Watch Trailer

Karuppu (2026) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව දෙවියන්ගේ පැමිණීම! [සිංහල උපසිරසි]

Karuppu (2026) Sinhala Subtitles බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාටම ආයුබෝවන්! ඔන්න අදත් මම ආවේ තවත් සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2026 අවුරුද්දේ මැයි මාසේ සිනමාශාලාවලට නිකුත් වෙලා, ඊට පස්සේ OTT හරහා නිකුත් වුණු “Karuppu” කියන සුපිරි Action-Fantasy චිත්‍රපටය…

Karuppu (2026) Sinhala Subtitles

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාටම ආයුබෝවන්! ඔන්න අදත් මම ආවේ තවත් සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2026 අවුරුද්දේ මැයි මාසේ සිනමාශාලාවලට නිකුත් වෙලා, ඊට පස්සේ  OTT හරහා නිකුත් වුණු “Karuppu” කියන සුපිරි Action-Fantasy චිත්‍රපටය. දැනටමත් මේකට 6.5/10 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. නීතිය සහ යුක්තිය වල්වැදුණු තැනක දෙවියන්ම මනුෂ්‍ය වේශයෙන් ඇවිත් දුෂ්ටයන්ට දෙන සුපිරි දඬුවම තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. 

මේ සුපිරි නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කවුරුත් දන්න RJ Balaji විසිනුයි, ඒ වගේම ඔහු මීට කලින් නිර්මාණය කල ‘Mookuthi Amman’, ‘Veetla Vishesham’ වගේ ජනප්‍රිය චිත්‍රපට නිසාම මේ ෆිල්ම් එක ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ වගේම මේකේ තිර රචනයත් සිදු කරන්නේ ඔහුමයි, RJ Balaji කියන්නේ ‘LKG’ වගේ කතා ලියපු දක්ෂ තිර රචකයෙක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළු Suriya විසිනුයි, ඔහුගේ ‘Singam’, ‘Soorarai Pottru’, ‘Jai Bhim’ වගේ අතිසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට මේකත් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ වගේම ප්‍රධාන නිළිය විදියට Trisha Krishnan රංගනයෙන් එකතු වෙනවා,  ඊට අමතරව අධ්‍යක්ෂක RJ Balaji ම මෙහි ප්‍රධාන දුෂ්ට චරිතයක් වන බේබි කන්නන් විදියටත්, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු Indrans  සහ Anagha Maya Ravi වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා එකතු වෙලා තියෙනවා.

මේ කතාව පටන් ගන්නේ කේරලයේ ඉඳන් චෙන්නායි වලට එන අසරණ තාත්තා කෙනෙක්ගෙන්. කෝච්චියේ එද්දි ඔහුගේ රත්තරන් ටික හොරු අරගෙන ගියත් පස්සේ පොලිසියෙන් ඒක හොයාගන්නවා. ඒත් ඒ රත්තරන් ටික ආපහු ගන්න ගියාම මේ අහිංසක පියාට මුහුණ දෙන්න වෙන්නේ ඊට වඩා දරුණු හොරු රැලකට, තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් මේ නඩුව මාස ගාණක් කල් දාන දූෂිත නීතිඥයෙක් නිසා අන්තිමේදී සැත්කම කරගන්න විදියක් නැතුව අර අහිංසක දුව මැරිලා යනවා. මේ අසාධාරණය නිසා උසාවිය ළඟ තියෙන දේවාලයේ ඉන්න ‘වෙට්ටෙයි කරුප්පු’ කියන දේවතාවා කෝපයට පත් වෙලා, මනුස්ස වේශයෙන් උසාවියට එනවා. නීතියෙන් සාධාරණයක් නොලැබෙන තැන, මේ අසරණයින්ට පිහිට වෙන්න දෙවියන් කොහොම මැදිහත් වෙයිද? සල්ලි බලයෙන් නීතිය නවන මේ දූෂිතයන්ට මොන වගේ දඬුවමක් ලැබෙයිද? මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි, හුදෙක් විනෝදාස්වාදයට එහා ගිය ලොකු සමාජ පණිවිඩයක් මේ දේව සංකල්පය හරහා සමාජයට ලබා දීම. අල්ලස සහ දූෂණයට එරෙහිව ප්‍රබල හඬක් මේ කතාවෙන් ගොඩනගනවා. එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලම 

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Karuppu (2026) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,842 downloadsDownload Karuppu-2026.zip69 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Karuppu Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,842 downloadsDownload Subtitles69 KB

4 comments

  1. Buddhika laKMal

    සබට ස්තූතියි තරිදු අයියේ

  2. ඕෂද එරංග (Era Boy)

    තැන්ක්ස් තරිදු අයියේ.. ❤️

  3. hashan

    hi good happy movis

  4. Gihan

    උපසිරැසියට බොහෝම ස්තූති