Kerala Story (2023) Sinhala Subtitles මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය එක ගෙන ආවේ යම් සිනමාත්මක වැදගත් කමක් නිසායි. පසු ගිය වසරේ නිපද වූ චිත්‍රපට අතරින් වඩාත්ම විවේචනයට ලක් වූ සහ වෛරයට පාත්‍ර වූ චිත්‍ර පටය මෙයයි. ඒ නිසා මෙම චිත්‍රපටය ගෙන ඒම කිසියම් හෝ ආගමකට කිසිදු අපහාසයක් සේ සලකන්න එපා. බෞද්ධ, මුස…
Kerala Story (2023) Sinhala Subtitles
මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය එක ගෙන ආවේ යම් සිනමාත්මක වැදගත් කමක් නිසායි. පසු ගිය වසරේ නිපද වූ චිත්‍රපට අතරින් වඩාත්ම විවේචනයට ලක් වූ සහ වෛරයට පාත්‍ර වූ චිත්‍ර පටය මෙයයි. ඒ නිසා මෙම චිත්‍රපටය ගෙන ඒම කිසියම් හෝ ආගමකට කිසිදු අපහාසයක් සේ සලකන්න එපා. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානු හින්දු ඇතුළු සියළු ආගම් බිහි කරන ලද්දේ මිනිස් සංහතිය යහමග හැරිමේ යහපත් අරමුණකින්.නමුත් කාලයත් සමග ඒ එ ආගම් තුල කියැවීම් සඳහා විවිධ අර්තකතනයන් ඉදිරිපත් වීම හේතුවෙන් ඒවා විවිධ පාර්ශවයන්ට බෙදී ඇන කොටා ගන්නා තත්වයන්ට මෙන්ම වෙනත් ආගම් අතර ගැටුම්ද නිර්මාණය උනා. විශේෂයෙන්ම මූලධර්ම වාදය මේ හැම ආගමකම දකින්න පුළුවන්. තමන්ගේ මතවාදය තමා නිවැරදි අනිත් සියළු දෙනාමත් එය අනුගමනය කළ යුතුය යන මතයෙන් අද ලොව සෑම තැනකම ආගමික ගැටළු බිහි කිරීමට හේතු වී තිබෙනවා.බුදුන්,ජේසුස්, මහම්මත් තුමා වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෲන් අද ලොවට වැඩම කළොත් දකින්නේ කුමක්ද? ඉතින් මේ චිත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් ලෙස සලකා නරඹන්න.
Kerala Story (2023) Sinhala Subtitlesපෙබරවාරි 16 දින Zee 5 හරහා OTT නිකුත් උන IMDB 7.1ක් ගත් මේ චිත්‍රපටය පසු ගිය වසරේ නිකුත් වූ හිංදි චිත්‍රපට අතරින් නම වෙනි වැඩිම ආදායමක් ලබා ගත් චිත්‍ර පටය වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ආදායමක් මෙය උපයා ගත්තා. එහෙත් මෙයට පාදක උනු කේරලය ඇතුළු සමස්ථ දකුණු ඉන්දියාවේම සහ බටහිර බෙංගාලයේද දැඩි ලෙස අසාර්ථක උනා.බොහෝ ස්ථාන වල විවිධ විරෝධයන්ට වලට ලක් වූයේ ආගමික සමගියට ඩ්දැ බලපෑමක් එල්ල වනු අතැයි යන චෝදනාවෙන්.වාමාංශික කේරළ රජය මෙය හෙලා දැක්කා. තමිල්නාඩු ප්‍රදර්ශකයින් මෙය වර්ජනය කලා.නමුත් දක්ශිනාංශික හිංදු මත දාරී භාරතීය ජනතා පක්ෂය මෙය උස්සා තැබුවා. කෙසේ හෝ මෙයට ලැබුන නිල නොලත් ප්‍රචාරය නිසා උතුරු ඉන්දියානු හිංදු සිනමා රසිකයින් අතර මෙය ජනප්‍රිය උනා.ඔබ දැන් දන්නවා මෙය මතභේද කාරී චිත්‍රපටයක් බව. ඒ නිසා කතාවේ සාරාංශය බලමු.
Kerala Story (2023) Sinhala Subtitlesකේරළයේ මූලධර්ම වාදී මුස්ලිම් සංවිධානයක් මගින් හිංදු තරුණියන් සිය ආගමට හරවා ගෙන කුප්‍රකට ISIS සංවිධානය සමග එක්වී මුස්ලිම් රාජ්‍යයක් සඳහා සටනට සහය දැක් වීමට සිරියාව වෙත රැගෙන යාමේ ක්‍රියාවලියක් මෙම කතාවේ කියවෙනවා. මෙහි ප්‍රධාන චරිතය එසේ ගොස් ඉන් බේරී පලාවිත් සිය කඳුලු කතාව බලධාරීන් ඉදිරියේ පැවසීම තුල කතාව ගලා යනවා.මෙසේ ලොව විවිධ රටවලින් මූලධර්මවාදීන් හා එක් වීමේ සිද්ධීන් අපට සුලභව අහන්න ලැබුනත් මෙහි මත භේදය්ට තුඩු දෙන්නේ මා හිතන විදිහට ඔවුන් ආගමට හරවා ගන්නා ආකාරය ඉදිරිපත් කර ඇති ආකාරය විය යුතුයි.
Kerala Story (2023) Sinhala SubtitlesSudipto Sen ගේ අධ්‍යක්ෂණයක් වන මෙය Adah Sharmaa, Yogithaa Bihaani, Sonia Balaani, සහ Siddhi Idnani වැනි නළුවන් රඟපානවා. එහෙනම් මැදහත් සිතින් මේ සිනමා පටය නරඹන්න.
Kerala Story (2023) Sinhala Subtitlesතවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Kerala Story (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
11,331 downloadsDownload Kerala-Story-2023-SInhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kerala Story (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Adah Sharma
- #BANDULA K
- #Indian Box Office Hits
- #Kerala Story
- #Kerala Story (2023)
- #Kerala Story (2023) Sinhala Sub
- #Kerala Story (2023) Sinhala Subtitles
- #MaxxA
- #Siddhi Idnani
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonia Balani
- #Subs
- #subtitle
- #Subtitles
- #Sudipto Sen
- #Yogita Bihani
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Kasun Widusha
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Malith samarawickrama
Thanks sub ekata
A S H
Thanks Subtitles
Thank You Very Much For Spending Your Valuable Time And Giving Us The Correct Subtitles
Buddhika Lakmal
පට්ට මූවි එකකටනේ මචෝ සබ් දීලා තියෙන්නේ...
තෑන්ක්ස් මචෝ සබට.....Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
syd
baiscopdownloads site eka wada na ne kohomada movie eka ganne
Sanupa Ranmeth
සයිට් එකේ සර්වර් අප්ඩේට් එකක් යනව සහෝ. අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න.
thara_sam
bohoma pin hama detama. sathutin inna labewa.
Ruchira
Thanks for the sub!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane Nilusha de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Kerala Story (2023) Sinhala Subtitles | මංමුළාව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Kerala-Story-2023-Cover-01.jpg)


ස්තූතියි උපසිරසට, ❤️