Watch Trailer

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin”…

ආයුබෝවන්!

අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන නළුව මතකයිනෙ නේද?එයා තමයි මේකෙ එක ප්‍රධාන නළුවෙක් වෙන්නෙ. අනිත් එක්කෙනත් හොඳටම දන්න කියන කෙනෙක් තමයි.

ජපානය විසින් කොරියාව යටත් කරගෙන හිටපු කාලෙ කොරියානු නිදහස වෙනුවෙන් සටන් කරපු සටන්කාමීන් පිරිසක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. ලී ජන්ග් චුල්  (Song Kang-ho) කියන්නෙ ජපන්නුන්ට වැඩ කරන කොරියානු පොලිස් නිලදාරියෙක්.මෙයා මීට කලින් ෂැංග්හයි වල නිදහස් සටන්කාමීන්ට උදව් කරල පස්සෙ එයාලව පාවලා දීලා ජපන් පොලීසියට බැදුණ කෙනෙක්.දැන් එයාගෙ රාජකාරිය තමයි ඒ නිදහස් සටන්කාමීන්ව අල්ලගන්න එක.ලී ජන්ග් චුල් මේ සටන්කාමී සාමාජිකයෙක් වෙන කිම් ජන් ඔක්ව අල්ලගන්න පස්සෙන් පන්නනවා.එයා ඉස්සර ඉදන්ම මෙයාගෙ හොඳ යාළුවෙක් ඒ නිසා එයාව මරන්න අදහසක් නෑ මේ පොලිස් නිලදාරියට.

ඒත් ජන්ග් ඔක් අහුවුණාට පස්සෙ එයා එයාටම වෙඩි තියාගෙන දිවිනසා ගන්නවා. එතකොට කිම් වූ ජින් (Gong Yoo) කියන්නෙ නිදහස් සටන්කාමීන්ගෙ ලොකු අත්තක්.මෙයා පොටෝ ස්ටූඩියෝ එකක් කරගෙන පරණ බඩු විකුණගෙන ඉන්නව වගේ තමයි එළියට පේන්නෙ.ඒත් මෙයා තවත් සාමාජිකයොත් එක්ක එකතු වෙලා සෝල් වල ජපන් පොලිස් මූලස්ථානෙට බෝම්බ ගහන්න ප්ලෑන් කරනවා.ඒත් මෙයාලට ඒකට පුපුරණද්‍රව්‍ය ගේන්න වෙන්නෙ ෂැංග්හයි වලින්.එහෙ ඉදන් ගේන්න ලේසි නෑ ජපන් පොලිස් මුරපලවල් නිසා.මේ ආරංචියම ජපන් පොලිසියටත් යනවා.ඒත් උන්ට ඕනෙ

මේ නිදහස් සටන්කාමීන්ගෙ ලොක්කවත් එක්කම එකට අල්ලගන්න.ඒ කියන්නෙ චේ-සන් (Lee Byung-hun) කියන නායකයව.ඒ නිසා ලී ජන්ග් චුල් පොලිස් නිලදාරියා කිම් වූ ජින් එක්ක යාළු වෙන්නෙ සේරම කොටු කරගන්න අදහසින්. ඒත් සේ චන් නායකයව හම්බුණාට පස්සෙ මේ පොලිස් නිලදාරියා එයාගෙ හිත වෙනස් කරගෙන ෂැංග්හයි වලින් බෝම්බ සෝල් වලට ගෙනියන්න උදව් කරනවා. ඒත් මේකට හරස් වෙන්නෙ හෂිමොටෝ කියන තවත් ජපන් පොලිස් නිලදාරියෙක්.මූ නිසා මෙයාලට ගොඩක් කරදර වෙනවා..

මම ඔතනින් කතාව කියවන එක නවත්තන්නම්, ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා.අදට ගිහින් එන්නම්.(මං දන්නව මගෙ ලිපි මෙලෝ රහක් නෑ කියන්න.ඒත් ෆිල්ම් එක පට්ට.)

බුදු සරණයි!

NEW

 

The Age of Shadows (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Age.of.Shadows.2016.BDRip.x264-ROVERS
The.Age.of.Shadows.2016.720p.BluRay.x264-FILMKU

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,162 downloadsDownload The-Age-of-Shadows-2016.zip78 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

3,162 downloadsDownload Subtitles78 KB

27 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    1. chamalkalum

      එල.. තැන්ක්ස්..

  2. Soori

    චාමල් සහෝ බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට... අනිවා බලන එකක්...

    1. chamalkalum

      එළ එළ

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. chamalkalum

      හරි...

  4. Thilina weerasinghe

    Thanks for subs....
    By the way.. discription also good ...

    1. chamalkalum

      ආ.. තැන්ක් යූ සහෝ..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ආසිරි ප්‍රියන්ත (හේවා)

    කතාව නම් කියෙව්වම ගති වගේ.
    බලලම බලමු නේ.
    දැන්ම බාගෙන තියාගන්න ඕනේ.
    ජය වේවා!! සබට තැන්ක්ස් හොදේ.

    1. chamalkalum

      ආ.. හරි සහෝ.. තෑන්ක්ස්..

  7. asitha

    elama saho thanks

  8. himashi

    Suddenly Seventeen (2016) mekatath sub dennako pls?

  9. Jack

    පට්ටයි මචෝ....
    අනිවා බෑමක් තමයි...
    බොහෝම ස්තුතියි සබ් එකට....
    ජය......

  10. Roshan weerasinghe

    Hamlet 1990 film ekata sub ekak denna saho kawru hari loku udawwak

  11. dana

    thanks bro. niyma wedak

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Mithun

    ෆිල්ම් එක අරගත්ත බොහොම ස්තුතියි සහෝ..
    Maka balam mai unna danakal balamuko ahanm

    1. chamalkalum

      එල එහෙනම්

  14. devinda

    sub akata thnx mchn

  15. Mithun

    Tama hitin makun na make katawa nm eccarama supiri story eka. Awankawama mawa tama film

  16. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  17. Shene

    thanks for sub

  18. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  19. sasanka

    thanks for the sub

  20. Priyantha

    මේකෙ subtitle file එක open වෙන්නෙ නෑ

    1. Ravindu Heshan - Admin

      Dan Wada