Watch Trailer

Dunki (2023) Sinhala Subtitles | “ඩන්කි මාර්ගෙන් ලන්ඩනයට” [සිංහල උපසිරසි] (100*)

Dunki (2023) Sinhala Subtitles බයිස්කෝප් පවුලත් එක්ක ඉදිරියට ආ ගමනේ 100වෙනි උපසිරැසි ගැන්වුමටයි මේ පය තබන්නේ. ඉතින් සමාවෙන්න ඕනේ මුලින්ම මෙම චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන එන්න පරක්කු වුණාට. වෙනදා තිබූ විනෝදකාමී ජීවිතයෙන් මිඳිලා රැකියාවට මුල් තැන දීලා ඒකාකාරි ජීවිතයක් ගත කරන්න වෙලා තියෙන වෙලාවක ත…

Dunki (2023) Sinhala Subtitles

Dunki (2023) Sinhala Subtitles

බයිස්කෝප් පවුලත් එක්ක ඉදිරියට ආ ගමනේ 100වෙනි උපසිරැසි ගැන්වුමටයි මේ පය තබන්නේ. ඉතින් සමාවෙන්න ඕනේ මුලින්ම මෙම චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන එන්න පරක්කු වුණාට. වෙනදා තිබූ විනෝදකාමී ජීවිතයෙන් මිඳිලා රැකියාවට මුල් තැන දීලා ඒකාකාරි ජීවිතයක් ගත කරන්න වෙලා තියෙන වෙලාවක තමයි මේ කඩයිම සම්පූර්ණ කරන්න හම්බවුණේ. ඉතින් වෙනදා වගේම බොලිවුඩ් සිනමාපටයකට අතතිබ්බ මම, මේ කඩයිමෙන් පස්සේ උපසිරැසි ජීවිතයට පොඩි තිතත් තියන්න කියල හැදුවේ. ඒත් නවත්තන්නේ නෑ කියන්නේ නෑ වෙලාවක් හම්බවුන වෙලාවක උදව්වක් ඕන වුණු වෙලාවක ආයෙම එන්න කැමැතියි. බලමු. එහෙනම් චිත්‍රපටිය ගැන කතා කරමු.

 

Dunki (2023) Sinhala Subtitles

Dunki (2023) Sinhala Subtitles

බොලිවුඩ්වල නම දිනාගත් කීරිතිමත් අධ්‍යක්ෂකවරයෙක් වන රාජ්කුමාර් හිරානිගේ නවතම සිනමාපටය තමයි ඩන්කි කියල කියන්නේ. බොලිවුඩ් කින් කාන්, ෂාරුක් ඛාන් ප්‍රධාන රංගන දායකත්වයෙන් හා ටප්සී පන්නු, බෝමන් ඉරානි ඒවගේම විකී කෞශාල් වැනි ප්‍රවිණ රංගන මඩුල්ලක් එක්කලා හැදුනු ඩන්කි චිත්‍රපටය බොලිවුඩයේ මෑතකදී පැමිණි තවත් කුතුහලයක් එක් කළ චිත්‍රපටියකි. ශාරුක්ගේ පිට පිට ලයින් අප් එකට එකතු වුණු මේ චිත්‍රපටිය ඇතැමෙක්ට විශිෂ්ට චිත්‍රපටියක් වෙද්දී සමහරෙක්ට මෙය සාමාන්‍ය චිත්‍රපටියක් වූවා. 2023 දෙසැම්බර් මස 21 වෙනි දින ලොවපුරා සිනමාහල් වල ප්‍රචාරයට ලක් වූ මෙම ඩන්කි චිත්‍රපටිය අධ්‍යක්ෂණය, සංගීතය, තිර රචනය යන පැතිකඩවලදී බොහෝ සේ ගැරැහුමට ලක් වූවා කිවතැහැකි. එයට හේතුව රසිකයන් රාජ්කුමර් හිරානි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියන දේ විය හැකිය. පෞද්ගලිකව මමත් මීට වඩා මේ චිත්‍රපටිය තුළින් බලාපොරොත්තු වුණා.

Dunki (2023) Sinhala Subtitles

කතාව දිගැහැරෙන්නේ එංගලන්තය බලා පිටත්වීමට නියැමිත සංක්‍රමිණකයින් පිරිසක් ගැනයි. ජීවිතයේ විදින්න පුළුවන් උපරිම කම්කටුළු වලට මුහුණු දුන් මේ පිරිස ඩන්කි මාර්ගයෙන් එංගලන්තය බලා යන්න බලාපොරොත්තු තම ජීවිත සැපවත් කරගැනීම සඳහාය. මෙම චාරිකවට එක්කාසු වන සොල්දාදුවා එහෙම නැතිනම් මෙම චාරිකාව සම්පූර්ණ කරවා දෙන ගැලවුම්කරුවාගේ චරිතයට පණපොවන්නේ ප්‍රධාන නළු ශාරුක් කාන්‍ය. මෙම චාරිකාව තුලදී ඔවුනට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්ණ පිළිබද ලස්සනට රූපයට නංවල තිබුණා. ඒවගේම මුළු ලෝකයාටම පාඩමක් කියල දෙන්න හැඳූ උත්සහයක් විදියටත් මෙය දකින්න පුළුවන්. සෑම දෑම දුප්පතාට වැසුනු දොර පිළිබද කරුණු කාරනා එක්ක ලස්සනට මේ චිත්‍රපටියේදී රාජ්කුමාර් ඒක පෙළගස්සවල තිබුණා.

Dunki (2023) Sinhala Subtitles

කෝටි 471එකක ආදායමක් ලබාගෙන 2023 වර්ශයේ වැඩිම ආදායමක් ලැබූ හින්දි චිත්‍රපට ලැස්තුවේ පස්වෙනි ස්ථානයටත් 2023 වර්ශයේ වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ අටවෙනි ස්ථානයට මෙම චිත්‍රපටය ලඟාවෙලා තිබුණා. ඒවගේම ෆිල්ම්ෆෙයා සම්මාන උළළේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය මෙහි රංගනයේ හෙදූ විකී කෞශාල් හට ලබාගැනීමට හැකිවූවා.

Dunki (2023) Sinhala Subtitles

ඉතින් ශාරුක් කාන්ගේ චිත්‍රපටියකින් 100වෙනි උපසිරැසි කරන්න මට ඉඩ අවස්ථාව අරන් දුන්න විමා සහෝට තුති කියන ගමන්, මේ සලරුවත් බලන්න ආරාධනා කරනවා, එහෙනම් ආයෙම දවසක නැවත හම්බවෙමු. ජය!!!

Dunki (2023) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip / TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

27,857 downloadsDownload Dunki-2023-Sinhala-Subtitles.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dunki (2023) Sinhala Subtitles

Subtitles

27,857 downloadsDownload Subtitles65 KB

24 comments

  1. Naveen Mbr

    100 වැනි කඩඉමට සුබ පැතුම් පසිඳු සහෝදරයා! නැවතීමේ තිත නොතියා කොමාවක් තියලා,ඉඩ ලැබෙන වෙලාවක ආයෙත් උපසිරැසියක් අරගෙන එන්න. ඒ වගේම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සිතන පතන අයුරින්ම ඉෂ්ඨ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය!

  2. Buddhika Lakmal

    100වෙනි සබට සුබ පැතුම් සහෝ....
    කරන රැකියා කටයුතු සාර්තකව කරන්න ලැබේවා මචෝ...
    ඉඩක් ලැබුනුවෙලාවට තවත් සබක් ගේන්න පුලුවන්කමත් ලැබේවා........
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ...........

  3. Danushka

    Congratulation for the 100th Subtitle.
    Pls Upload the movie to telegram channel

  4. gihan

    100 වෙනි උපසිරැසියට සුභ පැතුම්.
    බයිස්කෝප්ඩවුන්ලෝඩ් සයිට් එක වැඩ නෑනෙ

  5. Anonymous

    thanks a lot Pasindu saho sub ekata

  6. Sahan Gayantha

    thanks a lot Pasindu saho sub ekata

  7. syd

    brother thank you ..
    one life 2023 movie ekata sub eka dennako

  8. Anonymous

    Baiscopdownload wada nane ai aaa

    1. Sanupa Ranmeth

      සයිට් එකේ සර්වර් අප්ඩේට් එකක් යනව සහෝ.

  9. Shihan

    Tnx brother

  10. indunil

    kohmd download karanne

    1. Sanupa Ranmeth

      ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

  11. Dimuthu

    100 වෙනි සබ් එකට සුභ පැතුම්...තව තව සබ් අරන් එන්න. තෑන්ක්ස් සහෝ

  12. Vinusha R

    Thank you for the subtitle

  13. Anonymous

    Thanks Brother

  14. ශසිත් සඳරුවන්

    100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මලේ....
    සබට තුති වේවා. නොනැවතී දිගටම සබ් දෙමු ආ....
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් කරගන්න ගමන් ඉඳහිට හරි සබක් කරමු.
    ජය!

  15. Bimsara Yashan(ඔලිව)

    100 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සහෝ. ඔයාගෙ සබ් එකෙන්ම තමා ෆිල්ම් එකත් බැලුවෙ, සුපිරියටම කරල තිබුනා. එහෙනම් මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලට යන්නත් හැකිවෙන්න කියල වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  16. SatM

    සබ් එකට ස්තූතියි.ජයම වේවා.

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  18. RPK

    Please Vidhi(2023),Athrava(2023) movies deke sinhala subtitles dennako ikmanata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Shane Nilusha de Silva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

  21. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  22. hasa

    Thank you brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.