කදු තුනක් ඇෆ්ගනිස්තානුවො යටත් කර ගත්තා. මේ කන්ද අයිති ඉන්දියාවට. මැද්දෙ රේඛාවක් තියෙනවා. දේශසීමාව කියන්නෙ ඒකට. දැන් අපි කිව්වොත් ඉංග්‍රීසියො සැමියයි… ඇෆ්ගනිස්තානෙ කුමාරයා බිරිඳයි කියල මේ පලාතෙ ඉන්න පතාන්ලා තමයි මහේස්ත්‍රාත්ලා. නෝනා මහත්තයගෙ සල්ලි අරගෙන…. මේ රේඛාව දේශ සීමාව විදිහට සටහන් කලා. ඉතින් න…

කදු තුනක් ඇෆ්ගනිස්තානුවො යටත් කර ගත්තා.
මේ කන්ද අයිති ඉන්දියාවට.
මැද්දෙ රේඛාවක් තියෙනවා.
දේශසීමාව කියන්නෙ ඒකට.
දැන් අපි කිව්වොත් ඉංග්‍රීසියො සැමියයි…
ඇෆ්ගනිස්තානෙ කුමාරයා බිරිඳයි කියල
මේ පලාතෙ ඉන්න පතාන්ලා තමයි මහේස්ත්‍රාත්ලා.
නෝනා මහත්තයගෙ සල්ලි අරගෙන….
මේ රේඛාව දේශ සීමාව විදිහට සටහන් කලා.
ඉතින් නෝනයි මහත්තයයි ගිවිසුමකට ආවොත්…
මොකක්ද මහේස්ත්‍රාත්ට තියෙන ප්‍රශ්නෙ?
හැම වෙලේම මහේස්ත්‍රාත්ට තමයි බැනුම් අහන්න වෙන්නෙ.
එක පැත්තකින් ගෑනිගෙ කරදරේ.
ඒ කියන්නෙ ඇෆ්ගනිස්තානු කුමාරයා පටාන්ලව
ඉංග්‍රීසින්ට විරුද්දව උසි ගැන්නුවද?
ඒත් ඇයි?
නෝනට ඕනෙ එයාගෙ රුසියානු සම්බන්දතා දිගටම තියාගෙන
මහත්තයව දික්කසාද කරලා දේපොල ටික අරගන්න.
මහේස්ත්‍රාත්ට විතරයිනෙ දික්කසාදෙ දෙන්න පුලුවන්.
ඒත් ඇෆ්ගනිස්තාන කුමාරයා නෝනා නම්,
ඉංග්‍රීසියො මහත්තය වෙන්න ඕනෙ.
රුසියානුවො ආදරවන්තයා වෙන්න ඕනෙ.
එතකොට අපි කවුද?
මගුල් ගෙදරට ආපු අමුත්තො.
අපි තමයි මගුල් පෙරහැර.
අපෙ රාජකාරිය උන්ගෙ පදේට නටන එක
19 වන ශතවර්ශය ආරම්බයේ මහරාජා රන්ජිත් සිං විසින් වයඹ දිග ඉන්දියාව බල ප්‍රදේශය කරගෙන සිටි ඇෆ්ගන්වරුන් පලවා හැර එහි සික් රාජධානිය ආරම්බ කලා. එතැන් සිට ඇෆ්ගනිස්තානයේ කුමරුවා ඉන්දියාවේ මේ ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට අවස්තාවක් එන තෙක් බලා සිටියා. මහරාජාගේ මරනයෙන් පසු ඉංග්‍රීසීන් විසින් එම ප්‍රදේශවල ඔවුන්ගෙ බලය තවත් වැඩි කිරීමට යාමේදී ඔවුන් ඇෆ්ගනිස්තානුවන් වෙතින් දරුනු පරාජයක් ලැබුවා. කතාවක් තියෙනවා මුල්ලාහ් විසින් පතාන් ලාව පෙලෙඹවූවා කියා බ්‍රිතාන්‍යයන්ට විරුද්දව සටන් කිරීමට. සික් වරුන්ට පමනක් ඇෆ්ගනිස්තානුවන් පලවා හැරීමට සමත් වූ බැවින් බ්‍රිතාන්‍යයින් සික් හමුදාවේ සහය ලබා ගත්තා ආක්‍රමනිකයින් හා සටන් කිරීමට. 1890 දී 36 වෙනි සික් රෙජිමේන්තුව සමානා කඳු වැටියේ බලකොටු තුනක් පිහිටුවා ගත්තා.

මේ සිද්දිය සිද්ද වෙන්නෙ 1987 අවුරුද්දෙ සැප්තැම්බර් 12 වෙනිදා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ වයඹ දිග දිස්ත්‍රික්කයේ ටිරාහ් නම් ගම්මානයේ. (වර්තමාන පාකිස්තානය) හිදී. දසදහසකින් සමන්විත වුන ඇෆ්ගන් හමුදාවක් මේ බලකොටු තුන අල්ලා ගැනීමට පැමිනෙනවා. ඔවුන් මුලින්ම පහර දෙන්නේ අඩුම සෙබල පිරිසක් (21 දෙනෙක්) සිටින සාරාගාරි බලකොටුවට.ගුලිස්තාන් සහ ලොකාට් බලකොටු දෙකෙන් උදව් ඉල්ලා යැව්වත් ඇෆ්ගන් හමුදාවෙන් සියලුම මාර්ගයන් අවහිර කර තිබෙන නිසා කිසිවකුට උදව් කිරීමට හැකි වන්නේ නෑ. හවල්දාර් ඉශාර් සිංගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායම 21 දෙනාම මිය යන තෙක් සටනේ යෙදෙනවා.

සික් හමුදාව 1890 දී
එම සටනෙන් මිය ගිය විරුවන් 21 දෙනාටම ඉන්දියානු සෙබලෙක් හට ලබා ගැනීමට හැකි වූ ඉහලම සම්මානයක් වන Indian Order of Merit සම්මානය පිරිනමනු ලබනවා. ඔවුන් සිහි වීම පිනිස 1904 දී අම්සිරිත්සර් හි සහ ෆෙරෝස්පු හි සික් ජාතිකයින්ගේ ආගමික ස්ථානයක් වන Gurdwara මන්දිරයන් ගොඩ නගනවා. ඒ වගේම සැප්තැම්බර් 12 වෙනිදා සාරගාරි දිනය ලෙස හඳුන්වනවා.

මේ කතාව ඒ සාරගාරි බලකොටුව ආරක්ශා කරපු 36 වෙනි රෙජිමේන්තුවෙ නිර්භීත සොල්දාදුවො ගැන.

Anurag Singh ගෙ අධ්‍යක්ශනයෙන් කරන් ජොහාර්ගෙ නිශ්පාදනයෙන් මේ චිත්‍රපටිය එලියට එන්නෙ මාර්තු මාසෙ 21 වෙනිදා. රංගනයෙන් දායක වෙන්නෙ අක්ශේ සමගින් පරිනීති චොප්‍රා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Tanishk Bagchi, Arko Pravo Mukherjee, Chirantan Bhatt, Jasbir Jassi, Gurmoh සමගින් Jasleen Royal. ඉශාර් සිංගේ චරිතය වෙනුවෙන් අක්ශේට කිලෝ හයක තලප්පාවක් හිසේ පලඳන්නට සිදු වුනා. හිස කෙස් මතින් එය පැලඳ සිටීමට අපහසු වූ නිසා කොණ්ඩය සම්පූර්නයෙන්ම කපා දමා එය පැලඳි බවයි සඳහන් වෙන්නෙ.

වාර්තා අතින් පලමු දිනයේ කෝටි 21.5 ක ආදායමක් ලබා ගන්නට සමත් වෙනවා. එය මේ වසරේ දැනට බොලිවුඩ් චිත්‍රපටියක් ලබා ගත් වැඩිම පළමු දි ආදායම වෙනවා. සති අන්ත ආදායම කෝටි 78.07ක් වෙනවා. ඉන්දියාව තුල ආදායම කෝටි 182 කුත් විදෙස් රටවලදී ආදායම කෝටි 204ක් වනවා. පළමු සති අන්තයේදී කෝටි සියය පසු කිරීමටද මේ චිත්‍රපටිය සමත් වනවා. ඒ වගේම වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් සිව් වන ස්ථානයේ පසු වෙනවා.

ඉතින්, එනකන් බලන් හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. අවසානයේදී ඇසට කඳුලක් නැගුනොත් පුදුමයකුත් නෙවෙයි, ඒ වගේම ගොඩක් හිතට දැනෙන චිත්‍රපටියක් වනවාට සැක නෑ.ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
23,719 downloadsDownload Kesari-2019.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
79 comments
Mayura
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට. දෙනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා. අක්ෂේ නම් අත ඇරගන්නේ කොහොමද... එහෙනම් ජය වේවා...!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Praveen
thnkzzzzzzzzzzzz
gihan perera
මේක දානකන් හිටියේ නංගී.....ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගියේ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....
M.W. Dilhani
Thank you so much dear.
Aac3
සබ් එකට ගොඩාරියක් ස්තූති... දෙනකන් බලන් හිටියේ ජය වේවා !!! දිගටම මේ වගේ සබ් දෙන්න
darshana100
thanks saho yalu site aka slowo wela neda
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
ජයවේවා ......Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!mahesha lasanthi
Thank you sooooo much
Nirosh C
ස්තුතියි දහරා.ජයවේවා!
Kawi Jayasinghe
tnx sis
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekataaa....
Udaya Saman
Bohoma sthuthi upasirasiuata.ikmanatama dilane.
jagath55
Thanks
Udaya Tharanga
thanks a lottt
gayashanreal
බොහෝම ස්තුතියි ඔබට.....
Chamindalakruwan
Tnz sub ekata
Dilshan Kelum
Thanks sub ekata sis...
sasindu94
බොහොම ස්තුතියි..........
vas0303
Thanks Muthu
Sanjeewa2010
Thnxxxxxxxxx
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
aks
Thanks...
prasakr
ස්තූතියි උපසිරැසියට ජයවේවා
Athula
Thanks ....
gayan215
bohoma sthuthi negeniya..
NuwanK
Thank u sis..
OsandaFdo
TNx...❤️❤️❤️
nihalpujitha
බොහම ස්තුතියි සොහොයුරිය ...
damith_janaranjana
Thanks sister
wajira
Thanks for sub
SL Smart
Thanx sister....issarahata yanna සුබපැතුම්...
kplbforu
userdrive ඩවුන්ලෝඩ් කරන්න බැහැ. පුළුවන් තරම් openload දෙන්න
sampath n perera
thanks
Achi
තැන්ක්ස් ජය
D.Chamara
සබ් එකට බොහෝම ස්තුති .... !
yeshu
TNX
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අමා.
නියමම ලිපියක්.
ජයෙන් ජයම වේවා!C lakmal
ස්තුතියී, තවත් සබ් කරන්න, ජය වේවා.
Anurada
Thank You !!!
sandun munasinghe
Junglee 2019 movie eke web dl elak awith tynwa.oyla sub dala nane tawama
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
SASANDA SENEVIRATHNE
සුපිරී එනකං බලං හිටියේ
AsithaDilruwan
ela saho thanks
GkTech
Elz...Thankz..
Eranda Malith 2.0
Thanks sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Haritha245
Thanks sis....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපර්බ්බ්බ් අපිට කලන්ක් එකෙත් සබ් දෙන්න