Watch Trailer

Kingdom (2025) Sinhala Subtitles | ගෝත්‍රිකයන්ගේ බලාපොරොත්තුව [සිංහල උපසිරසි]

Kingdom (2025) Sinhala Subtitles ආයුබෝ‍වේවා! ඔන්න අවුරුද්දකට විතර පස්සේ ආපහු උපසිරැසියක් කරන්න හිතුනා. දේවරකොන්ඩාගේ ෆිලුමක් නිසා අතහරින්න බැරි නිසා තමයි මේක කරන්න ගත්තේ. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ෆිලුම ගැන මතක් කරලා වෙන්කරගන්න කියපු අපේ රවිඳු හේෂාන් මල්ලිට. වෙලාව කොතරම් සීමා සහිත වුනත් එයා උනන්දු…

Kingdom (2025) Sinhala Subtitles

ආයුබෝ‍වේවා! ඔන්න අවුරුද්දකට විතර පස්සේ ආපහු උපසිරැසියක් කරන්න හිතුනා. දේවරකොන්ඩාගේ ෆිලුමක් නිසා අතහරින්න බැරි නිසා තමයි මේක කරන්න ගත්තේ. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ෆිලුම ගැන මතක් කරලා වෙන්කරගන්න කියපු අපේ රවිඳු හේෂාන් මල්ලිට. වෙලාව කොතරම් සීමා සහිත වුනත් එයා උනන්දු කරවපු නිසා තමයි මේක කරන්න ගත්තේ. ඉතින් වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන විස්තර බලමු. 

2025 ජූලි 31 නිකුත් වුන මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jersey ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Gowtam Tinnanuri විසින්. හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබුණු මේ ෆිලුම මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 82.02 ක දළ ආදායමක් ලබන්න සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 5.6 ක අගයක් ලබන්නත් සමත්කම් දක්වලා තියෙනවා. මේකේ අපිට තියෙන විශේෂත්වය තමයි හයිද්‍රාබාද්, විශාකාපට්නම්, කේරළය වගේම ශ්‍රී ලංකාවෙත් රූගත කිරීම් සිදු කරලා තියෙන එක. ෆිල්ම් එක බලනකොට ඔයාලාට සිංහල වචන ඇහෙයි, සිංහල වචන දකින්න ලැබෙයි, ලංකාවේ තැන් ගැන කියයි, මේ වගේ සැලකිය යුතු සම්බන්ධතාවයක් තියෙන ෆිල්ම් එකක්.  ෆිල්ම් එකේ කතාව ගැන කිවුවොත් 1920 ඉන්දියාවේ ශ්‍රීකාකුලම් ප්‍රදේශයේ ජීවත්වුන ගෝත්‍රික ජන කණ්ඩායමකට වුන සිදුවීමකින් තමයි කතාව පටන් ගන්නේ. බ්‍රිතාන්‍ය හමුදාව රත්තරන් නිධි අයිති කරගැනීමේ අදහසින් මේ ගෝත්‍රික කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරන්න උත්සහ කරනවා. ඒ අවස්තාවේ ඔවුන්ගේ නායකයා සහ රණ ශූරයන්ගේ මැදිහත් වීමෙන් ළමයින්ව පමණක්හෝ බේරගන්න උත්සහ කරනවා. ඉතින් ඒ වෙලාවේ දරුණු සටනකින් අනතුරුව ළමයින් බේරගෙන ශ්‍රී ලංකාවට පලා යන්න ඔවුන්ගෙන් සීමිත පිරිසකට හැකියාව ලැබෙනවා. ඉතින් ලංකාවෙන් ඒ පිරිසව අල්ලගෙන සරණාගතයින් විදිහට නම් කරලා “දිවි” කියන දූපතේ රඳවලා තමයි ඉන්නේ. සරණක් නැති මේ සරණාගතයින්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න ජාවාරම් කාරයෝ මේ පිරිසව ජාවාරම් වලට යොදා ගන්නවා. ඉතින් 1920න් පටන් ගත්ත මේ කතාවේ වර්ථමාන කතාව සහ අතීත කතාව අතර සැරිසරමින් තමයි කතාව ගලාගෙන යන්නේ. විජේ දේවරකොන්ඩා මේකේ සූරි කියන ඉන්දියානු පොලිසියේ කොස්තාපල් කෙනෙක්ගේ චරිතයක් තමයි රඟ දක්වන්නේ. ඉතින් මේ සූරි මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කතාව බලලාම දැනගන්න කියලත් ආරාදනා කරනවා.  ඉතින් කතාව ගැන මගේ අදහසත් අන්තිමට දාන්න හිතුනා. මොන විදිහේ ආදයම්, මොන විදිහේ අදහස් තිබ්බත් මට අනුව නම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් විදිහට තමයි දකින්නේ. එහෙනම් ෆිලුම බලලා අදහසක් කොටාගෙන යන්න කියලත් ආරාධනා කරමින් සමු ගන්නවා. තවත් උපසැරැසියකින් හමුවෙමු. ජය!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා  අදාළ වේ.

5,696 downloadsDownload Kingdom-2025.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kingdom, Kingdom (2025) Sinhala Subtitles, Kingdom Sinhala Sub, 

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

5,696 downloadsDownload Subtitles44 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ශශිත් සහෝ මේකට උපසිරැසි දුන්නට....

  2. Sham

    Thanks for the subtitle

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤