Watch Trailer

Love Today (2022) Sinhala Subtitles | නූතන තාක්ෂණය නිසා ගොඩ නැගෙන හා බිද වැටෙන නූතනයේ ආදරය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට සුභ දවසක් වේවා යැයි පතමින් ඔන්න අදත් මං අරගෙන ආවෙ මේ අවුරුද්දෙම තිරගත වුන ලස්සනම දමිළ සිනමාපටයකට. ඇත්තටම කිව්වොත් සාමාන්‍යෙන් මං මේවැනි ආකාරයේ චිත්‍රපට සදහ උපසිරැසි කරන්නේම නැති තරම්, නමුත් මේ ෆිල්ම් එකේ පූරුව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සෙ මේ සිනමාපටයට උපසිරැසියක් සිදු කල න…

බයිස්කෝප්වාසි සියළුම දෙනාට සුභ දවසක් වේවා යැයි පතමින් ඔන්න අදත් මං අරගෙන ආවෙ මේ අවුරුද්දෙම තිරගත වුන ලස්සනම දමිළ සිනමාපටයකට. ඇත්තටම කිව්වොත් සාමාන්‍යෙන් මං මේවැනි ආකාරයේ චිත්‍රපට සදහ උපසිරැසි කරන්නේම නැති තරම්, නමුත් මේ ෆිල්ම් එකේ පූරුව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සෙ මේ සිනමාපටයට උපසිරැසියක් සිදු කල නම් හොදයි යැයි හැගුනා.

මං අද අරගෙන ආවේ මේ වසරේදි අනපේක්ෂිත සාර්ථකත්වයක් ලද Love Today සිනමාපටයේ උපසිරැසියයි. Romantic comedy වර්ගයට අයත් මේ ෆිල්ම් එක මුල ඉදලා අගට හොද විනෝදයෙන් නරඹන්න ඔයාලට පූළුවන්. මේ වසරේ නොවැම්බර් 4 වන දින සිට තිරගත කරන ලදී. මෙම සිනමාපටය අධ්‍යක්ෂණය, තිර රචනය හා ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ Pradeep Ranganathan විසිනි. එසේම සෙසු අකෙක් චරිත Ivana, Raveena Ravi, Raadhika Sarathkumar, Yogi Babu යන අය රංගනයෙන් දායක වේ. Kalpathi S. Aghoram Kalpathi S. Ganesh Kalpathi S. Suresh අය නිෂ්පාදනයෙන් දායක විය. Yuvan Shankar Raja ගේ අති මියුරු සංගීතයෙන් ද මේ සිනමාපටය අලංකාර විය. මේ සිනමාපටයට මූලිකව යොදාගෙන තියෙන්නේ මේ අධ්‍යක්ෂකවරයාගෙ App(a) Lock යන කෙටි සිනමාපටයයී,

ඇත්තටම මේ සිනමාපටය ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්න ඕනෙ මේ සිනමා පට්යේ අධ්‍යක්ෂනය, තිර රචනය හා රංගනයෙන් ද දායක වූ Pradeep Ranganathan ගැන කතා නොකරම බැරිය. 1993 ජූලි 25 දින උපත ලැබූ ප්‍රදීප් මුලින්ම කෙටි සිනමාපට රචකයෙක් ලෙස ක්ෂේත්‍රයට එක් විය. Whatsapp Kadhal, College Diaries, App(a) Lock යන ඒවා විශේෂ වේ. 2019 දී තිරගත වූ Comali සිනමාපටයේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට මුලින්ම පිවිසියේය. Jayam ravi ප්‍රධාන චරිත රගපෑ මේ සිනමාපටය කෝටි 15 ක නිෂ්පාදන වියදමක් දරා නිපදවුවත්, මේ සිනමාපටය කෝටි 50 ක ආදායමක් ලබා ගැනීමට සමත් විය. එසේම SIMMA awards හිදී හොදම නැගී එන අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

එවගේම මේ ෆිල්ම් එක බලනකොට ඔයාලට මේ රගපන්නේ ධනුෂ් වගේ හිතෙන්න පුළුවන්. මොක ද ප්‍රදීප් ගේ රගපෑම පෙනුම බොහෝ දුරට ධනූෂ් ට සමාන පෙනුමක් තියෙන්නෙ, මේ පින්තූරය දැක්කාම ඔයාලටත් එහෙම හිතෙන්න පුළුවන්. මේ 2015 දී තිරගත වුන ධනුෂ් ගේ ANEGAN සිනමා පටයේ පින්තූරයක්.

මේ සිනමාපටය කෝටි 5 ක ඉතා සුළු( අනිත් සිනමපටවල වියදම් වලට සාපේක්ෂව) වියදමක් දරා නිෂ්පාදනය කල ද අද වන විට ආදායම කෝටි 50 ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇත්තට්ම මේ සිනමාපටයෙන් ලබා දෙන පණිවිඩය නම් අති විශිෂ්ඨයි. මේ සිනමා පටය දැනට මේ වසරේ තිරගත වු සිනමපට අතරින් වැඩිම ආදායම් ලද දමිල සිනමාපට අතර ද පවතී. මේ සිනමා පටයේ ලද ජයග්‍රහණය නිසාම මේ සිනමපටය තෙලිගු භාෂාවෙන් හඩ කවා තිරගත කිරීමට ද සැලසුම් කර ඇත. එවගේම ෆිල්ම් එකේ trailer එක launch කිරන්නේ Vijay Deverakonda විසින්.

පෞද්ගලිකව මං වැඩිය රොමැන්ටික් ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නෙවේ. මං බලපු හොදම tamil romantic ෆිල්ම් විදියට දැනට Romeo Juliet (2015), Engaeyum Eppothum (2011), Remo (2016), Oh My Kadavule (2020), Kadhalan (1994), 90ML (2019), Boys (2003) යන ෆිල්ම්ස් ඒ අතර කීපයක් වෙනවා. ඒ වගේම හොටු පෙරාගෙන අඩන චිත්‍රපට බලන්න තියා ඒ වගේ සීන් එකක් ෆිල්ම් එකක තියෙනවා නම් අනිවාර්යෙන් ඉස්සරහට යව යව තමා බලන්නේ.

මේ ෆිල්ම් එකේ කතා කියන්නේ ආදරය කරන්න ආදරේ විදින්න නමුත් ඔයාලගෙ පෞද්ගලිකත්වයේ සාක්ෂි දුරකථන වල ගබඩා කරන්න එපා කියලා. මං නම් ආදරය ගැන ලොකුවට දේශනා දෙන්න නම් දන්නෙ නෑ ඒ වගේම ලොකු අත්දැකීමක් ඇත්තෙත් නෑ. ඒක දෙයක් නම් කියන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලා, තමා පෙම්වතියක් හෝ පෙම්වතියක් නම් ඔයාල අතර රහස් ඔයාලා දෙන්න අතර පමණක් බෙදා ගන්න. එහෙම නැතුව බෙස්ටි බෙස්ටා වගේ අංගවිකල ජීවීන් ලගපාතකටවත් ගන්න එපා.කෙල්ලෙක්ට බෙස්ටා කියන්නේ යාළුවෙක්ට වඩා ඉහල තත්වයක ඉන්න පෙම්වතාට වඩා පහල තත්වයක ඉන්න කෙනෙක්. තව අය නම් ඒ වගේ අය හදුන්වන්නේ කාන්තාවකගේ යට ඇදුමකට සමාන ජනවහරේ ඇති අසම්භාව්‍ය පදයකින්. ඉතිං එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ අය එක්කම සම්බන්ධතාවය පවත්වා ගන්න එක තමා හොද.  ඒ වගේම කාට ආදරේ කලත් තමන්ව කුඩා කාලයේ සිට හදාවඩා ගත් දෙමාපියන්ව අමතක කරන්නම හොද නෑ. මොකද ඔය කාටවත් තමන්ගෙ දෙමව්පියන්ට වඩා ආදරය දෙන්න බෑ. කවදාකම හරි ඉතුරු වෙන්නේ ඒ අය විතරයි.

ඒ වගේම සමහර පුද්ගලයින් ඉන්නවා තමන්ගෙ අනන්‍යතාවය පෙන්නලා දෙයක් කරන්න කොන්දක් නැති, ඒ වගේම අනිත් අයට නූතන තාක්ෂණය භාවිතා කරමින් දුක් පීඩා දෙන මන්දමානසික පුද්ගලයින්. ඉතිං ඒ වගේ අය හිංදා වෙන්නෙ මොකක් ද කියලත් මේ ෆිල්ම් එක බැලුවම බලාගන්න පුළුවන්. කථාව ගැන සැකවින් කියන්නම්, මේ කතාවෙ ප්‍රධාන චරිතය තමා ප්‍රදීප්, එයාගෙ පෙම්වතිය තමා නිකිතා. ඉතිං ප්‍රදීප් නිකිතාගෙ තාත්තා හම්බෙලා තාත්තට සම්බන්ධෙ ගැන කියන්න හදනකොට, තාත්තා ප්‍රදීප්ටයි නිකිතටයි තම තමන්ගැන හදුනා ගන්න එකිනෙකා තමන්ගේ දුරකථන මාරු කරගන්න කියලා පියා කියනවා. ඉතිං ඒ හිංදා ප්‍රදීප් සහ නිකිතා අතර වන ජරමර මොන වගේ ද?. දෙදෙනාට එකතු වෙන්නට ලැබෙයිද?. ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම අද කතාව නරඹන්න කියාලා ආරාධනා කරනවා

අවසානෙට මං මෙහෙම දෙයක් කියන්නම්. කියන්නෙ නැතුවම බෑ.

NOTE – මේ උපසිරැසිය කරන්න ගොඩාක් මහන්සි උනා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම ඒවා හියෙනවා නම් කියන්න ඒවා හදන්නම්. idx ව්ල ගැටළු නිරාකරණය කරමින් පවතින්නේ, මහන්සි වෙලා නිදි මරාගෙන ඔයාලට නොමිලේ දෙන උපසිරැසි එහෙම සබ් උස්සලා ඒ අදාල සබ් ලයින් එඩිට් කරලා ඒ ලයින් අතරට ඇඩ් දාලා සල්ලි හම්බකරන්න ඉඩ දෙන්න බෑ. මොකද අපි මේ විධියට සබ් කරන්නේ ඔයාලට නිකම් දෙන්න. අපි මේකෙන් ආදයාමයක් හොයන්නේ නැහැ. ආයිමත් කියනවා ඒ වගේ හොර සයිට් වලින් ෆිල්ම්, උපසිරැසි ඩවුන්ලෝඩ් කරනවා කියන්නේම උපසිරසි නිර්මාණය කරන අය ඉන්න සයිට් වලපල්ලට යවලා, ඒ වගේ පරපෝෂිත සයිට් දිරිමත් කරනවා වගේ වැඩක්.  ඒ වගේ හොර සයිට් දිරි ගන්වන්න අනුබල දෙන්න එපා කියලා මං නැවතත් ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ සිනමාපටය රස විදින්න කියලා ආරාධනා කරමින් මං ගිහිං එන්නම්, නැවතත් මෙවන් උපසිරැසියකින් හමුවන තෙක් ඔබ සැමටම තෙරුවන් සරණයි.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

66,287 downloadsDownload Love-Today-2022.zip6.2 MB

 

ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

27,779 downloadsDownload Love-Today-2022-Proper-HD.zip5.8 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

54 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Naveen Mbr

    නියමයි අයියේ! ගොඩක් ස්තූතියි!

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති මල්ලි

  3. Kushan

    Sub akta thanks

  4. මයුර

    නියමයි මචෝ. හයිප් එක හින්දම බලන්න බලාගෙන උන්නු එකක්. තෑන්ක්ස් වේවා..

    1. Ravindu_Heshan

      බොහොම ස්තූති අයියේ

  5. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  6. Anu

    මේ තියෙන්නෙ English sub නෙ!!

  7. කසුන්

    කෝටි 5 කින් කෝටි 50 ක් හෙව්වයි කියන්නෙ අනිවා බලන්න ඕන,මොකද වෙනස්ම ස්ටොරියක් ඇත්තේ,ස්තුතියි සහෝ උපසිරසියට

  8. Samith

    Thanks brother

  9. Sameera

    බොහෝම ස්තූතී මචං...අද දායි හෙට දායි කියල මග බලන් හිටපු එකක්...

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Anonymous

    Rorschach malayalam movie sub plz

  12. PW

    Thanks Sinhala subtitle eke dunnata,,,,,,,,,

  13. Kevin D...

    Thanks...

  14. Buddhika Lakmal (laKMal)

    ලිපියට බොහෝම් ස්තූතියි මචං.. ඒවගේම මහන්සිවෙලා හදපු සබටක් බොහෝම් ස්තූතියි...

  15. Bandara

    Thanks Lot Ravidu..Good Luck

  16. Idunil weerasinghe

    Thanks brother

  17. Venushka

    sub eka english Or Sinhala

  18. Venushka

    Sub eka play wenne english or sinhala

    1. Ravindu_Heshan

      sub eka sinhala, thama orijinal video awe na, tama awith thynnee english sub encode karapu eka. proper hdrip eka enawa december 2 ekata man update akak dannam

    2. Anonymous

      sub eka weda karanne na

    3. Anonymous

      mao vlc , km player 2paly kala , mata show karanne english sub eka withari, mage sytem eka windows 11,

    4. Anonymous

      all fine , sub eka weda karanawa , thanks

  19. Chathura Lakshan

    Bohoma thuthii ❤️❤️❤️❤️❤️

  20. Anonymous

    G

  21. Anonymous

    FILM AKA downlod karaganna widiha kiynnako

    1. Ravindu_Heshan

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් baiscopedownloads . co

  22. Dinesh Rukmal

    ගොඩක් ස්තූතී සබ් එකට බලනවද නැද්ද කියලා කල්පනා කර කර ඉදලා නිකන් බැලුවා අන්තිමට නැගිට්ටේ ඔක්කෝම බලලා මුල් පැය භාගෙන් පස්සේ තමා ආතල්ම සීන් සෙට් වෙන්නේ. ඇත්තටම Dhanushගේ Acting ම තමා මට මැවෙන්නේ මේ කොල්ලා රගපානකොට ඕන කමින්ම ඒ සමාන වෙන්න හදනවදෝ කියලත් හිතුනා, මොනා උනත් සුපිරියක්.

  23. Anonymous

    Thanks for sub

  24. බිනුර

    දෙන්නන් වාලේ සබ් ගොඩ වැඩිවෙන්න ෆිල්ම් නොදී මේ වගේ බලන්න පුලුවන් හොද කතාවක් තියන ෆිල්ම් දෙනඑක නම් පට්ට මචෝ..ජය වේවා

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  27. Anonymous

    Kantara සුබ් ඕන බයිස්කෝප්
    මේ අවුරුද්දේ ඉන්දියාවේ සුපිරිම බිලොක්බස්ටර් හිට් එක

    1. Ravindu_Heshan

      eka boho durata ada watenawa

  28. Alzin Mazrtr

    Thanks

  29. Anonymous

    Patta

  30. dulan

    ස්තුතියි

  31. Bandula

    Thanks

  32. Anonymous

    Ko bn kantara sub eka

  33. Anton priyahantha

    GooD!

  34. roshan

    good job keep doing

  35. sandun

    oya baluwai kiyana hodama Romantic tamil film list eka baluwama nam penne kisima rasawindanayak nathi sub karana kenek kiyala oya. mata puduma mechchara hoda film ekak ara wage film balana oya wage kenekta ahu unu eka. oya hariyata Tamil Romantic film balala naha.ehema thibba nam ara wage list ekak post karanneth naha

  36. Lakshan

    Good job keep it up

  37. Tharindu

    Hithuwe na mechchra hoda wei kyla... patta film ekak.. thank you sub eka labaa dunna ekata.. jaya wewa

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  39. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  40. Manu

    Godak sthuuthi.. Jaya wewa!

  41. Lasantharathnasirirox

    බොහෝම ස්තූතියි රවිදු සහෝ...ජයවේවා.

  42. WGRuwanChanakaWedagedara

    thak you

  43. Ravidnu

    Thanks brother

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Binod

    sub ekata thankyou

  46. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.