Watch Trailer

Kantara (2022) Sinhala Subtitles | දේව ආශිර්වාදය ලද අත්භූත වනාන්තර භූමිය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට ආයුබොවන් කියලා කියමින්, මගේ දහ අටවන උපසිරැසිය ලෙස අද මං අරගෙන ආවෙ 2022 වසරේ ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත කල කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. මේ ෆිල්ම් එක ගැන කියන්නට බොහෝ දේ තිබෙනව. ඒ වගේම මේක තමා මගේ පලමුවෙනි කන්නඩ සිනමා උපසිරැසිකරණය වෙන්නේ. චිත්‍රපටයක් සාර්ථක වන්නේ එයට…

බයිස්කෝප්වාසි සියළුම දෙනාට ආයුබොවන් කියලා කියමින්, මගේ දහ අටවන උපසිරැසිය ලෙස අද මං අරගෙන ආවෙ 2022 වසරේ ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත කල කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. මේ ෆිල්ම් එක ගැන කියන්නට බොහෝ දේ තිබෙනව. ඒ වගේම මේක තමා මගේ පලමුවෙනි කන්නඩ සිනමා උපසිරැසිකරණය වෙන්නේ.

චිත්‍රපටයක් සාර්ථක වන්නේ එයට වැය කල නිෂ්පාදන පිරිවැය මත නොව, අති ප්‍රභල තිර පිටපතකින් බව ඔප්පු කල 2022 සැප්තැම්බර් 30 වන දින තිරගත වූ Kantara සිනමපටයේ උපසිරැසිය ඔයාලට රැගෙන එන්නට ලැබීම මං ලද භාග්‍යයක් විදියට සලකනවා. IMDB අගය 9.2 ක් ලබා ඇති මේ සිනමාපටයේ විශේෂතා සහ කන්නඩ සිනමාව ගැන අපි කතා කරමු.

කන්නඩ සිනමාව එහෙමත් නැත්නම් Sandalwood සිනමා කර්මාන්තයේ චිත්‍රපට ඔයාලා දැනටමත් බලලා ඇති. 1970 න් පස්සෙ තමා කන්නඩ සිනමා කර්මාන්තයේ පුනරුදය ආරම්භ උනේ. කන්නඩ සිනමාවෙන් බිහි උන සුපිරිම තරු අතරින් බිහිවු මුල්ම සුපිරිම තරුව තමා Singanalluru Puttaswamaiah Muthuraj නොහොත් Dr. Rajkumar.

පසුව තිරගත වූ බහුතරයක් හරයක් නැති කන්නඩ සිනමාපට නිසා, බොහෝ අය මීට පෙර කන්නඩ සිනමාපටවල ඇති කිසිම හරයක් නැති සටන් ජවනිකා සහා කතා ඇතුලත් හා මුල් සිනම නිර්මාන අතිශය නිර්දය ලෙස remakes කරන සිනමා කර්මාන්තයක් කියලා. නමුත් ඒ කියමන් බොරු කරන්න කන්නඩ සිනමා කර්මන්තයේ දැවැන්ත සිනමාපටවලට හැකියාව ලැබුනා.

කන්නඩ සිනමාවේ නූතන පුනරුදය

2017 දී Puneeth Rajkumar විසින් රගපෑ Raajakumara චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 75 ක ආදයක් ලබා ගෙන කන්නඩ සිනමාවෙ එකල වැඩිම ආදායමක් ලද චිත්‍රපටය ලෙස වාර්තා තබා තිබුනා. නමුත් 2018 දී තිරගත වූ, Yash රගපාන, Prashanth Neel විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු K.G.F: Chapter 1 සිනමාපටයෙන් කන්නඩ සිනමාව තව තවත් ජනප්‍රිය බවේ හිනිපෙත්තටම නැග එන්නට සමත් උනා, එම සිනමාපටය කෝටි 250 ක ආදයමක් ලබා ගනිමින් කන්නඩ සිනමාවෙ මූලික නැග්ම බවට පත් කර දෙන්නට සමත් වුනා.

ඒ වගේම 2019 වසරේදි තිරගත වූ Kurukshetra චිත්‍රපටයත්, 2021 වසරේ තිරගත වූ Roberrt සිනමාපටයත්, මේ වසරේදි(2022) තිරගත වූ සිනමාපට කිහිපයක්ම කන්නඩ සිනමාවෙ පුනර්ජිවනයට දායක උනේ. ඒ අතරට K.G.F: Chapter 2 සිනමාපටය හා අද මා උපසිරැසිය ගෙන එන Kantara සිනමාපටයත් සෘජු දායකත්වයක් දැක්වූවා. එසේම 777 Charlie, James සහා Vikrant Rona ද දායක වුනා.

කන්නඩ සිනමා කර්මාන්තය කෝටි 1000 ක ආදායමක් ලද සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුවද තවමත් දමිල සිනමා කර්මාන්තය නොහොත් කොලිවුඩයේ එවැනි ආදායමක් ලැබූ සිනමපටයක් දැනට නිර්මානය වී නැත.

කන්නඩ සිනමාවේ RRR හෙවත් කන්නඩ සිනමාවෙ නව පැහැය

Prashanth Neel විසින් කන්නඩ සිනමාවට වඩාත් ප්‍රචලිත කිරීමට දායක වූවා සේම, කන්නඩ සිනමාවට මහගු දායකත්වයක් දක්වන පිරිසක් ලෙස මේ සෙට්ටි ත්‍රිත්වය දක්වන්නට පුලුවන්. ඒ වගේම කන්නඩ සිනමාවේ RRR ලෙස Raj B. Shetty, Rishab Shetty, Rakshit Shetty යන යයි.

මේ ත්‍රිත්වයේ විශේෂත්වය නම් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්, රංගනයෙන් හා තිර රච්නයෙන් යන ත්‍රිත්වයෙන්ම කන්නඩ සිනමාවට දායකත්වය ලබා දීමයි. Rakshit Shetty 2014 දී Ulidavaru Kandanthe නම් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රධාන චරිතය ලෙස Rishab Shett ද රංගනයෙන් දායක වූ විශාල ප්‍රේක්ෂක ජනාදරයට පත් විය. එසේම Rakshit Shetty රගපෑ 777 Charlie ද මේ වසරේදි වඩාත් අවධානයට ලක් වු සිනමාපට අතර විය.

2016 දී තිරගත වූ, Rishab Shetty අධ්‍යක්ෂණය කල, Rakshit Shetty හා Rashmika Mandanna(ඇයගේ ප්‍රථම රංගනය) රංගන්‍යෙන් දායක වූ Kirik Party සිනමාපටය එකල බොක්ස් වාර්තා බිද හෙලමින් තිරගත විය, එසෙම එයට බොහෝ ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි විය. එසේම Ricky නමින් චිත්‍රපටයක් ද 2016 දි Rishab Shetty විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එසේම Rishab Shetty අධ්‍යක්ෂණය කල Sa.Hi.Pra.Shaale Kasaragodu, Koduge: Ramanna Rai සිනමාපටය ද අති සාර්ථක ආදයමක් ලබමින් ද, එසේම ජාතික සම්මානයට ද භජනය විය.

2017 වසරේදි Raj B. Shetty ව්සින් අධ්‍යක්ෂණය, තිර රචනය හා ප්‍රධාන රංගනයෙන් දායක වූ Ondu Motteya Kathe සිනමා පටය අතිශය ජනාදරයට පත් විය. එසේම එය 2019 වසරේදි Thamaasha ලෙස මලයාලම් බසින් ද, Ujda Chaman ලෙස හිංදි බසින් ද ප්‍රති නිර්මාණය භාජනය විය.

Raj B. Shetty ව්සින් අධ්‍යක්ෂණය කල ඒ වගේම ඔහු හා Rishab Shetty එක්ව ප්‍රධාන චරිත රගපෑ Garuda Gamana Vrishabha Vahana සිනමාපටය ආදායම් අතින් සාර්ථක හා ධනාත්මක ප්‍රතිචාර බොහෝ ලබා ගත් සිනමාපටයකි.

ඉතිං මං ඉහත සදහන් කල ශෙට්ටි ත්‍රිත්වය විසින් කන්නඩ සිනමාවට දායාද කල සිනමාපට වලින් ක්ෂෙත්‍රයට නව මුහුණුවරයක් හා පැහැයක් ලබා දුනි. එම සිනමාපට K.G.F: Chapter 2 තරමටම අති විශාල ජයග්‍රහනයක් නොලදත්, ඔවුන් විසින් නිර්මාණය කල ඒ සිනමාපට අපිට හොද රසවින්දනයක් ලබා දුනි.

කන්නඩ සිනමාව හා එහි නැගීමට හේතු පාදක වූ සිනමාපට, ඒ වගේම කන්නඩ සිනමාවෙ RRR යනු කුමක් ද? ඉන් කන්නඩ සිනමාවට ලබා දුන් දායකත්වය ගැන කතා කලා අපි දැන් kantara සිනමාපට ගැන තව වැදගත් තොරතුරු කතා කරමු.

මේ සිනමාපටය අධ්‍යක්ෂණය, තිර රචනය හා ප්‍රධාන චරිත රංගනය යන ත්‍රිත්වයෙන් ම දායක වන්නේ Rishab Shetty විසිනි, මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ, K.G.F සිනමාපට මාලාවත් නිෂ්පාදනය කල Hombale Films වෙනුවෙන් Vijay Kiragandur වේ. මෙහි සෙසු චරිත රග දක්වන්නේ Sapthami Gowda, Kishore, Achyuth Kumar, Shanil Guru, Prakash Thuminad, Prakash Thuminad යන නළු නිළියන් විසින් දායකත්වය ලබා දී ඇත. මෙහි වන අඩවි නිලධාරියාගෙ චරිතය රගන Kishore ගේ රංගනය ද තවත් කැපි පෙනෙන මට්ටමක ඇත.

මේ සිනමාපටයේ රංගනය සදහා මුලින්ම ආරාධනා කර ඇත්තේ, අකාලයෙ අප අතරින් වියෝ වූ puneeth rajkumar ට. ඔහු මේ කතාව ගොඩාක් රසවත් හා කුතුහලජනක කතාවක් බව Rishab Shetty වෙත පවසා ඇත. නමුත් ඔහුට ඒ කාලයේ අධික කාර්‍යභහුල බව නිසා ඔහු සමග මේ සිනමාපටය සිදු කිරීමට නොහැකි විය. එසේම මෙහි චරිතය සදහා Raj B. Shetty ගෙ නම ද යෝජනා වී තිබිනි.

මේ සිනමාපටයේ කාල රාමු 3 ක් අඩංගු වෙනවා. ඒ 1847, 1970 දශකය හා 1990 දශක වේ. මෙයින් කතාව වැඩි හරයක් දිව යන්නේ 1990 දශකය වටායි. මෙහි ඇදුම් මෝස්තර නිර්මානය කර ඇත්තේ Rishab Shetty ගෙ බිරිද Pragathi Shetty විසිනි. වැඩිය සදහන් නොවුනත්, Rishab Shetty මෙහි චරිහයට වඩ වඩාත් මුහු වීමට සිදු විම නිසා එහි සහය අධ්‍යක්ෂණයෙන් Raj B. Shetty ද දායක වී ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය B. Ajaneesh Loknath විසින් සිදු කර ඇත. මේ සිනමාපටයේ වැඩි හරියක් රූ ගත කර ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ Keradi හීදිය

මේ සිනමාපටය සදා vfx ඉතා අවම ලෙස භාවිතා කර ඇත. උදාහරණයකට මෙහි සිනාමාපටයේ මීහරක් රේස් එකක් තියෙනවා. ඉතිං රූ ගත කිරීම් සදහා Rishab Shetty විසින් මී හරක් රේස් සදහා එම සත්තු හසුරමින් ඒක හරියටම කරන්න ඉගෙන ගෙන එම දර්ශනය රූ ගත කර ඇත.

එසේම මෙම සිනමා පටය විශ්වාස හා ඇදහිලි පදනම් කරගෙන සැකසුනු නිර්මාණයක්. එම නිසා එහි ජීව ගුණයන් රැකීම සදහා විවිධ පේවීම් සිදු කර තිබුණි. සිනමාපටයේ රෑගත කිරීම වල නිරතවන අය හා ඉන් පිට වැඩ කරන සියළු දෙනා සදහා Rishab Shetty විසින් නීති පනවා තිබුණි. ඒ නම් රූ ගත කරන විට කිසිදු කෙනෙක් සපත්තූ හො සෙරෙප්පු පැලදීම නොකල යුතුයි කියාය. එසේම Rishab Shetty විසින් මෙම සිනමපටයේ රූගත කිරීම් වලට පෙර, තම ශරීරය බර අඩු කරගැනීමට දින 25-30 මස් මාංශ සහිත ආහර ගැනීමෙන් වැලකී සිට ඇත.

මේ සිනමාපටය pan india සිනමාටයක් ලෙස තිරගත කිරීමට මුලින් අදහස් නොවීය. මෙය මුලින්ම කන්නඩ බසින් කර්නාටක ප්‍රාන්තයේ 250 කට අධික සිනමා ශාලා වල ප්‍රදර්ශන්‍ය ආරම්භ කලා.ඒත් සමගම ඇමරිකාවෙ, එංගලන්තයේ, යුරෝපයේ, මැද පෙරදිග රටවල් හා ඕස්ට්‍රේලියාවෙදී ත් මේ සිනමාපටය තිරගත කලා. මේ සිනමාපටය සාර්ථක වෙනවාත් සමගම මෙම වසරෙ ඔක්තෝම්බර් 15 වන දින සිට හිංදි,දමිල, තෙලිගු, මලයාලම යන භාෂා වලින් ද තිරගත විය. එසේම වියට්නාමයේ දී තිරගත කල ප්‍රථම කන්නඩ සිනමාපටය ද මෙය වේ.

දැන් අපි මෙහි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ගැන සලකා බලමු. තිරගත කල පලමු දිනම ආදායම ඉන්දීය රුපියල් කෝටි 3.5–4.25 අතර ප්‍රමාණයක් ලබා ගත්තා. පලමු සතියෙම කෝටි 38 – 50 ත් අතර ප්‍රමාණයක් ලබා ගත්තා. හිංදි මාධ්‍යයෙන් ආදායම කෝටි 79.25 එක ආදායමක් ලබා ගත්තා. අවසානයේදි කෝටි 400 ක ආදායමක් ලබා ගැනීමට මේ සිනමාපටය සමත් උනා. එසේම කෝටි 16 ක් වූ සුළු නිෂ්පාදන වියදමක් දරලා, මෙතරම් විශාල ආදායමක් ලබා ගන්නට හැකි මේ සිනමාපටය හා මුළු කන්නඩ සිනමා කර්මාන්තයම ලද ජයග්‍රහණයකි. එසෙම මෙය Divine Blockbuster සිනමා පටයක් ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම වැඩිම අදායම ලද කන්නඩ සිනමාපට අතර දෙවෙනි තැනට මේ සිනමාපටය පත් වෙලා තියෙනවා.

එසේම මේ සිනමාපටය දකුණු ඉන්දීය සුපිරි නළු රැජිණිකාන්ත් ඇතුළු සුප්‍රසිද්ධ නළු නිලියන් රැසකගේද ප්‍රසංශාවට ලක් වුනා. tweeter පණිවිඩ මගින් බොහෝ ප්‍රරිසිද්ධ තරු මේ සිනමාපටයට සුභාශිංසන එකතු කරලා තියෙනවා.

දැන් එහෙනම් ලොකූ විස්තරයකට පස්සෙ මං එහෙනම් කතාව ගැන කෙටියෙන් කියන්නම්. මං සාමාන්‍යෙන් ලිපි දිගට ලියන කෙනෙක් නෙවේ, ඒත් මේ ෆිල්ම් එක ගොඩාක් වටින ෆිල්ම් එකක් හිංදා යම් වැඩි විස්තරයක් දෙන්න හිතුනා. සරලව කිව්වොත් මේ ෆිල්ම් එක මුල ඉදලා අගට වෙනකං ඉතාම කුතුහලයකින් නරඹන්න පුළුවන්. හාස්‍යජනක අවස්ථාවන් කීපයක්ම මේ සිනමාපටයේ ඇතුලත් වෙනවා. ඒ වගේම මේ කතාවෙ සම්ප්‍රධායික උත්සවයක් වන භූත් කෝලා නම් උත්සවය ගැණ අපූරුවට සදහන් වෙනවා. බොහෝ උද්වේගකර සිදුවීම් සිදු වන්නේ මේ උත්සව අවස්ථවන් වලදි තමා

මේ කතාවෙ ප්‍රධාන චරිතය ශිවා. බුල්ලා හා තිම්පප්පා යන යහළුවන් දෙදෙනා සමග රස්තියාදු ගැසීම, ගව තරග සදහා සම්බන්ධ වීම හා වල් ඌරු දඩයමේ යාම සිදු කිරීම තමයි එයාගේ මූලීක කාර්යයන් වෙන්නේ.

ෆිල්ම් එක මුලින්ම පටං ගන්නේ රජ කතාවකින්. ඒ රජතුමාට සියළු ධනයෙන් පරිපුර්ණව ඇතත් සැනසීම තිබුණේ නෑ. මේ නිසා ඒ රජතුමා සැනසීම සොයා යන අතරතුර ගම්මුන් අදහන පන්ජුර්ලි නම් දේවියන් මුණ ගැසුනා. එහිදි එම රජුගෙ සැනසීම වෙනුවෙන් එම දෙවියන්ගේ ආත්මය ගුලිගා සමග එන්නම් කියලා කියනවා. ඒත් මේ දෙවියන් රජතුමාගෙං ඒ වෙනුවට දෙයක් ඉල්ල්නවා. මේ දෙවියො ඉල්ලන්නේ මේ ගම්මුන් වෙනුවෙන්, මේ දෙවියංගෙ සද්දෙ ඈහෙන වට ප්‍රමාණයට අයත් සියළු ඉඩම් ගම්මුන්ට ලබා දෙන්න කියායි. රජතුමා එය ලබා දෙන්න පොරොන්දු වෙනවා. එතැන් පටං රජතුමාට සැනසීම උදාවෙනවා.

ඔතනින් පස්සෙ රජතුමාගෙ පරම්පරාවෙ ඒ ඉඩම් සැබෑවටම අයත් අය මේ ඉඩම ගන්න උත්සහා කරනවා, එතනදි ඇති වෙන්නේ කුමක් ද?, ශිවාට ඉන් වන බලපෑම කුමක් ද?, එසේම මේ කතාවෙ ඉන්නවා බොහොම තදින් නීතිය ක්‍රියාත්මක කරන අඩවි වන නිලධාරියෙක්. ඔහු හා ශිවා අතර යම් ඝට්ටනයක් ඇති වෙනවා. ඒකෙන් ශිවාට හා එම නිලධාරියට සිදු වන බලපම කුමක් ද? මේ ඉඩම එම අයිතිකරුවන්ටම ගන්න පුළුවන් වෙයිද?. ගම්මුන්ගෙ ඉරණමට මොකක් ද වෙන්නේ. අවසානය කෙබදුද?

ඉතිං ඒවා ඔක්කොම දැනගන්න මේ සිනමාපටය නරඹන්න කියාල මං ඔයාලට ආරාධනා කරනවා. මේ සිනමාපටයේ දෙවෙනි කොටසක් එනවා ද නැද්ද යන්න දැනට නිල නිවේදනයක් ලබා දීලා නෑ. එහෙනම් නැවත තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HQ-HD පිටපත් සඳහා අදාළ වේ.

15,062 downloadsDownload kantara-2022.zip6.7 MB

 

ලබා දී ඇති උපසිරසි Theatrical Version පිටපත් සඳහා අදාළ වේ.

4,750 downloadsDownload Kantara-2022-Theatrical-Version.zip6.4 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

45 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි හේෂාන් අයියේ!

  2. මිනුල

    බයිස්කෝප් සබකින්ම බලන්න හිතපු ෆිලුමක්
    මෙච්චර ඉක්මන්ට දෙයි කියල නම් හිතුවේ නෑ
    බොහොම ස්තුතියි සහෝ
    (ෆොන්ට් සයිස් වැඩිකරලා ස්කීන් එකේ යටින්ම නැතුව පොඩ් පරතරයක් තියලා සබ් එක දානවනම් පට්ට)

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Anonymous

    Thanks for sub

  5. Samith

    Thanks brother

  6. Anonymous

    Rorschach (2022-Malayalam)
    Kumari (2022-Malayalam)
    Oya film walatath sub dennko bro
    me sub ektath thanks

  7. Anonymous

    Patta

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

    1. Ravindu_Heshan

      ස්තූති අයියේ

  10. Anonymous

    අඩෙහ් සුපිරියක් වගේ බලමුකෝ

  11. Achi

    ෆිල්ම් එකක් බලලා ඇවිත් comment කරනවමයි...
    ෆිල්ම් එක අම්මෝ....
    අමුතුම ඇකිටින් පාරක් ඒකේ තියෙන්නේ...
    බොහොම ස්තුතියි ආ සබ් එකට....

  12. Buddhika Lakmal (laKMal)

    අම්මෝ බං ඒ ලිපිය... සබ විතරක් දෙන්නෙ නැතිව ෆිලුම ගැන මේ වගේ දීර්ඝ විස්තරයක් දෙන්නේ බයිස්කෝප් එක විතරයි.. ලිපියට බොහෝම් ස්තූතියි සහෝ.. ඒ වගේම සබ් එකටත්....

  13. Guruge

    මෙව්වනේ බන් ෆිල්ම්
    හොලිවුඩ් ෆැන්ටසි වල හිරවෙලා ඉන්න ලිං මැඩියන්ටත් බලන්න ආරාධනා කරනවා
    ස්තුතියි සහෝ උපසිරසියට

  14. Idunil Weerasinghe

    Thanks brother

  15. Anonymous

    Font size wadi krda bro

    1. upali weerasekara

      දීර්ඝ විස්තරයට අනේකවාරයක් ස්තුතියි.මේ අන්දමට ඒ ඒ සිනමාපටය ගැන තොරතුරු ලබා දීමෙන් ඔබ රසිකයන්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කිරීමට දෙන දායකත්වයට ආචාරය.

  16. dulan

    ස්තුතියි !

  17. නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

  18. Bandula

    Thanks

  19. Pramux

    සබ ලැබෙනකන් මග බලන් හිටපු එකක්
    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා
    හෙට නිවාඩු පාඩුවේ බලන්න ඕන
    තැන්ක්ස් මචෝ

  20. Naveen

    උපසිරසියට තුති

  21. upali weerasekara

    දීර්ඝ විස්තරයට අනේකවාරයක් ස්තුතියි.මේ අන්දමට ඒ ඒ සිනමාපටය ගැන තොරතුරු ලබා දීමෙන් ඔබ රසිකයන්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කිරීමට දෙන දායකත්වයට ආචාරය.

  22. dhanushka

    IDX sub wedak ne sub weda karnne ne srt walin sub denna

  23. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  24. Eranda

    Thanks brother

  25. Anonymous

    Thanks

  26. kosala

    thanks mcho දිගටම sub කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  27. viraj

    thanks.........

  28. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  29. Anonymous

    Elazzzz

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  31. oshanda

    thanks malli..

    1. Ravindu_Heshan

      ස්තූති අයියේ

  32. විමුක්ති

    අන්තිම සීන් ටිකේ ඇක්‍ටින් නම් වෙනම ලෙවල් එකක තියෙන්නේ , හොලිවුඩ් වලවත් දැක්කේ නෑ එහෙම
    උපසිරසියටත් බොහොම ස්තුතියි සහෝ

  33. Malith samarawickrama

    Thanks machn sub ekata

  34. Nalin Sanjeewa

    උපසිරැසියට ස්තුති.

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  37. රනා

    ගොඩදෙනෙක්ට මගහැරුනු නැරබිය යුතුම ෆිලුමක්
    ජය වේවා බයිස්කෝප්

  38. Tharindu

    boma stuti sub ekata... jaya wewa

  39. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. maliya

    thank you

  42. Risika Samaranayake

    Kantara a legend ekatath sub dennako ikmntama..