Watch Trailer

System (2026) Sinhala Subtitles | යුක්තියේ අරගලය [සිංහල උපසිරසි]

System (2026) Sinhala Subtitles ඔන්න අද මම අරගෙන ආවේ 2026 ඉන්දියානු සිනාමවට පැමිණි System (2026) චිත්‍රපටයයි. බොලිවුඩ් සිනමාවේ නීතිය සහ අධිකරණය වටා ගෙතුණු කතාවලට කැමති අයට මේක හොඳ නිර්මාණයක් වේවි. ​මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ashwiny Iyer Tiwari විසින්. ප්‍රධාන චරිත සඳහා Sonakshi Sinha, දකුණු ඉන…

System (2026) Sinhala Subtitles

ඔන්න අද මම අරගෙන ආවේ 2026 ඉන්දියානු සිනාමවට පැමිණි System (2026) චිත්‍රපටයයි. බොලිවුඩ් සිනමාවේ නීතිය සහ අධිකරණය  වටා ගෙතුණු කතාවලට කැමති අයට මේක හොඳ නිර්මාණයක් වේවි.

​මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ashwiny Iyer Tiwari විසින්. ප්‍රධාන චරිත සඳහා Sonakshi Sinha, දකුණු ඉන්දීය නිළි Jyothika සහ Ashutosh Gowariker රංගනයෙන් දායක වෙනවා.

​කතාව ගැන කෙටියෙන් කිව්වොත්, නේහා රාජ්වන්ශ් කියන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ එකම නඩුවක්වත් දිනාගන්න බැරි වුණු රජයේ නීතිඥවරියක්. හැබැයි ඇයගේ පියා, රවී රාජ්වන්ශ්  කියන්නේ ඉතාමත් දක්ෂ, ප්‍රසිද්ධ ආරක්ෂක නීතිඥයෙක්. නේහාට තමන්ගේ පියාගෙන් අභියෝගයක් ලැබෙනවා එක දිගට නඩු 10ක් දිනලා පෙන්වන්න කියලා. මේ කාලය ඇතුළත නේහාට උසාවියේ යතුරුලියනය කරන්නියක් විදියට වැඩ කරන සාරිකාව මුණගැහෙනවා. සාරිකාගෙන් ලැබෙන ඔත්තු සහ සාක්ෂි නිසා නේහා එක දිගට නඩු 9ක්ම ජයග්‍රහණය කරනවා. හැබැයි 10 වෙනි නඩුව ඇතුළෙදි නේහාගේ ප්‍රතිවාදී නීතිඥයා විදියට කටයුතු කරන්නේ ඇයගේම පියා. එතනින් එහාට කතාවේ ලොකු පෙරළියක් සිද්ධ වෙනවා.

​මේක හුදෙක්ම සාමාන්‍ය උසාවි කතාවකට එහා ගිය, බලය සහ යුක්තිය ගැන කතා කරන වෙනස්ම විදියේ චිත්‍රපටයක් විදියට විචාරකයින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම Sonakshi සහ Jyothika ගේ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

​සිංහල උපසිරැසි එක්කම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කාලෙකින් බලන්න ලැබෙන වෙනස්ම විදියේ කතාවක් නිසා අනිවාර්යයෙන්ම බලන්න. ඉදිරියේදීත් මේ වගේම අලුත් චිත්‍රපටයකින් හමුවෙමු.

System (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,486 downloadsDownload System-2026.zip60 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

System Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

2,486 downloadsDownload Subtitles60 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Dhamindu saho sub ekata