Watch Trailer

Khelein Hum Jee Jaan Sey (2010) with Sinhala Subtitles | මව්බිම නැතිනම් මරණය ! [සිංහල උපසිරැසි සමඟ]

කලින් එක වගේම ඔන්න මේ සැරෙත් මං ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. තුන්වැනි සිංහල උපසි‍රැසි නිර්මාණයට හින්දි එකක් දෙන්න අදහසක් නොතිබුණත් මේ චිත්‍රපටය බැලුවහම මට හිතුණා මේකට සබ් දැම්මොත් හොඳයි කියලා. එහෙම තමයි අද දවසේ දී මේක ඔයගොල්ලන්ගේ අතට එන්නේ. IMDb Ratings වල 6.8/10 අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Actio…

කලින් එක වගේම ඔන්න මේ සැරෙත් මං ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. තුන්වැනි සිංහල උපසි‍රැසි නිර්මාණයට හින්දි එකක් දෙන්න අදහසක් නොතිබුණත් මේ චිත්‍රපටය බැලුවහම මට හිතුණා මේකට සබ් දැම්මොත් හොඳයි කියලා. එහෙම තමයි අද දවසේ දී මේක ඔයගොල්ලන්ගේ අතට එන්නේ.

IMDb Ratings වල 6.8/10 අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Drama, History යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. මෙහි නිමැවුම්කරුවා ගැන කියනවා නම් ඒ අපි හැමෝම දන්න Ashutosh Gowariker. මතක ඇතිනේ මෙයා හදපු Lagaan, Swadesh, Jodhaa Akbar වගේ චිත්‍රපට. මෙහි ප්‍රධාන නළු නිළි යුවල වන්නේ අභිෂේක් බච්චන් සහ දීපිකා පාදුකෝන්. චිත්‍රපටයේ මූලික විස්තර ටික එහෙම වෙද්දී දැන් අපි හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්න මේකේ කතාව මොකක්ද කියලත් ටිකක් දැන ගම්මු.

චිත්‍රපටයේ ප්‍රධාන කතානායකයා වන සූර්ජදා සෙන් කියන්නේ චිතගොන්වල ජීවත්වන ගුරුවරයෙක්. මෙයා ගුරුවරයෙක් වුණාට සූර්ජදා තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා තියෙන්නේ තම උපන් බිම වෙනුවෙනුයි. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට පවතිමින් විඳින වේදනාවන් ඔහුට තවදුරටත් ඉවසන්න බැරිවෙන්නෙත් මෙන්න මේ හේතුවෙනුයි. ඒ හින්දම මේ අසාධාරණකම්වලට එරෙහිව ක්‍රියාත්මකවීමේ අදහසින් සූර්ජදා තමන්ගේම වූ විප්ලවීය කණ්ඩායමක් නිර්මාණය කරගන්නවා. සරලවම කිව්වොත් මේක ආයුධ සන්නද්ධ කණ්ඩායමක්. හැබැයි මේකේ වැඩි හරියක්ම ඉන්නේ බාල වයස්කාර ළමුන්. ඒ වගේම කල්පනා සහ ප්‍රීතිලතා කියල තව කාන්තාවන් දෙදෙනෙකුත් මේ කණ්ඩායමට ඇතුළත්. සූර්ජදාගේ සැලැස්ම වන්නේ තම කණ්ඩායම මෙහෙයවා එක ‍රැයක් ඇතුළත චිතගොන්වල තියෙන බ්‍රිතාන්‍ය බලය ක්‍රියාත්මක වන ප්‍රධාන මර්මස්ථාන සියල්ලටම එක විට පහරදීමයි. ඒ හරහා බ්‍රිතාන්‍යයින්ගේ බලය හීන කරලා ඔවුන්ව චිතගොන්වලින් එලවා දැමීමයි ඔහුගේ අරමුණ. කණ්ඩායමේ බහුතරයක් වන විසේකාර කොලු රෑනකුයි කාන්තාවන් දෙදෙනෙකුයි එක්ක ඔහු තම සටන කොහොම මෙහෙයවයි ද ?, ඒක සාර්ථකවෙයි ද? ඒවගේම ඊට පස්සේ මොකද වෙන්නේ කියලත් ඔයාල දැනගන්න කැමති නම් මේ චිත්‍රපටය බලන්න කියල මං ආරාධනා කරන්න කැමතියි.

මීට අමතරව මේ නිර්මාණයට අදාළව කිව යුතු තවත් විශේෂම කරුණක් වන්නේ චිත්‍රපටය තුළ දිග හැරෙන සියලුම සිදුවීම් සහ ප්‍රධාන චරිත සියල්ල සැබෑ ඒවාය යන්නයි. එනම් Khelein Hum Jee Jaan Sey චිත්‍රපටයට පාදක වන්නේ 1930 වසරේ දී චිතගොන්හි සිදු වූ සැබෑ කතා ප්‍රවෘත්තියක්. Chittagong Uprising යනුවෙන් ප්‍රකට මේ සිදුවීම ගැන සමහරවිට ඔයාලත් අහලා ඇති. මේ තුළ දිග හැරෙන්නේ අන්න ඒ සැබෑ කතා පුවතයි. පසුකාලීනව මෙම සත්‍ය සිදුවීම Do And Die -The Chittagong Uprising 1930-34 (Manini Chatterjee) නම් ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වුණු අතර චිත්‍රපටය සඳහා මූලිකව පදනම් වී ඇත්තේ ද මෙකී ග්‍රන්ථයයි.

Khelein Hum Jee Jaan Sey කියන්නේ සම්ප්‍රදායිකව අපි හැමදාම දකින විදිහේ හින්දි චිත්‍රපටයක් නෙවෙයි. ඒ හින්දම ඒකාකාරී හින්දි චිත්‍රපට බලල හෙම්බත්වෙලා ඉන්න අයටයි ඒකාකාරී බව හින්දම පුරුද්දක් වශයෙන් හින්දි චිත්‍රපට නොබලන අයටයි කියන දෙකොට්ඨාශයටම මේක බැලුවට පාඩුවක් නැතිවෙයි කියල හිතෙනවා. කොහොමවුණත් මුල ඉඳලම සතුට, සිනහව, කුතුහලය සමඟින් ඉදිරියට ඇදෙන මෙය අවසානයේ ඔයාලගේ ඇස්වලට පුංචි කඳුළක් එක් කරයි කියලත් හිතෙනවා. එහෙම නම් ඉඩ ලැබෙන විදිහට ඉස්සරහ දී තවත් චිත්‍රපටයක් සිංහල සබ් එක්කම අරගෙන එන බලාපොරොත්තුවෙන් මං ගිහිල්ල එන්නම්. හැමෝටම ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/08/16

Subtitles by

කේ.යූ.ජී.උදාර

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

43 comments

  1. ns

    Wrong Turn 4 ඉක්මනට දෙන්න.....

  2. JS86

    niyamai mama ada 2. thank saho sinhala sub walata

  3. Nishantha

    thanx specialy sinhala sub.
    මම දෙවැනිය නේද?

  4. Nishantha

    සොරි මම 3

  5. suren

    shaaaaaaa maru sinhala sub...thanxxxxxxxxx

  6. M.D.A Pradeep (අමිල මනනදේව)

    එළ එළ සහෝ හින්දි ඒවට වැඩි කැමැත්තක් නැති වුනත් සබ් එක තියන නිසා මේකනම් බලනවා.ස්තුතියි උදාර සහෝ...
    ජය වේවා!!

  7. NPN

    නියමයි,,මචන් මේ වගේ එකක් සබ් එක්ක දුන්නම නොබල කොහොමද,,කථාවත් එල වගේ,,බොහොම ස්තූතියි,,

  8. pd

    Thnax Pirates of the caribean 4 denna.

  9. shiwantha

    ela thanx machan

  10. Saranga

    නියමයි... මම මේ film 1 download කලත් බලන්නේ නැතුව හිටියෙ සිංහල සබ් දෙන කම්.මේකෙ Deepika ගෙ character 1 වෙනස්ම 1ක් නිසා බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ගොඩාක් ස්තුතියි සහෝදරයා.. පැය 3ක බයිස්කෝප් 1කට සබ් දාන 1 ලේසි වැඩක් වෙන්න බෑ කීයටවත්.. :)
    තව හොඳ බයිස්කෝප් 1කට සබ් දාන්න සහෝ.. පුලුවන්නම් Aarakshan film 1 සබ් එක්ක දෙන්නකෝ... :D

  11. විකියා

    මේ බයිස්කෝප් එක මම කලින් බැලුවා..ඇත්තටම සුපිරි නිර්මාණයක්...පට්ට...
    බොහොමත්ම ඉස්තූතියි සහෝ...

    ~ජයෙන් ජය!~

  12. mohan

    එළ....ගොඩාක් ස්තුතියි.

  13. ‍ඉසුරු උදාන

    නියමයි උදාර සහෝ. මේක නම් සුපිරි කතාවක් වගේ. මේ වගේ සැබෑ සිද්ධි පාදක කරල හදන බයිස්කෝප් බලන්න මම ගොඩක් කැමතියි. බොහෝම ස්තූතියි සබ් වලට. ජය!!!

  14. Sampath & Ishi from uk

    thanks bro...keep going

  15. theekshana

    නියමයි යාලුවා.පුලුවන් නම් හින්දි නැතුව කඩ්ඩ ‍ෆිල්ම් වලට සබ් දෙන්න බලපන්.සබ් වලට ස්තුතියි.

  16. රාම් රාජ්

    තෑන්ක්ස්.

  17. $uvin

    ela machan...
    maath baanawa..
    Elaz!!!

  18. chinthaka

    onna mamath gaththaa. thanx machan.

  19. sameera R.

    කථාව නම් හොදයි වගේ.ඔන්න මමත් බාන්න දැම්මා.
    ස්තුතියි සබ් එකට සහෝ..

  20. Air Bender

    ela machan,,,Thaaankzzz 4 da sinhala sub,,,,downldinggg,,,,,,,,,,

  21. asitha

    Thanx a lot saho...!!!
    More Hindi movies plz...!
    gra8 job frnd...

  22. me

    Thanks

  23. AL1717

    Ela ELa machan onna Henam Bewaaaaaa

    Thanks Sinhala Sub Walata

    Jaya Wewaaa

  24. කේ. යූ. ජී. උදාර

    @Saranga
    Aarakshan හින්දි ‍ෆිල්ම් එකට සබ් දැම්මොත් මං උඹට මේල් කරන්නම්. දැනට මට මේල් එකක් දාපන්.
    ([email protected])

  25. Akalanka Yapa

    ela ela
    maxxxaaa

  26. mihiran

    ela ela
    sinhala sub walata thanx.....

  27. Saranga

    එල මචන්.. Thankz... මම mail1 ක් දාන්නම්..

  28. kdn

    wonderfull site

  29. DiN3sH

    ගොඩක් ස්තූතියි මචං.. ෆිල්ම් එක ගැන දැනගෙන හිටියෙ නෑ, කමෙන්ට් දැක්කම හිතෙනවා කියලා, උඹගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා! ජය!

  30. arandara

    බොහොම ස්තූතියි....

  31. පිස්සු පුසා

    බැ හරියන්නේ නැ

  32. Uraj Deemantha

    ඔන්න ඕකනේ වැඩේ... සිංහල සබ් එක්ක දෙන හැම ෆිල්ම් එකම බලන නිසා, මේක නොබා ඉන්න පුලුවන්ද....? :P අනිවා බාමි.... :D (බාමි කිව්වට, දැනටමත්, ඔෆිස් එකේ මගේ සර්වර් එකේ මේක බෑවෙන ලිස්ට් එකේද දන්නේ නෑ..... :P )

  33. N.Warnajith

    Thanks for sub.. Actually I cant think Why Sri Lankan people cant doing like film from our history. thank Again for Sub keep it going...!!!

  34. DAMER

    එළම තමා උදාර සහෝ... :)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  35. සංදීප

    ස්තූතියි සහෝ…!

  36. සංදීප

    නියමයි…

  37. සංදීප

    comment එක දෙපාරක් වැටිලා......sorry

  38. Jayan Chamal

    mama baluva supirima ekak ara atha ayage photo dakkama adenava .... siravata adenava

  39. Jayan Chamal

    godak sthuti veva !!!!!!!!!

  40. Shi

    an excellent movie. tnx

  41. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට. torrent eka ne kiyanawa

  42. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  43. Naween

    තෑන්ක්ස් සහෝ සබ් එකට…තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා…!