Watch Trailer

Kidnap (2017) with Sinhala Subtitles | මව් සෙනෙහස පැහැරගත නොහැක [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ මැයි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න. අප්‍රේල් මාසයේ උපසිරැසි 4ක්ම දෙන්න පුළුවන් උනාට මේ මාසයේ නම් මං ඔයාලට අරං එන පළවෙනි උපසිරැසිය තමා මේ. සමස්තයක් විදිහට කිව්වොත් මගේ විසි දෙවන උපසිරැසිය. මේ මාසයේ වැඩ ගොඩක හිර උනා. මගේ රට යන වැඩත් ප්ලෑන් කරන් යන නිසා වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඔක්කොටම හපන් ම…

 

මේ අවුරුද්දේ මැයි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න. අප්‍රේල් මාසයේ උපසිරැසි 4ක්ම දෙන්න පුළුවන් උනාට මේ මාසයේ නම් මං ඔයාලට අරං එන පළවෙනි උපසිරැසිය තමා මේ. සමස්තයක් විදිහට කිව්වොත් මගේ විසි දෙවන උපසිරැසිය.

මේ මාසයේ වැඩ ගොඩක හිර උනා. මගේ රට යන වැඩත් ප්ලෑන් කරන් යන නිසා වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඔක්කොටම හපන් මේ අන්තිම කටේ මට කෙල්ලෙක්ටත් හිත ගියානේ. අනේ මන්දා දැන් කෙල්ලද රට යන එකද කියල හිත හිත ඉන්නේ. ඔලුවත් නරක් වෙනවා ඒ ගැන හිතෙනකොට. ඒ වැඩ හරි ගියොත් පස්සේ කියන්නම්කෝ. අපි එහෙනම් කතාවට එමු. ඇත්තටම මං හිතුවේ මේක ගිය අවුරුද්දේ ඒවි කියලා. ඒත් මේකේ මුල්ම තිරගත වීම උනේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ ඇමෙරිකාවේදී.

ත්‍රාසජනක, කුතුහලයෙන් පිරුණු මේ කතාවට පදනම වෙන්නේ පිරිමි ළමයෙක්ව පැහැර ගැනීමේ සිද්ධියක්. කර්ලා (Halle Berry) කියන්නේ පොඩි හෝටලයක වැඩ කරන වේටර් වරියක්. එයාගෙ පවුල් ජීවිතයේ ප්‍රශ්න තියනවා. ඒ හැමදේම තියාගෙන තමන්ගේ එකම පුතාව ඒ කියන්නේ ෆ්‍රෑන්කීව (Sage Correa) ලොකු මහත් කරන එක තමා කර්ලාගෙ ලොකුම හීනය. හැම අම්මා කෙනෙක් වගේම කර්ලාත් තමන්ගේ පුතාට පණටත් වඩා ආදරෙයි.

දවසක් කර්ලා, පුතා එක්කගෙන පාක් යනවා. ඒ වෙලාවේදී කර්ලාට කෝල් එකක් එනවා එයාගෙ සැමියාගෙන් දික්කසාද වීමට අදාලව. ඉතිං කර්ලා පුතාව පැත්තකින් තියලා මේ කෝල් එකට උත්තර දෙන අතරතුරේ මිනිස්සු දෙන්නෙක් ඇවිත් පුතාව පැහැරගෙන යනවා.

කතාව ගලාගෙන යන්නේ කර්ලා එයාගෙ පුතාව බේරගන්න කරන උතසහය ගැනයි. තනි ගැහැණියක් විදිහට කර්ලා තමන්ගේ උපරිම උත්සාහයෙන්, මාරක සටනක් දීලා හොරුන්ගෙන් ළමයාව බේරගන්න විදිහ ඇත්තටම පුදුම හිතෙනවා. චිත්‍රපටයක් උනත් මේ කතාව ගොඩක් ප්‍රායෝගික මට්ටමින් හදලා තියනවා. ඒ කියන්නේ බොරු බයිලා, වෙන්න බැරි දේවල් නැති තරම්.

කතාව අධ්‍යක්ෂණය කලේ Luis Prieto. නිෂ්පාදනය කරලා තියෙන්නේ Salt සහ Transformers වගේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කල Lorenzo di Bonaventura සහ Erik Howsam කියන දෙන්නයි. මේ කතාවේ IMDb අගය 6.5ක් වෙනවා. එහෙනම් අදට නවතින්නම්. ඊළඟට ඕන Viking (2016) ද නැත්නම් Personal Shopper (2016) ද? වැඩිම මනාපයට මුල් තැන.

හැමෝටම ජය වීවා!

Kidnap (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

6,384 downloadsDownload Kidnap-2017-BR.zip66 KB

යුශාන් පියුමාල් සහෝදරයා නිර්මාණය කරන ලද උපසිරසියත් ඇතුලත් කර ඇත

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

6,384 downloadsDownload Subtitles66 KB

34 comments

  1. Mayura

    Personal Shopper deehan bola. Dan balan idalama athi wela. Mekata thanxx wewa. Man asama actress kenek

  2. Bobby

    Thank you very much friend

  3. ranod

    personal shopper passe karamu.mulinma VIKING denawanam ela.......

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Harsha

    Thanks for sacrificing your valuable time.

  7. tharindu

    Supiri a me wage film walata asai..thank you

  8. hasith

    tnx sahoo

  9. lahiru

    bohoma pin bro..
    Viking (2016) denna

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
    Personal Shopper (2016)

  11. sunimal

    Niyamai.. bro... Balalama hoda naraka kiyannamko... Thanks sub ekata

  12. Chalana

    thnx bro meka nan denakan balan htye....

  13. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මොන කෙල්ලොද සහෝ. කොහොමහරි රට පැනගන්න බලහන්!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  14. dilan

    තද තද ..
    viking denna

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  16. Kiry

    Scorpian season 3 eke last epi eke sub eka hadala dennko puluwannm loku deyak

  17. pradeep

    Thanks for sacrificing your valuable time

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. dedunu

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    Viking (2016)

  20. Supitha

    Bohoma sthuthi saho. Ilagata personal shopper 2016 oni

  21. Nalaka

    Tnx Machan...... Personal Shopper (2016) laba dena lesa illa sitimi.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. චරිත්

    බොහෝම ස්තූතියි සහෝදරයන් දෙපළටම. ජය වේවා.

  24. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  25. ashan alnkanath

    thanks.........................................

  26. shamal

    BR Copy 1 Update karanna Macho THX for the SUB

  27. dias

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. අනෝජ්

    BR Update Pls..

  29. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. mindika

    Thanks !!!!!!!!

  31. trok

    tnx bro

  32. UK_Fernando

    Thanks bro

  33. Supun shanika

    ස්තූතියි බ්‍රෝ සබ් එකට ජයවේවා

  34. Sahan Gayantha

    thanks a lot Piyumal saho sub ekata