ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන ආවා, ඒකත් අවුරුදු පහලොවක් විතර පරණ එකක්, පරණ ෆිල්ම් එකකට සබ් කලාමයි මේ. හැබයි පරණයි කියලා අහක දාන්න පුළුවන් ෆිල්ම් එකක්නම් නෙමෙයි මේ. හිතට දැනෙන පවුලත් එක්කම ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 2005 වර්ශයේ නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය අජේ දෙව්ගන්ගේ වෙනස…

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන ආවා, ඒකත් අවුරුදු පහලොවක් විතර පරණ එකක්, පරණ ෆිල්ම් එකකට සබ් කලාමයි මේ. හැබයි පරණයි කියලා අහක දාන්න පුළුවන් ෆිල්ම් එකක්නම් නෙමෙයි මේ. හිතට දැනෙන පවුලත් එක්කම ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

2005 වර්ශයේ නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය අජේ දෙව්ගන්ගේ වෙනස්ම ආකාරයේ රඟපෑමක් බලාගන්න පුළුවන් ෆිල්ම් එකක්. දමිල නළු වික්‍රම්ගේ 2011 නිකුත් වුන Deiva Thirumagal ෆිල්ම් එක මතකද? මානසික රෝගියෙක් චූටි දුවකට කරන ආදරේ ගැන කියවෙන කතාව, අන්න එ වගේ කතාවක් තමයි මම අද මේ ගෙනාවේ, ඒ ෆිල්ම් එකේ කතාව නෙමෙයි, ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක්.

අවුරුදු හතක පුංචි කෙලි පැටික්කියෙක්, ඒ සුන්දර හිනාව, මිහිරි කටහඬ, ඒ ලස්සන ඔබව වෙනම ලෝකෙකට ගෙනියයි, ඒ තරම් හුරුබුහුටි කෙල්ලෙක් තමයි ඉන්නේ. එතකොට අජේ දෙව්ගන් ඒ පුංචි කෙල්ලගේ තාත්තා හැබයි අවුරුදු හතක දහයක විතර පොඩි එකෙක්ගේ මොලයක් තියෙන මානසික රෝගියෙක්. මායා පුංචි කෙල්ලගේ අම්මා. ගෙදරින් පැනලා යමින් ඉන්න, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ළමයාව හම්බුවුන ගමන් ළමයව මානසික රෝගි තාත්තට දීලා ඇය පැනයනවා. එතනින් පස්සේ ඒ පුංචි කෙල්ලව උස් මහත් කරන්නේ ඒ තාත්තා. අවුරුදුන් හතකට පස්සේ මායාගේ තාත්තා එනවා පුංචි කෙල්ලගේ අයිතිය ඉල්ලගෙන නඩු කියන්න. එතනින් එහාට මම කියන්නේ නෑ. අරගෙන බලන්න. ඔබේ නෙතට කඳුලක් උණන කතාවක් වෙනවා නොඅනුමානයි.

සමහරු මෙලහකටත් මේක බලලා ඇති, ආයෙත් බලන්න උපසිරසි එක්ක, නොබලපු අය අනිවාරෙන් බලන්න, පවුලේ හැමෝම එක්ක බලන්න. Ajay Devgan වෙනස්ම රංගනය, Sushmita Sen, Esha Deol. Anupam Kher කියන රංගන ශිල්පීන්ගෙන් සහ Rucha Vaidya කියන පුචි කෙලි පැටික්කිගෙන් මේ කතාව ඔයාලට අමුතුම රසයක් ගෙනත් දේවි. එහෙනම් තව කතා ඕන නෑ. පරණ හින්දි සිනමාවට. මේ කතාවට ආස අය මේ වෙනකොටත් ඩවුන්ලෝඩ් බට්න් එක ඔබලා ඇති… මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් ළඟදීම හම්බුවෙමු. ජය…!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,839 downloadsDownload Main-Aisa-Hi-Hoon-2005.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

1,839 downloadsDownload Subtitles62 KB

8 comments

  1. Gihan Lakmal

    මචන් සබ්ටයිටල් එකේ ඩවුලෝඩ් ලින්ක් එක sillu karupatti එකට සෙට් වෙලා තියෙන්නෙ... හදන්න...

  2. indika75

    thanks..

  3. Gihan Lakmal

    හරි මචෝ ගත්ත... උපසිරසියට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  4. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ!
    පරණ හින්දි නම් ඉතින් නොබලා කොහොමද.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  8. MAALnath

    Thanks ...............good luck .....................