The Man in the Moon (1991) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආදර කතාවකට උපසිරැසි ගේන්න හිතුවා. මං මේක බලලා සෑහෙන කල් වුණත් මතකයේ රැඳුන චිත්‍රටපයක් නිසා උපසිරැසි ගේන්න හිතුවා. කතාව ගැන කිව්වොත් පිටිසර ගම්බද පලාතක ඉන්න සහෝදරියො දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ. පොඩි නංගි ඩැනී එයාට අවුරුදු දාහතරය…

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආදර කතාවකට උපසිරැසි ගේන්න හිතුවා. මං මේක බලලා සෑහෙන කල් වුණත් මතකයේ රැඳුන චිත්‍රටපයක් නිසා උපසිරැසි ගේන්න හිතුවා. කතාව ගැන කිව්වොත් පිටිසර ගම්බද පලාතක ඉන්න සහෝදරියො දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ. පොඩි නංගි ඩැනී එයාට අවුරුදු දාහතරයි හැබැයි හරිම හිතුවක්කාරයි. එයාගෙ අක්කගෙ නම තමයි මොරීන්, ඒ පැත්තෙන්ම ඉන්න ලස්සනම කෙල්ල, කොල්ලො පිස්සු වැටිල ඉන්නෙ එයාට. හැබැයි මොරීන්ට නම් එයාගෙ ආදර සම්බන්දතාවෙ නිසා කලකිරිල ඉන්නේ. මෙහෙම ඉන්නකොට තමයි කෝර්ට් ඒ පැත්තට අළුතෙන් එන්නේ.
කෝර්ට් කියන්නේ තමන්ගෙ තාත්තත් නැතුව පවුලෙ බර තනියම කරට අරගෙන යන අවුරුදු 17ක කොල්ලෙක්. ඩැනීට මේ කොල්ල ගැන හිත යනවා. ඒ වගේම දෙන්න හොඳ යාළුවොත් වෙනවා. හැබැයි කෝර්ට්ගෙ හිතේ ඩැනී ගැන ආදර හැඟීමක් නම් නැති හැඩයි පේන්නෙ, මොකද ඩැනී කියන්නෙ අවුරුදු 14 පොඩි කෙල්ලෙක් නිසා. ඉතිං මෙයාලගෙ යාළුකම කොයි විදිහට ගලාගෙන යයිද? කොහොම කෙලවර වෙයිද? ඩැනීගෙ ගෙදරින් මේ සම්බන්දෙ කොහොම පිළිගනීද? කියන දේවල් ගැන මේ ෆිල්ම් එක බලලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.
ෆිල්ම් එකේ එක පැත්තක් ගැන විතරයි මං උඩ කිව්වේ ඔයාලගෙ රසවින්ඳනේට බදාවක් වෙන නිසා තව පැත්තකුත් තියෙනවා ඔයාල බලලාම රසවිඳින්න ඕන. ඒ වගේම මේ පැය එකයි විනාඩි හතලිහ ඇතුලත ඔයාලව සංවේදී කරවන්න පුළුවන් චිත්‍රපටයක් කියලත් මේක මං සහතික වෙනවා.
මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ 1991 ඔක්තෝබර් 04 වෙනිදා. IMDb දර්ශකේ 7.3 ඉහල අගයකුත් කුණු තක්කාලි 91% ගන්නත් මේ චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Robert Mulligan මහතා විසින්. තව මේකට රංඟනයෙන් දායක වෙනවා, Reese Witherspoon(ඩැනී) / Jason London(කෝර්ට්) / Emily Warfield(මොරීන්) / Sam Waterston(මැතිව්) / Tess Harper(ඇබී) / Ernie Lively(විල් සැන්ඩර්ස්) වැනි අය.
එහෙනම් ලස්සන ආදරණීය කතාවක් බලන්න කැමති අයට මේක බලන්න ආරාදනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
The Man in the Moon (1991) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BLURAY පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,805 downloadsDownload The-Man-in-the-Moon-1991.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Man in the Moon (1991) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Gail Strickland
- #Jenny Wingfield
- #MaxxA
- #Must Watch
- #Robert Mulligan
- #Sam Waterston
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Tess Harper
- #The Man in the Moon
- #The Man in the Moon (1991)
- #The Man in the Moon (1991) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal
Ruchira
Thanks for the sub!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..