අද අපි මේ ජීවත්වෙන ලෝකේ තිබෙන දියණුවත් එක්ක අතීතයේදි අපට කරන්න බැරිවුන දේවල් ගොඩක් අද කිසිම අපහසුවකින් තොරවම කරන්න පුලුවන් වෙලා තියෙනවා ඉතින් අතීතයේ කරන්න බැරිවුන ඒ දේවල් දැන් හුදෙක්ම කතාන්දර වලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මතුකරලා පෙන්වන්න පුලුවන් දෙයක් තමයි නූතන බටහිර වෛද්‍ය ක්ෂේත්‍ර…

අද අපි මේ ජීවත්වෙන ලෝකේ තිබෙන දියණුවත් එක්ක අතීතයේදි අපට කරන්න බැරිවුන දේවල් ගොඩක් අද කිසිම අපහසුවකින් තොරවම කරන්න පුලුවන් වෙලා තියෙනවා ඉතින් අතීතයේ කරන්න බැරිවුන ඒ දේවල් දැන් හුදෙක්ම කතාන්දර වලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මතුකරලා පෙන්වන්න පුලුවන් දෙයක් තමයි නූතන බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය.! දිනෙන් දින දියුණුවන මේ ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයද පියවරෙන් පියවර දියුණු වෙමින් පවතිනවා.මේ දේවල් දිහා සාමාන්‍ය විදියට බැලුවොත් සතුටු වෙන්න පුලුවන්.! නමුත් ඒ දියුණුව අතැමෙකුගේ සුඛ විහරණයත් තවත් කෙනෙකුට මරණ සහ ඊටත් එහා ගියපු ප්‍රතිවිපාකත් ගෙන එනවා කිව්වොත් ඔබට පුදුමත් හිතෙයි.! අද කාලේ බොහොමයක් දේවල් වල අඳුරු පැතිකඩක් තියෙනවා. ඒවා අතර දේශපාලනය,වෙළඳාම ආදිය ගොඩක් දේවල් ඒ අතර සෞඛ්‍යය ක්ෂේත්‍රයත් තිබෙන බව ඉතාමත් කණාටුවෙන් උනත් මෙතනදි කියන්න වෙනවා. කොලිවුඩයේ නිර්මාණය වන බොහොමයක් චිත්‍රපට අතර ප්‍රධාන මාතෘකා විදියට යොදාගැනෙනුයේ ගොවියෝ,දේශපාලකයෝ,සෞඛ්‍යය වෛද්‍ය ක්ෂේත්‍රය වගේ කාරණා ගැනයි.! Mei 2019 යනු වෛද්‍ය ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩක් ගැන අලලා නිපැයුනු කතාවකින් හෙබි සිනමා සිත්තමක්.!
මෙය නිරතුරුවම තම රසිකයන්ට විදේශ සිනමා පට ලඟා කර දෙනවා වගේම ඔවුන්ගේ දැනුමටද යමක් එකතු කිරිමටද නිතර උත්සහා කරනා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ තවත් එක වෑයමක්.! අද ඔබ වෙත සිංහල උපසිරැසි ගන්වා රැගෙන එන මේ චිත්‍රපටයත් හිතන්නට යමක් ඉතුරු කරන සහ බැලිය යුතුම ( Must Watch ) යැයි කියලා සැකයකින් තොරව නිර්දේශ කල හැකි සිනමා නිර්මාණයක්.! අප එසේ කියද්දි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව මෙහෙයවමින් චිත්‍රපටය තුල භාරදූර කටයුත්තක් කරන ජනප්‍රිය දමිළ නිලි අයිශ්චර්යා රාජේෂ් මේ සිනමා පටය ගැන තමන්ගේ පෞද්ගලික අදහස් පුවත් පතකට දක්වා තිබුනේ මෙලෙසින්..! (පහත රූපය)
නව අධ්‍යක්ෂකවරයෙකු සමඟ වෛද්‍යමය අපරාධ පිලිබඳව නිමැවුන චිත්‍රපටයක රඟපෑම ගැන සහ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන තමන් ලැබු අත්දැකීම් ගැන ඇය පවසා සිටියේ මෙලෙසින්.! 
කාන්තා කේන්ද්‍රීය ත්‍රාසය පිරිනු මේ සිනමාපටය අගෝස්තු මස 23 වනදා සිට තිරගත කෙරුනා. S.A Baskaran ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනයෙන් හැඩගැන්වුන Aishwarya Rajesh, Kishor සහ නවක නළු Nicky Sundaram ගේ රංගනයෙන් ඔපවත් උන Suspense Thriller චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයින්ගේ අදහස් වුයේ මෙලෙසින්ය.
කාලීන මාතෘකාවක් යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය සඳහා ලැබුන විචාරක ප්‍රේක්ෂක අදහස් මෙන්ම කතාවේ අන්තර්ගතය කුමක් දැයි බලා ඔබත් මෙය නරඹා රසවිඳින අතර දැනුමටද යමක් එකතු කරගන්නා ලෙසද යෝජනා කරනවා. ඉතා කාර්ය්‍යබහුල අවස්තාවකදි මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට සහය දුන් අප වෙබ් අඩවියේම තවත් සහෝදර උපසිරැසිකරුවකු වන ඉන්ද්‍රජිත් උදය කුමාර මල්ලිටද ස්තුති කරමින් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් අපගේ සංස්කාරවරයකු වන තිසර සහෝටත් විශේෂ ස්තුතිය පිරිනමමින් තවත් සිංහල උපසිරැසියක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,017 downloadsDownload MEI.2019.Baiscopelk.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
37 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Aac3
ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝලා... ජය වේවා !!!
Udaya Saman
දැන් සබ් දෙන්නෙ දෙන්නම වගේ.එල එල හොදම දෙනනනෙ සයිට් එකේ.දෙන්නටම බොහොම තුති.සහෝ දෙන්නටම තුති....
arawindasunimal
thanks mtr
Prasadmdrnga01
Thanks...puluwannan seetharama kalyana ektath sub ek diyn
Rocky45
opencloud 720p link eka denne nedda
thiwanka weerasinha
Thx☺☺☺☺☺☺
Ayesh Prashan
Thank You
Sampath53
Thanks sub ekata.jaya wewa oyalata. vijege madura move ekata sub denna puluwanda.kauru wath karapu nethi move ekak.
gihan perera
ස්තුතියි සහෝ...පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
sooriyapatabadige
Thanks for sub bro.....(Muthuramalingam 2017) movie eke sub denna bro please.....
RuwanLakshan93
ස්තූතියි සහෝ ජය වේවා...!
ranga11112
thanzz saho....bs
C lakmal
thanks
kodagoda
tnx sahoo
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
Hemantha De Silva
ස්තුතියි ඉන්ද්‍රජිත්.... තරිඳු...
hatharasingha
Supiri. Thnx
chaminda udana
suppa .. thnx saho
dewru
Thanks
nish47
ස්තූතියි සහෝ
Rumesh dhanushka
Thanks Friend .....
Rukshan37
ELa
sublove
bohoma sthuthi me sub eka apita genawata
D.Chamara
okkotama bohoma sthuthi sahoo
Sanjeewa2010
Thnxxxxxxxxxxx
Ranidu
thanks for sub bro
hoda kathawak,aadarshayak thyna filumak
jaya wewaL.G.T.Dilshan Liyanage
Thnks
nishannw
Thank you
MoviesGangs
Tnz saho
kavindu niroshan
Thnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wikum chamara
Thanks bro ela ela
Anu
Thanks bro...
sarangaw
සබට බොහෝම ස්තුතියි !
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mei (2019) Sinhala Subtitles | වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Mei-2019.jpg)

Sthuthi sahoo ikmanatama sub dunnata ...