinhala SubtitlesSubtitles by
Rukshan Henadheera
Subtitles
11 comments
Ruchira
Anonymous
Thanks jayawewa.....!
Kantha_DLA
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි Rukshan සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් රුක්ෂාන් සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම සබ් කරමු. :)
ජය! ✌Buddhika Lakmal
පළවෙනි සබට සුබ පැතුම් සහෝ....
තව තවත් උපසිරැසි ගෙනඒමට කාලය ලැබේවා....
මේ උපසිරැසියට බොහෝම ස්තූතියි.....විමා
වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා.
පලවෙනි වැඩේට සුබපැතුම්, අමාරුම වැඩේ පලවෙනි වැඩේ තමයි මුල්ම සබ් එක කරන එක. :)
දිගටම උපසිරසි අරගෙන එන්න අපට.
උපසිරසියට බොහොම ස්තුතියි, ජය වේවා එහෙනම්!Bimsara Yashan(ඔලිව)
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ. දිගටම සුපිරි ෆිල්ම් වලට උපසිරැසි ගේමු. ජයවේවා!
Ramesh
Sub 1ta thanks bro
Pahasara
Thankz, jaya weva saho...
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for the sub!