Watch Trailer

Kavan (2017) with Sinhala Subtitles | ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් සුපුරුදු වැඩේ පටන් ගන්න හිතුණා. පසුගිය වකවානුවේ අධ්‍යාපන වැඩ බහුලව තිබුණු නිසා තමයි උපසිරසියක් ඇරන් එන්න බැරිවුණේ. එහෙම ටික කාලයක් ඉන්නැද්දි හිතුණා ආයේ උපසිරසි කරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් විජය් සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය නිසා ආයෙමත් ආසාවක් ඇතිවුණා උපසිරසියක් කරන්න…

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් සුපුරුදු වැඩේ පටන් ගන්න හිතුණා. පසුගිය වකවානුවේ අධ්‍යාපන වැඩ බහුලව තිබුණු නිසා තමයි උපසිරසියක් ඇරන් එන්න බැරිවුණේ. එහෙම ටික කාලයක් ඉන්නැද්දි හිතුණා ආයේ උපසිරසි කරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් විජය් සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය නිසා ආයෙමත් ආසාවක් ඇතිවුණා උපසිරසියක් කරන්න. ඒ තරමටම එදා යාපනේ රාජා සිනමා ශාලාවේ පුළුල් තිරයේ මිතුරන් එක්ක “කවන්“ රාත්‍රී දර්ශනය බලන්න ගිය වෙලාවේ ආපු ගැම්ම ප්‍ර‍බල වුණා. ඒ තමයි කවන් පිළිබඳ මම ඔයාලට දෙන පළවෙනි හැඟීම. වැඩිය කතා නොකර, චිත්‍ර‍පටිය කෙහොමද කියලා පොඩි විස්තරයක් කියන්නම්.

සම්මානලාභී අධ්‍යක්ෂක කේ.වී ආනන්ද් සාමාන්‍යයෙන් සමාජ ගැටළුවක් අලළා තමයි  චිත්‍ර‍පටි කරන්නේ. කේ වී ආන්නද් කවුද කියලා ගූගල් කරලා බැලුවාම තේරෙයි. මේ පාර එයා කපිලන් වෛරමුත්තු කියන තිර රචකයත් එක්ක එකතු වෙලා සුපිරි නළු විජය් සේදුපතියි ටී.රාජේන්දර් කියන  (නළු සිම්බුගේ පියා) සොඳුරු චරිතයයි එක්කළ අපූරු සුසංයෝගය එකම වේදිකාවට ගෙන්නලා තියනවා.

සේදුපතිගේ චරිතය පටන් ගන්නේ ජනමාධ්‍ය සිසුවෙක් විදියට. කතාව පටන් ගනිද්දිම සේදුපතිට මලර් (මැඩෝනා සෙබෙස්තියන්) ගෙන් බූට් එකක් හම්බෙනවා. අවුරුදු තුනකට විතර පස්සේ සේදුපතිට සෙන්-1 ටීවී කියන මාධ්‍ය ජාලයෙන් ඉන්ටවිවු එකක් එනවා. ඉන්ටවිවු එකට යන අතරමඟ ලොකු කලබලයක්. ඒකට හේතුව කල්‍යාන් කියලා නාළිකා හිමියෙක් සහ මැර දේශපාලඥයෙක් වෙන ධීරන් මනියරසු කියන දෙන්නා. මේ සිද්ධිය සේදුපති වාර්තා කරලා සෙන්-1 මාධ්‍ය ආයතනයේ හැමෝගෙමත් හිත් දිනාගෙන අවසානයේ මලර්ගේ හිතත් දිනාගෙන අවසානයේ ඕපන්-ටෝක් කියන අළුත්ම දේශපාලන සංවාදාත්මක වැඩසටහනේ මෙහෙයවන්නා බවට පත්වෙනවා. ඔය අතරේ අබ්දුල් සහ කල්පනා කියලා තරුණ ජෝඩුවක් ධීරන් මනියරසුගේ කෘමිනාෂක ෆැක්ටරියකට විරුද්ධව අරගල කරනවා. ඒකට තරහා ගිය ධීරන් මැරයින් දම්මලා කල්පනාව අතවරයට ලක් කරනවා. සෙන්-1 නාලිකාවේ ප්‍ර‍ධානියත් මේවාට උඩගෙඩි දෙනවා තමුන්ගේ නාළිකාව හරහා.  සේදුපති මේක නොදැන හිටියා නෙවෙයි. නමුත් තමුන්ගේ වෙලාව එනකල් ඉවසගෙනයි හිටියේ. ඕපන්-ටෝක් වැඩසටහනේ පළවෙනි විකාශය ධීරන් මනියරසු එක්ක විජය් සේදුපති. මේ කොටස තමයි චිත්‍ර‍පටයේ හැරවුම් ලක්ෂය සහ හොඳම කොටස.එතන ලොකු සිද්ධියක් වෙනවා හොඳඳ (ඔයාලම බලන්න). කොච්චර ලොකුද කියනවා නම් සේදුපතියි එයාගේ යාළුවො සෙට් එකයි රස්සාවෙන් එළවලා දානවා. මේ වෙලාවේ අපේ ලංකාවේ TNL වගේ නාලිකාවක (මුත්තමිල් ටීවී) අධ්‍යක්ෂකවරයෙක් මේ මාධ්‍ය කණ්ඩායමට යුක්තිය කතා කරන්න තමුන්ගේ හද්ද පරණ නාළිකාවේ අවකාශය ලබා දෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි T. රාජේන්දර් (ඌ නම් පට්ට ආතල් චරිතේ) . එතැනින් එහාට බලන්නකෝ මේ සෙට් එක එකතු වෙලා ජඩ මාධ්‍යයට එරෙහිව ගහපු ගේම මොකද්ද කියලා.

සේදුපති..මේ චිත්‍ර‍පටිය හරහා එයාගේ රංග කලාවේ වෙනත් කෝණයක් පෙන්නලා තියනවා. සාමාන්‍යයෙන් සේදුපති රඟපාන්නේ බොහොම ගම් මට්ටමේ බිම් මට්ටමේ චරිත වුණාට මේකේ ඉන්නේ ඉහළ සමාජ තලයක කෙනෙක් විදියට. සිසුවෙක් විදියට ඉන්න කාලේ එයාගෙ පෙනුමයි පස්සේ තලතුනා මාධ්‍යවේදියෙක් වුණාට පස්සේ එයාගේ චරිතයයි සැසඳීමකට ලක් කර බලන්න. නියමෙටම රඟපානවා ඉතින්. මට නම් කවන් එකේ සුපිරිම සිද්ධිය තමයි බොරු ඉන්ටවල් එකක් පෙන්නන සිද්ධිය. ඒ වගේම ටී.රාජේන්දර්ගෙ රඟපෑමනම් පට්ටයි. එයා නැත්තම් ෆිලුමේ ආතල් එකක් නෑ ඇත්තටම. මැඩෝනා සෙබෙස්තියනුත් උපරිම සහයෝගයක් දෙනවා සේදුපතිට. අනිත් කෑල්ල පවර් ස්ටාර් ආව හරිය (ආරාධීත රංගනය). පවර් ස්ටාර්ව ඒ විදියට දැක්කමයි මම. පොලිස් කොමසාරිස්ගේ චරිතය කරනවා නසර්.

ඔය විස්තර ඇති වගේ නේද..අඩුපාඩුත් කියන්න එපාය. මට නම් පළවෙනි භාගේ වගේ දෙවෙනි භාගේ රසවිඳින්න බැරිවුණා. මොකද චිත්‍ර‍පටිය ටිකක් දිගයි. අනික දෙවෙනි භාගේ කැමරා ටිකක් උස්සගෙන කෑලෑ ගාණේ දුවන සීන් තියෙනවා ඒක ටිකක් අවුල් වගේ (පුද්ගලිකව). අවසාන කෑල්ල මීට වැඩිය හොඳට කරන්න තිබුණා. තව මෙලෝ රහකට නැති සිංදු දෙකක් තියනවා. හැබැයි පළවෙනි සිංදුවයි, වේදිකාවේ කියන සිංදුවයි නම් පට්ටයි. උපසිරසිය සුපිරියටම ඇති.

එහෙනම් ඇරන් බලන්න. මීළඟ උපසිරසියෙන් හමුවෙන තුරු..ජයවේවා !

Kavan (2017) on IMDb

 

 

 

 Due to copyright issues, we do not provide any torrent links.

www.TamilMV.mx – Kavan (2017) Tamil HDRip – XviD – 700MB – MP3 – HC-ESub.avi

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

3,681 downloadsDownload Kavan-2017.zip110 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

3,681 downloadsDownload Subtitles110 KB

38 comments

  1. yasitha

    supiriyak wage..thanku machan subata...

  2. Imesh Akalanka

    sub ekata thanks.jaya wewaa..

  3. mithun

    ෆට්ට සහෝ මෙක දෙනකම්මයි බලම් උන්නෙ
    මෑන්ගෙ ෆිල්ම් අතාරිනෙ නෑ කොහොමත් .
    බොහොම ස්තුතියි ඔයාම සබ් දුන්නට

  4. එල්.සී. දමැල්

    ඔන්න එහෙනම් මේකත් Download list එකට Add කරගන්නව...
    බොහොම ස්තුතිවන්ත වෙනව උපසිරසට...
    තවත් උපසිරසක් ඉක්මනින් ගේමු...

  5. Mayura

    සේදුපති නම් ඉන්ද්‍රජිත්.. අනිවා බෑමක් තමා

  6. Nelson

    Good Post Friend, Thanks!

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  8. Nimesh

    Motta shiva ketta shiva film ekta sub diynko mchn

  9. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ගහනකොට කිලෝමීටරයක් විතර විසි උනත් දෙමල ෆිලුමක් බලන්නේ නැතුව ඉන්න හිතෙන්නෙම නෑ.මොකද ලස්සනම කතා තියෙන්නේ දෙමල ෆිල්ම් වල නිසා..
    බුදුසරණයි..ජය වේවා..

  10. kalpa

    thanks sub ekata. machan Dharma Duri 2016 flm ekatath sub demuko.

  11. Seneya

    thanx broooo sub 1kta

  12. Chami.S

    Thanks..

  13. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  14. Chalana

    thnx bro...

  15. Kulanjana Maduranga

    niayamai…tamil nm balanawama thama....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Damith

    බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!

  17. ආසිරි ප්‍රියන්ත (හේවා)

    කවාන්. කාටද මේ කවන්න කියන්නේ.
    ඉන්දරේ කලින් දුන්නු ෆිල්ම් කීපයකුත් බැලුවා.
    සුපිරි ඉතින්.
    මේක මමනම් බාන්නේ නෑ, අපේ ගමේ ඉන්නවා දෙමල පිස්සෙක්. උගෙන් උස්සන් එනවා.
    එහෙනම් දිගටම බස්සමු නේ.
    ජය වේවා කිව්වා එහෙනම්.,
    සබට තැන්ක්ස් හොදේ.

  18. "චූටී මල්ලී"

    Dharma durai ekat denna
    Tnx bro

  19. gayahara

    Dharma durai ekath one aiye...thx Kavan ekata

  20. Jack

    බොහෝම ස්තුතියි මචන් සබට,
    ජය...

  21. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  22. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ඔන්න බාන්න දැම්මා...
    උඹ කිව්වත් වගේ සේදුපතිගේ ෆිල්ම් වල පොඩි මෙව්වා එකක් තියෙනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Mahesh

    Sub ekata thanx

  25. Shehan

    Dharma durei ekath denna bro jaya!

    1. Indrajith Udaya Kumāra

      ධර්මදුරෙයි අද දෙනවා

  26. Rajitha Abeysinghe

    thanks bro

  27. Kasun S Jayalath

    බොහොම ස්තූතියි උපසි‍රැසියට... ජය වේවා...

  28. Lithum2011

    Thanks

  29. R_deshan

    සබ් එක තිතටම කරල තියනව....රුම්බ නන්රි සහෝ...

  30. avishka360

    Thanks

  31. dimuthu lakmal

    Thanksa bro.bs.tc

  32. N_R

    Thank You.

  33. Shehan putha

    thanks

  34. Anu

    good job bro.

  35. මොළ කකුලුස්

    Thanks for subtitles....jaya wewa yaluwa..

  36. සාරංග ජේ. ලියනගම

    Thanks

  37. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!