Kara (2026) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි, සැලකිය යුතු කාලෙකට පස්සේ බයිස්කෝප් එක පැත්තේ ආවේ හැමෝම මග බලාගෙන හිටපු පට්ටම ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 අප්‍රේල් මාසේ අන්තිම සිනමාහල්වලට නිකුත් වෙලා, Netflix එකටත් ආපු සුපිරිම දෙමළ He…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි, සැලකිය යුතු කාලෙකට පස්සේ බයිස්කෝප් එක පැත්තේ ආවේ හැමෝම මග බලාගෙන හිටපු පට්ටම ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 අප්‍රේල් මාසේ අන්තිම සිනමාහල්වලට නිකුත් වෙලා, Netflix එකටත් ආපු සුපිරිම දෙමළ Heist Action Thriller එකක් තමයි “Kara” කියන්නේ. දැනටමත් IMDb එකේ 7.8 ක වගේ ඉහළම රේටින් එකක් කරකවන්න සමත් වෙලා තියෙන මේ ෆිල්ම් එක, සිනමා ලෝලීන් අතරේ සෑහෙන කතාබහක් මතු කරපු, කුතුහලයෙන් පිරුණු එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
මේ සුපිරි නිර්මාණය පිටුපස ඉන්න කණ්ඩායම ගැන බැලුවොත්, අපිට “Por Thozhil” වැනි අතිශය සාර්ථක සහ විචාරක ප්‍රශංසා දිනාගත් ලේයර්ඩ් ක්‍රයිම් ත්‍රිලර් එකක් තෑගි කරපු සුපිරි අධ්‍යක්ෂ විග්නේශ් රාජා තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඇල්ෆ්‍රඩ් ප්‍රකාශ් සමඟ එකතු වෙලා ඔහු ලියපු මේ තිරපිටපතට පණ පොවන්න දකුණු ඉන්දීය සිනමාවේ ඉන්න දක්ෂතම නළුවෙක් වෙන ධනූෂ් ප්‍රධාන චරිතයෙන් එකතු වෙනවා. මීට කලින් “Asuran”, “Vada Chennai” වගේ දැවැන්ත හිට්ස් දීපු ධනූෂ්ගේ රංගනය මේකේ තවත් මට්ටමකට අරන් ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රධාන නිළිය විදිහට මෑතකදී “Premalu” ෆිල්ම් එකෙන් හැමෝගෙම හිත් හොරකම් කරපු මලයාලම් නිලි මමිතා බයිජු රංගනයෙන් දායක වෙන අතර, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ වගේම නළුවෙක් වෙන කේ. එස්. රවීකුමාර් සහ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වෙන සූරජ් වෙන්ජාරමූඩු වැනි ප්‍රබල නළු කැලක් මෙහි සෙසු චරිත රඟපානවා.
කතාව පැත්තට හැරුණොත්, 1991 අවුරුද්දේ ගල්ෆ් යුද්ධය ඇවිලෙන වටපිටාවක, ඉන්දියාවේ රාමනාදපුරම් කියන වියළි පළාත කේන්ද්‍ර කරගෙන සැකසුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වෙන කරසාමි කියන්නේ තමන්ගේ අතීත හොරකම් සහ මැරකම් ජීවිතයෙන් අයින් වෙලා, බිරිඳ සෙල්ලි එක්ක පුංචි කෑම කඩයක වැඩකරන සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරන මනුස්සයෙක්. ඒත් ඒ ප්‍රදේශයේ තියෙන බැංකු ක්‍රමයේ අසාධාරණකම් නිසා කරසාමිගේ පවුලේ පාරම්පරික ඉඩම් බැංකුවට සින්න වෙන්න යනවා. තමන්ගේ පියාගේ භූමි දානය කරන්න ඉඩම බේරාගන්න වෙනත් කිසිම ක්‍රමයක් නැති තැන, අකමැත්තෙන් වුණත් තමන් අත්හැරලා දාපු අඳුරු අපරාධ ලෝකයට සහ මහා පරිමාණ බැංකු කොල්ලයකට ආයෙමත් අඩිය තියන්න කරසාමිට සිද්ධ වෙනවා. එතනින් එහාට ඔහුට මුහුණ දෙන්න වෙන දරුණු සිදුවීම් මාලාව මේ මිනිත්තු 161 පුරාවටම කුතුහලයෙන් යුතුව ගලාගෙන යන්නේ.
ඉතින් කුතුහලය අවුස්සමින් එක දිගට ඇද බැඳ තබාගන්නා දර්ශන වගේම මනරම් පසුබිම් රංගනය සහ හිතට වදින පිය-පුතු සෙනෙහස පිරුණු මේ සුපිරි ත්‍රිලර් එක මග ඇරගන්න එපා. සිංහල සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන චිත්‍රපටය. බලලා ඉවරවෙලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Kara (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,283 downloadsDownload Kara-2026.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kara Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Kara (2026) Sinhala Sub
- #Kara (2026) Sinhala Subtitles
- #Kara Sinhala Sub
- #Kara Sinhala Subtitles
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
ශාමල් යටවර
Anonymous
එනකම් බලන් හිටපු එකක් ♥️
ජය වේවා!Sajith Gamage
Good❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kara (2026) Sinhala Subtitles | ණය රකුසා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Kara-2026-2.jpg)
බොහොම ස්තූති අයියේ