Kantara: A Legend Chapter 1 (2025) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න අද අරං වාර්තාගත ආදයමක් ලබා ගත් කන්නඩ සිනාමාපටයකට උපසිරැසි අරගෙන. ත්‍රාසය කුතුහලය, සිනහව හොදට කැටි කරපු ෆිල්ම් එකක් තමායි මේක. Kantara (2022) ෆිල්ම් එක මතක ඇතිනේ. ඒක අතිසාර්තක ෆිල්ම් එක…

Kantara: A Legend Chapter 1 (2025) Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න අද අරං වාර්තාගත ආදයමක් ලබා ගත් කන්නඩ සිනාමාපටයකට උපසිරැසි අරගෙන. ත්‍රාසය කුතුහලය, සිනහව හොදට කැටි කරපු ෆිල්ම් එකක් තමායි මේක.
Kantara (2022) ෆිල්ම් එක මතක ඇතිනේ. ඒක අතිසාර්තක ෆිල්ම් එකක්. ඉතිං ෆිල්ම් එකෙම prequel ෆිල්ම් එකක් තමා මේක. Kantara (2022) සිනමාපට නිෂ්පාදනය කලේ කෝටි 15 ක් වගේ පිරිවැයකිං වුණත් මෙදාපාර මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ කෝටි 125 ක පිරිවැයක් දරමින්. කලිං ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය සේම ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Rishab Shetty විසින්. ඒ වගේම නිෂ්පාදනය කරන්නේ Vijay Kiragandur, Chaluve Gowda විසින්.
පලවෙනි ෆිල්ම් එකේ හිටපු නලු නිලියන් කීප දෙනෙක් සේම, අලුත්න්ම නලු නිලියන් කීප දෙනෙක්ම මේ සිනමාප්ටය සදහ දායක වනවා. ඒ Jayaram, Rukmini Vasanth, Gulshan Devaiah යන අයයි. ඔවුන්ගේ රංගනයත් මෙහි කැපී පෙනෙනවා.
මේ ෆිල්ම් එක කලිං ෆිල්ම් එකටත් වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වෙනව, මේ ෆිල්ම් එක කෝටි 900 ට ආසන්න ආදායමක් උපයා ගන්නවා.
ඇත්තටම මේ ෆිල්ම් එකේ සබ් එක මං තනියම කරන අධිෂ්ඨානයෙන් මුල ඉදලාම හිටියේ . ඒත් අවාසනාවට මට වැඩ අධික උනා, ඒ හිංදා මට බන්දුල අයියගෙ සහය පතන්න වුනා. ඉතිං මේ සබ් එක කරන්න මට හොද සහයෝගයක් දීපු බන්දුල අයියට ස්තූතිය පුද කරනවා.
ෆිල්ම් එකේ වැඩි විස්තරයක් කියන්න කලිං වගේ කාලය වෙලාව අවමයි. ඉතිං මේ ෆිල්ම් එක නරඹලා ගුණ දොස් කියන්න කියල මං ආරාධනා කරනවා.
එහෙම නං නැවතත් මෙවැනි උපසිරැසියකිං නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි!
Kantara: A Legend Chapter 1 (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
5,273 downloadsDownload Kantara-A-Legend-Chapter-1-2025.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට හා “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kantara: A Legend Chapter 1 (2025) Sinhala Subtitles
Subtitles
5 comments
Supun Kaushalya
Buddhika laKMal
ස්තූතියි බන්දුල, රවිදු සහෝ දෙන්නම එකතු වෙලා මේකට සබ් දුන්නට
Kevin D...
Thank You !
Gihan
බලාපොරොත්තුවෙන් හිටපු උපසිරැසියක්. ස්තුතියි!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you සබ් එකට!
Thalavara (2025) මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො