ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් දමිළ බයිස්කෝප් එකක් අරන් එන්නේ තිබුණ අධික වැඩ රාජකාරි වලින් මොහොතකට මිදුනයින් පස්සෙයි. ටික දවසකට කලින් භාර ගත්ත එකක් දෙන්න ටිකක් පරක්කු වුනාට මුලින්ම සමාව ඉල්ලනවා. සයිට් එකට ටිකක් අඩුපාඩුවක් වෙලා තිබුණ අප කව්රුත් දන්න විපේ විජේසේතුපතිගේ කරුප්පාන් නොහොත් කලුවා, චිත්…

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් දමිළ බයිස්කෝප් එකක් අරන් එන්නේ තිබුණ අධික වැඩ රාජකාරි වලින් මොහොතකට මිදුනයින් පස්සෙයි. ටික දවසකට කලින් භාර ගත්ත එකක් දෙන්න ටිකක් පරක්කු වුනාට මුලින්ම සමාව ඉල්ලනවා. සයිට් එකට ටිකක් අඩුපාඩුවක් වෙලා තිබුණ අප කව්රුත් දන්න විපේ විජේසේතුපතිගේ කරුප්පාන් නොහොත් කලුවා, චිත්‍රපටය උපසිරසිගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයට හා තිසර නියෝ සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.
IMDb අගය 5.6/10 ලබා ගැනීමට සමත් වු 2017 සැප්තැම්බර් 28 වන දින තිරයේ පැය2යි විනාඩි35 ක් පෑයු මේ ෆිලුම රංගනයෙන් විපේ විජේසේතුපති හා බොබි සිම්හා විසින් , මේ දෙන්නගේ රංගනය ගැන මම ඔයගොල්ලන්ට කියන්න ඕන නෑ නේ. මේක වර්ග කරල තියෙන්නේ Action , Drama විදියට. ඒ වගේම මේ කතාව හා අධ්‍යක්ෂණය ආර්. පන්නීර්සෙල්වම්, මෙයා තමයි අපි කවුරුත් දන්නා අධ්‍යක්ෂක ලිංගුසාමිගේ ගෝලයෙක්. මේ පන්නිර්සෙල්වම්ව තමිල්නාඩුවල ප්‍රසිද්ධ සටන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හැටියටයි. මේකේ චන්ද්‍රිකා විකාශන අයිතිය SunTV සතුයි.
කෙල්ලනම් ටාන්‍යා රවිච්චන්ද්‍රන් මෙයා පරන නලුවෙක් රවිච්චන්ද්‍රන් ගේ මිනිබිරිය, ටාන්‍යා ගේ බ්‍රින්දාකනම් මූවි එක ටිකක් හිට් වුනා. මේක එයාගේ තුන්වෙනි ෆිලුම. ඇත්තටම මේ ෆිලුමේ මේ ටාන්‍යා ගේ චරිතයට තෝරගෙන තිබුනේ කීර්ති සුරේෂ් ව . නමුත් එයාගේ කාලය ලබාගැනීමෙ ප්‍රශ්නය නිසා එම අවස්ථාව රිකිතා සිං ට ලැබුනා නමුත් එයද පසුව ෆිලුම ආරම්භයට පෙරම ලක්ෂ්මි මෙනන් තෝරාගනු ලැබුවත් පසුව ඇයවද ඉවත්කරනු ලැබුවා. ඔන්න ඕමයි මේ ටාන්‍යා ට අපේ සේතු එක්ක සෙට්වෙන්න ලැබුනේ.
ඒ වගේම තමයි මේ හරකා “කොම්බන්”. මේ කොම්බන්ගේ ෆොටෝ එක පාවිච්චි කරල තියෙනවා first look පෝස්ටර් එකට. ඒ පෝස්ටරේට විරෝධය පලකරලා තියෙනවා ඒ කොම්බන්ගේ අයිතිකාරයා . ඒ එයාගේ අවසරයක් නොමැතිව නිෂ්පාදකවරයා කොම්බන්ගේ පින්තූරයක් ප්‍රචාරය සදහා යොදාගත්තා කියල. ඒ සිද්දිය නිසා මේ කොම්බන්ටත් විශාල ප්‍රේක්ෂකන් පිරිසක් එකතුවුනාලු. මේ ප්‍රශ්නය විසදිලා තියෙන්නේ විජේසේතුපති කොම්බන්ගේ අයිතිකාරයා හමුවීමෙන් පසුවලු.
සංගීතය සපයල තියෙන්නේ ඩී. ඉමාන් විසින්. ගැමි පරිසරයට උචිත ලයාන්විත සංගීතයෙන් කුල්මත් කිරීමට ඉමාම් දෙවෙනි වෙන්නේ මම හිතන විදියට ඉලයරාජාට පමණි…. ගීත රචනය සියල්ලම යුගභාරති විසින් කර ඇති අතර සංකර්ම හදේවන් , සහෂා , අනන්‍යා , බෙනි දයාල් , ප්‍රදීප් කුමාර් , දිවාකර් හා අනිතා වෙන්කට් විසින් ගායනය කර ඇත
හරි දැන් ෆිලුම ගැන බලමු, තනි මිනිහෙක්ට ෆිලුමක් කොතෙක් දුරට රැගෙන යන්න පුලුවන් ද කියන එකට හොදම උදාහරණයක් තමයි මේ ෆිලුමේ විජේසේතුපති ගේ රංගනය. මේ කතාව හරිම සාමාන්‍ය එකක් , ඒ කියන්නේ ද්‍රොහිකමක් සිද්දවෙනවා, ඒ නිසා පවුලතුල ඇතිවන ප්‍රශ්නය හා එය ඇතිකල පුද්ගලයා සොයා ගැනීමයි. මේ වගේ සාමාන්‍ය කතාවක ඇතිකල හැකි වෙනස මොකක්ද කියනවනම් ඒ විජේසේතුපතියි. ඒ ඔහුගේ රංගනය. ඒ මම විස්තර කරනවට වඩා ඔබම බලා තේරුම්ගත යුත්තක්.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Action, Thriller
- අධ්‍යක්ෂණය : R. Panneerselvam
- නිෂ්පාදනය : A. M. Rathnam
- රංගන ශිල්පීන් : Vijay Sethupathi, Tanya, Bobby Simha
- කථාව රචනය : R. Panneerselva
- ධාවන කාලය : 138 Minut
- තිරගත කල දිනය : 29 September 2017
- සංගීතය : D. Imma
- IMDB අගය : 5.6/10
තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
4,957 downloadsDownload Karuppan-2017.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
16 comments
ඔෂද ධනංජය
isuru srinath sjs
පට්ටම සහෝදරයා ... ස්තුතියි සිංහල උපසිරැසියට !!
යුරාන් ධනුක (දනුවා)
නියමයි උදය සහෝ..
උපසිරැසියට බොහෝම ස්තූතියි !!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pradeep Ekanayaka
ස්තූතියි
Rukshan37
Ela ela
baiscopeshanukap
Thanks bokka
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි උපසිරැසියට සහෝ.! මඟ ඇරුණු එකක් අනිවා බැලිල්ලක්.!
kelumchathuranga
thanks
D.Chamara
bohoma sthuthi ... jaya ...
Kapila4499
thanks for sub
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
N_R
Thank You.
Shaggie
Thnks mchn
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි සහෝ