Watch Trailer

Skinwalker Ranch (2013) with Sinhala Subtitles | තවත් පිටසක්වල ආක්‍රමණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට, ටික කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ඔයාලා බලලා තියෙනවනේ පිටසක්වලයින්ගෙන් පෘථිිවිය ආක්‍රමණය කරන්න හදන චිත්‍රපට. මේකත් ඒ වගේ චිත්‍රපටයක් තමයි. ස්කින්වෝල්කර් කියන ගොවිපලේ සිදු වු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. කතාව මෙහෙමයි වෙන්න…

ඉතින් කොහොමද ඔයාලට, ටික කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ඔයාලා බලලා තියෙනවනේ පිටසක්වලයින්ගෙන් පෘථිිවිය ආක්‍රමණය කරන්න හදන චිත්‍රපට. මේකත් ඒ වගේ චිත්‍රපටයක් තමයි. ස්කින්වෝල්කර් කියන ගොවිපලේ සිදු වු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. කතාව මෙහෙමයි වෙන්නේ.

ස්කින්වෝල්කර් කියන ගොවිපලේ ජීවත් වන පුංචි පවුලක් තියෙනවා. ඒකේ ජීවත් වන කෝඩි කියන ළමයගේ උපන්දිනේ දවසේ කෝඩිගේ තාත්තා ඔහුව පුදුම කරන්න තෑගි අරන් එනවා. ඉතින් ඒ දවසේ තමයි මේ සිදු වීම වෙන්නේ. කෝඩියි ඔහුගේ අම්මයි තාත්තයි ඔවුන්ගේ වත්තේ සෙල්ලම් කර කර ඉන්න කොට කෝඩිව එකවරම අතුරුදහන් වෙනවා. කෝඩිගේ තාත්තටයි අම්මටයි හිතාගන්නත් බැරි වෙනවා මොකක්ද එකපාරම උනේ කියලා. ඉතින් මේ ගැන පරීක්ෂණ කරන්න MDE (නූතන ආරක්ෂක ආයතනය) විසින් ඒ ගොවිපලට යනවා. ඉතින් එහිදී ඔවුන්ටත් එක එක සිදුවීම් වෙනවා. ඉතින් මේ ගැන තමයි චිතප්‍රටය පැයයි විනාඩි 20 ක් තුළ යන්නේ.

IMDb රේටිංග්ස් වල 5.1 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය 2013 ඔක්තෝබර් 30 තමයි ඇමරිකාවේ මුලින්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඩෙවින් මැක්ගින් කියන අධ්‍යක්ෂරවයා යටතේ නිර්මාණය උනු මේ චිත්‍රපටයේ ඔහුත් ප්‍රධාන චරිතයක් රඟපානවා, ඒ වගේම ස්ටීව් බර්ග්, එරින් කැහිල්, ජෝන් ග්‍රයිස්, කයිල් ඩේවිස් යන අය තමයි රඟපාන්නේ. ඉතාමත් අත්භූත සිදුවීම් රැසක් මේ ප්‍රදේශයේ සිදු වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ එක් සිද්ධියක් පමණයි. එහෙනම් මේ චිත්‍රපටය රස විඳින්න කියලා කියමින් තවත් චිත්‍රපටයකින් ඉක්මනින් හමුවෙනතුරු ගිහින් එන්නම්.

ජය වේවා…!!!

Skinwalker Ranch (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Skinwalker Ranch [2013]  HDRip XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

400 downloadsDownload Skinwalker-Ranch-2013.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Lahiru-Chanaka-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

400 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Isuru

    Ela mchn. Saba ta thanx

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. madushan

    Ela onna banna damma

  4. avindu umesh

    Thanx sub ekta bro

  5. c net

    සබට තෑන්ක්ස්. ඇයි බන් මෙච්චර පරන එකක් වෙලත් HDRip දුන්නෙ

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  8. asitha

    elama saho thanks

  9. Dinesh Ganegoda

    ජයෙන් ජයම වේවා සහෝ..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Nishan

    Thanx bro

  13. Dilip Asiri

    ptttaiii bro thanxxxxxc..super

  14. Dilip Asiri

    ptttaiii bro thanxxxxxc..super......good luck

  15. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    The perfection 2018 sub dennako

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.