Watch Trailer

Deep Water (2026) Sinhala Subtitles | මිනී මෝරන් මැද සිරවූ අහස් මගියෝ [සිංහල උපසිරැසි] [Bluray Update]

Deep Water (2026) Sinhala Subtitles ආයුබෝවන් යාළුවෝ හැමොටම… ඔයාලා මෝරු ඉන්න ෆිල්ම් වලට එහෙම ආසනම් අද තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මේ අරගෙන ඇවිත් තියෙන්නේ අළුතින්ම ආපු Horror/Disaster ශානරයේ ෆිල්ම් එකක්. මේක ඇමරිකාවේ සිනමාශාලාවලට නිකුත් උනේ පසුගිය මැයි මාසේ 01 වෙනිදා වගේම ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල…

Deep Water (2026) Sinhala Subtitles

ආයුබෝවන් යාළුවෝ හැමොටම… ඔයාලා මෝරු ඉන්න ෆිල්ම් වලට එහෙම ආසනම් අද තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මේ අරගෙන ඇවිත් තියෙන්නේ අළුතින්ම ආපු Horror/Disaster ශානරයේ ෆිල්ම් එකක්. මේක ඇමරිකාවේ සිනමාශාලාවලට නිකුත් උනේ පසුගිය මැයි මාසේ 01 වෙනිදා වගේම ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද (16)  කියලත් මතක් කරන්න ඕන.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් බෙන් කියන්නේ මගී ගුවන් සේවයක පළමු නිළධාරියා එහෙමත් නැත්තම් ගුවන් යානයේ නියමුවාගේ සහයකයා විදියට සේවය කරන කෙනෙක්. බෙන්ගේ පුතාගේ අසනීප තත්වයක් නිසා බෙන් දිවා රෑ නොබලා ගුවන් ගමන් වල යෙදිලා මුදල් හොයාගන්න උත්සහ කරමින් තමයි ඉන්නේ. මේ අතරෙදි බෙන්ට අවස්ථාවක් ලැබෙනවා ලොස් ඇන්ජලීස් ඉඳන් ෂැංහයි බලා පිටත් වන මගී යානයක පළමු නිළධාරියා විදියට වැඩ කරන්න. මේ ගමන යද්දි මගියෙකුගේ නොසැලකිලිමත් වැඩක් නිසා සම්පූර්ණ්ඩ ගුවන් යානයයම අනතුරකට ලක්වෙනවා. මේ අවස්ථාවෙදි බෙන් සහ යානයේ නියමුවා වෙන රිච් ගුවන් යානය  පැසිෆික් සාගරයට ගොඩබාන්න තීරණය කරනවා. නමුත් එයාලා මේ යානය ගොඩබාන්න යන්නේ දරුණු මෝරන් ගහණ සාගර කලාපයකට කියලා ඔවුන් දැන ඉන්නේ නෑ.

ඉතිං බෙන් ඇතුළු මේ යානයේ මගීන්ට කොහොම දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා දැනගන්න ඕනනම් ඔයාලත් මේ ෆිලුම නරඹලා ඉන්න. Deep Water ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Renny Harlin විසින් ඒ වගේම මෙයට නිෂ්පාදකවරුන් බොහෝ ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙද්දි 6.0ක IMDb අගයක් සහ 67%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙන මේ සිනමාපටයේ ප්‍රධන චරිතය වෙන බෙන් විදියට Aaron Eckhart එකතු වෙනවා. ඔයාලා Olympus Has Fallen (2013), I, Frankenstein (2014), The Dark Knight (2008) චිත්‍රපට බලලා තියෙනවනම් ඔයාලට මෙයාව මතක ඇති. ඊට අමතරව Ben Kingsley, Kelly Gale, Angus Sampson, Lakota Johnson, Li Wenhan වහේ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!

Deep Water (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray/WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,577 downloadsDownload Deep-Water-2026-Bluray-Updates.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deep Water Sinhala Subtitles

Subtitles

2,577 downloadsDownload Subtitles65 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං මේකට සබ් දුන්නට

  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.