Watch Trailer

KD (2019) with Sinhala Subtitles | බිරියානි පෙරේතයයි… බක පණ්ඩිතයයි! [සිංහල උපසිරසි සමඟ]

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ IMDB අගය 9.0ක් ගත්තු, 95%ක ගූගල් පරිශීලක ප්‍රතිශතයක් ගත්තු, හොඳම නලුවා, හොඳම ළමා නලුවා, හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුලු සම්මාන රැසකටම වග කියපු සුපිරිම නිර්මාණයක්. පටං ගත්ත වෙලාවේ ඉඳන්ම තියෙන…

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ IMDB අගය 9.0ක් ගත්තු, 95%ක ගූගල් පරිශීලක ප්‍රතිශතයක් ගත්තු, හොඳම නලුවා, හොඳම ළමා නලුවා, හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුලු සම්මාන රැසකටම වග කියපු සුපිරිම නිර්මාණයක්. පටං ගත්ත වෙලාවේ ඉඳන්ම තියෙන්නේ හිනා වෙන්න. හැබැයි මෝඩ ජෝක් වලට නෙවෙයි. ඇඟට දැනෙන ඇඟට වදින නියම තාත්වික විහිලු. දෙමල චිත්‍රපට රසිකයෙක් නම් අනිවාරෙන්ම මේක බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේකට වැය කරන පැය දෙක කිසිම අඩුවක් නැතිව ඔයාලට විඳගන්න පුලුවන්. චිත්‍රපටය දිනාගත්තු සහ නාමයෝජනා වුන සම්මාන කිහිපයක් පහලින් නිකමට දාන්නම්.

  • Jagran Film Festival – Nagavishal (Kutty) won the Best Actor Award
  • UK Asian Film Festival – Madhumita won the Best Director Award
  • Singapore South Asian Film Festival – Film won the Jury Award
  • Indian Film Festival of Cincinnati – Madhumita won the Best Director Award
  • Caleidoscope Indian Film Festival of Boston – Unorthodox Role play Award for Acting
  • New York Indian Film Festival – Best Actor, Best Child Actor Nominations
  • Asian American International Film Festival – Best Actor, Best Child Actor Nominations
  • Ottawa Indian Film Festival Awards – was the Closing film
  • Tasveer South Asian Film Festival

උඩ ටික ඉස්සුවේ විකිපීඩියා එකෙන්

චිත්‍රප‍ටියේ ප්‍රධාන චරිත දෙකයි. එක්කෙනක් වයසක මනුස්සයෙක්(කේ.ඩී). අනෙක් කෙනා පොඩි කොල්ලෙක්(කුට්ටී). මේ චරිත දෙක නම් සිනමාවට අලුත්. හැබැයි අලුත් වුනාට දෙන්නගෙ රඟපෑම නම් කියලා වැඩක් නෑ. රඟපෑම හොඳ නිසානෙ හොඳම නලුවට සම්මාන පවා ගත්තේ. ඉන්දියාවේ තියෙන තවත් එක් යල් පැනගියපු චාරිත්‍රයක් නිසා පටං ගන්න කතාවක්. කේ.ඩී. ඒ කියන්නේ කරුප්පු දූරෙයි කෝමා එකක ඉන්න වෙලාවේ එයාගෙ දරුවන්ට මෙයාව තවත් බලාගන්න බැරි නිසා කේ.ඩී.ව මරන්න සැලසුම් කරනවා. ඇත්තටම ඒක ඉන්දියාවේ සාමාන්‍ය දෙයක් කියලා තමයි මේක බලද්දී හිතෙන්නේ. ඉතිං මෙහෙම සැලසුම් කරන අතරේ මේ මනුස්සයට එක පාරම සිහිය එනවා. පස්සේ තමන්ගෙ දරුවෝ එකතු වෙලා තමන්ට කරන්න යන වින්නැහිය ඇහිලා මෙයා ගෙදරින් පැනලා යනවා. ගිහින් කෝවිලක රෑ ගත කරනවා. එතනින් තමයි මෙයා‍ට හම්බවෙන්නේ කුට්ටී. පොඩි කොල්ලෙක්. හැබැයි පොඩි වුනාට ‍මෙයාගෙ තරම බලාගන්නකො. මාර මොලයක් තියෙන්නේ. කොහොමහරි මේ දෙන්න‍ා එකතු වෙනවා. අන්තිමට දෙන්නට දෙන්නා නැතිව බැරි වෙනවා. කේ.ඩී.ට තියෙනවා මැරෙන්න කලින් ඉටු කරගන්න පොඩි ආසාවන් ටිකක්. ඒවා මොනවද කියලත් බලන්න. ඒවා ඉටු කරගන්න පුලුවන් වෙයිද? කවුද උදව් කරන්නේ කියලත් බලාගන්න පුලුවන්. මේ අතරේ කේ.ඩී.ගෙ ලමයි එයාව හොයාගෙන එනවා පස්සෙන්. ඉතිං මේ විදියට කතාව ගලාගෙන යනවා. බෝරිං වගේද? නෑ. සුපිරිම කතාවක් තියෙන්නේ. අරගෙන බලන්න. අධ්‍යක්ෂනය, සංගීතය වගේම කැමරාකරණයත් ගොඩක් ඉහළ මට්ටක තියෙනවා.

බලන්න එපා වෙන බ්ලොක්බස්ටර් ලේබල් ගහගත්තු චිත්‍රපට අතරේ මේ වගේ චිත්‍රපට වලට ලැබෙන තැන ගැන නම් ඇත්තටම දුකයි. ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. එහෙනම් අරගෙන බලන්න. හිනා වෙලා අන්තිමට අඬන්නත් වෙයි. තවත් අන්තිමට ආයෙ හිනාවෙන්නත් පුලුවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.

6,333 downloadsDownload KD-2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,333 downloadsDownload Subtitles43 KB

22 comments

  1. oshadha1996

    film eka downloads wala hoyanna nane.

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Bandara76

    Thanks Ranga Bro...

  4. indika75

    thanks..

  5. Udaya Saman

    බොහොම තුති සහෝ උපසිරසියට .සබ දෙන්නම් කයල⁣ා හිතන් හිටියේ.කොහොමින් හරි ඔයා දුන්න එක වටිනවා.

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. duminda0991

    JAYA WEWA

  8. klj

    godak thanks machn sub ekata....

  9. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  10. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  11. nish47

    ස්තූතියි සහෝ

  12. Saranga J. Liyanagama

    Thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ishara24937026

    sub ekata sthuthi macho

  15. pasanMihidu1

    niyama film ekak thanksss

  16. pasanMihidu1

    jaya wewaa

  17. Kaviru madushan

    Thanks bro. Sub ekata....

  18. Dilshan rajitha

    Thanks

  19. Charith28

    me film aka downloard karanne kohomada kiyannako

  20. KAVINDU DARSSHANA

    THANKS BRO SUB EKT!!!!!

  21. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  22. Anonymous

    thankyou

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.