හැමෝටම සුබ නව වසරක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ පලවෙනි සබ් කරපු ෆිලුම අරගෙන ආව. ඒවගේම මේක මගේ 49 වෙනි උපසිරසි නිර්මාණය කියලත් කියන්න ඕනේ. හාෆ් සෙන්චරිය ගහන්න තවයි එක ලකුණයි ඕනේ. ඉතින් මේ ෆිලුමනම් ආයෙත් ඉතින් සුපිරි ෆිලුමක් තමා. අහන්න දෙයක් නැහැ. ඒ වගේම මේක මට බාර දුන්නේ අපේ සමන් අයියා. එ…

හැමෝටම සුබ නව වසරක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ පලවෙනි සබ් කරපු ෆිලුම අරගෙන ආව. ඒවගේම මේක මගේ 49 වෙනි උපසිරසි නිර්මාණය කියලත් කියන්න ඕනේ. හාෆ් සෙන්චරිය ගහන්න තවයි එක ලකුණයි ඕනේ. ඉතින් මේ ෆිලුමනම් ආයෙත් ඉතින් සුපිරි ෆිලුමක් තමා. අහන්න දෙයක් නැහැ. ඒ වගේම මේක මට බාර දුන්නේ අපේ සමන් අයියා. එයා ස්තුති කරන ගමන්ම කියන්න ඕනේ ගොඩක් පරක්කු උනා මේක දෙන්න. ඒ වගේම මේකේ WEB පිටපතට උපසිරසි හදන ගමන් ඉද්දි තමා BluRay පිටපත් යාවත්කාලීන වුනේ. ලයින් 1000 ක් විතර ඒ වෙනකොටත් හදලා තිබ්බේ. ඒ නිසා WEB එකටම සබ කරා. ඊට පස්සේ සමන් අයියගේ අදහස අනුව WEB පිතපතම BluRay එකට අලුත් කරා ටයිම්ලයින් ආපහු වෙනස් කරන්න වුනා. ඉතින් ගොඩක් පරක්කු උනාට සමා වෙන්ඩ ඕනේ හොදේ. ඒවගේම කියන්න ඕනේ මේකේ පෙළක් ලයින් තේරුම් ගන්න අමාරු නිසා ෆිලුමට ගැලපෙන වචන මම දාල තේරුම් ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා මම හිතනවා. ඉතින් මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්කො එහෙනම්.
මේක රිලීස් වුනේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මස 16. ඒ වගේම මේ ෆිලුම Action, Comedy කියන කැටගරි එකට තමා අයිති. වෙන්නේ. අනික මේකේIMDb අගය 5.8 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන බයිස්කෝප් එකක්. ආයේ අහන්න දෙයක් නැහැ සුපිරිම කොමඩියක් ඒ වගේම ක්‍රියාදාම ගොඩකින් සමන්විත වෙලා තියෙන්න පට්ට ෆිලුමක්. ඒ වගේම අපි කවුරුත් දන්නා කියන Wonder Woman හෙවත් Gal Gadot රංගනයෙන් දායක වෙනවා… ඇති නේද. j එහෙනම් මේකේ කතාව ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො.
ඉතින් ජෙෆ්ගේ පවුල විනෝදකාමී පවුලක් එයාලට මයිකි සහ පැට්‍රික් කියලා ළමයි දෙන්නෙක් එනවා. එයාල දෙන්න ගිම්හාන කදවුරකට යනවා. ඒ නිසා ගෙදර ඉතුරු වෙන්නේ ජෙෆ් ගැෆ්නි සහ කේරන් ගැෆ්නි කියන අබුසැමි යුවල තමා. ඒ වගේම ජෙෆ් වැඩකරන්නේ MBI කියන ආයතනයේ මානව සම්පත් අංශයේ. ඉතින් එයාලගේ කෙළවර වැසුනු ලස්සන වීදියට අලුතෙන් අසල්වැසියෝ එනවා. ඒ දෙන්නා නමින් නැටලි සහ ටිම්. ආපු දවසේ ඉදන් ඉතින් කේරන් මෙයාලා ගැන ඕප හොයනවා. ගෑනුගේ පුරුදුනේ ඉතින්.
ඒවගේම ආපු දවසෙම හදිසියෙම් මේ නැටලි ටීම් කියන ජෝඩුව මෙයාල බලන්න එනවා. ඉතින් හොදට කතා බහ කරලා මෙයා ජෙෆ්ලාට තෑග්ගකුත් දීල යනවා. ඒ වගේම මෙයාල ගොඩක් සමීප වෙනවා. ඒත් එක් රැයක මේ ඒ දෙන්න රෑබෝවෙලා හොරෙන්ම ගෙදර එනවා කේරන් දකිනවා. ඉතින් මෙයාට සැක හිතෙනවා. මෙයා දිගටම එයාල ගැන හොයනවා. ජෙෆ්ට කිව්වට එයා ගණන් ගන්නෙත් නැහැ. කොහොම හරි නැටලි පස්සෙන් ඔත්තු බලන්න ගිහිල්ලත් මෙයා මාට්ටු වෙනවා. ඒත් එයාලට ජොන්සස්ලා දුන්න තෑග්ග ඇතුලේ තිබිලා මයික්‍රොෆෝන් එකක් හොයාගන්නවා. එතනින් සකේ තවත් වැඩි වෙනවා. ඒ නිසාම මේ දෙන්න ජොන්සස්ලාගේ ගෙදර හොරෙන් කඩා පයිනවා. එතනදි තමා දකින්නේ එක එක දේවල් මෙයාල කරන. MBI එක ගැන හොයනවා කියලත් දකිනවා. කොහොම හරි මෙයාල ගේ කැඩුවත් කියලා ජොන්සස්ලා දැනගන්නවා. ඔන්න ඔතනින් තමයි මේ ෆිලුමේ ක්‍රියාදාම කොටස පටන් ගන්නේ.
අවසානේ කොහොම හරි ජොන්සස්ලා කියන්නේ කවුද එයාල කරන්නේ මොනවාද. එයාල මොකට මෙහෙ ආවේ. ඇයි MBI එක ගැන තොරතුරු හෙව්වේ මේ හැමදෙයක්ම ජෙෆ් සහ කේරන් දැනගන්නවා. ඒ එයාල හොයාගෙන නෙමෙයි ටීම් සහ නැටලි මෙයාලට කියන නිසා. එයින් පස්සේ එයාලගේ මෙහෙයුමට මෙයාලත් ඇතුල් වෙනවා. ඊට පස්සේ තමා හොද හොද ඒවා වෙන්නේ. ඒ ටික ඔයාලම බලන්න කියලා මම කියන ගමන් මාත් ගොහින් එන්නම් අදට… ආ යන්න බැහැ තව විශේෂ දෙයක් කියන්න ඕනේ.
ඔය හැමෝම දන්නවා අපේ සයිට් එක ගොඩ දවසක් අක්‍රිය තත්වයේ තිබුනා කියලා. ඒ කියන්නේ හරියට වැඩ කරේ නැහැ. අපිට ගොඩක් අපහසුතා ඇතිවුනා ඒ නිසා. ඒත් දැන් සයිට් එක තිබ්බටත් වඩා සුපිරියට වැඩේනේ අපේ ඇඩ්මින් අයියාලා ටික හිටපු නිසා. ඉතින් අපේ මේ සයිට් එක ගොඩදාගන්න උදව් උන අපේ සහෝදර ඇඩ්මින් මඩුල්ලටත් ඒවගේම හැමදේකින්ම උදව් උන අනිත් සහෝදරයින්ටත් ගොඩක් ගොඩාක් ස්තුතියි. ගොඩක් පින්… J J
එහෙනම් මම ගියෝ…
ජය වේවා!!!
අදාළ පිටපත්.
Keeping.Up.With.The.Joneses.2016.720p.BluRay.x264-DRONES in
Keeping.Up.With.The.Joneses.2016.BDRip.x264-DRONES i
Keeping Up with the Joneses (2016) 720p BluRay – 999MB – ShAaNiG
Keeping.Up.With.The.Joneses.2016.BRRip.720p.x264.AAC-PRiSTiNE
Keeping Up with the Joneses (2016) 720p BRRip 950MB – MkvCage
Keeping.Up.with.the.Joneses.2016.BRRip.XviD.AC3-EVO
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,202 downloadsDownload Keeping.Up_.With_.The_.Joneses.2016.Baiscopelk.com_.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
27 comments
CHEthiya
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Pushpa Keerthi
GodaK StuthI SuB 1ktA.....
Sandun Dananjaya
Thnks machn
arax
ස්තූතියි ...arrivel 2016 ටත් sub දාන්නකො
chamalkalum
thanks bro.. i've been waiting for this movie..
thisal
බොහොම ස්තූතියි
Udara Damith B/K
ජය වේවා
දිනේෂ් අකලංක
මේකට සබ් දෙනකම් බලන් හිටියෙ.බොහොම ස්තුතී!
Hasheej
බොහොම ස්තුතී! bro....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rakitha ranathunga
Thanks bn sub ekata
Chalana Rukshan
thnx bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
Dulanga
Thanks
lakshan
සබ් එකට බොහොම ස්තූතියි.
Nadun Dasantha Kariyawasam
හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි පැතුම් සහෝ.
සබත් සුපිරියටම තිබ්බා.
සබ් දෙන කන් බලාගෙන හිටපු ෆිලුමක්.
සුපිරිම කොමඩියක් තමයි.
50 වන උපසිරස ගැන්විමත් හැකි ඉක්මනින් රැගෙන එමට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු.
50 ට සුපිරිම එකක් දෙමු ආ..
ඔබට ජය!D
Thnq mchn
silent$
Patttaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gibbs
Thanks...
N.Wijitha Asanka
Thank you very much bro. I love comedy movies...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Farmchemie_Roshan
Sub ekata obatath baiscope family ekath thanks.
kent parker
thnks
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thnkz...