ඔන්න එහෙනම් ආයෙ වතාවක් ඔබ හමුවට එන්නෙ තවත් Netflix චිත්‍රපටයක් අරගෙනයි. මේකත් නිකුත් වුණේ මේ මාස 12 වෙනිදා. මේ වනවිට IMDb අගය 5.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසි නමයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Thriller කාණ්ඩයටයි. රංගනයෙන් දායක වෙන්නෙ Jella Haase, Max von der Groeben…

ඔන්න එහෙනම් ආයෙ වතාවක් ඔබ හමුවට එන්නෙ තවත් Netflix චිත්‍රපටයක් අරගෙනයි. මේකත් නිකුත් වුණේ මේ මාස 12 වෙනිදා. මේ වනවිට IMDb අගය 5.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසි නමයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Thriller කාණ්ඩයටයි. රංගනයෙන් දායක වෙන්නෙ Jella Haase, Max von der Groeben, Clemens Schick ය. ඒ වගේම තමයි මෙය ජර්මන් එකක්. ඒ නිසා ජර්මර් භාෂාවන් තියෙන කොපිය අරගන්න කියනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ටොම් කියන්නේ තරුණ වගේම ජඩ වැඩ කරන කොල්ලෙක්. ජඩ වැඩ කියන්නෙ ගෙවල් කැඩීම් වැනි අපරාධ ක්‍රියාවන් තමයි ගොඩක් කරන්නෙ. ඒවගේම මෙයා කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා ස්ටෙලා කියලා. ඒවගේම තමයි මෙයා ස්ටෙලාට පොරොන්දු වෙනවා ආයෙ ඒ කිසි දෙයක් කරන්නෙ නැහැ කියලා. හැබැයි මෙයා ඒක එතනින් නවත්තන්නේ නැහැ ආයෙත් කරනවා. ඉතින් දවසක් ස්ටෙලාගෙ ගෙවල් ළඟටම පොලිසියෙන් ඇවිත් එයාව අරගෙන යනවා. ඒ වෙනකොටත් ස්ටෙලා ගැබ්ගෙන. හැබැයි මෙයා ඒක එයාට කියන්නෙ නැහැ. මොකද එයා හිතනවා දවසක ඒක ළමයත් බලපාවි කියලා. ඉතින් මෙයා තනියෙමම ළමයව හදාගන්න උත්සහ කරනවා. ඔන්න ටොම් හිරේ ඉඳල එනවා. ස්ටේලත් එක්ක ලොකු තරහින් ඉන්නෙ. මොකද හිරේට්ඇ එයාව බලන්නවත් ආපු නැති නිසා. ඉතින් මෙයා හිරේ හිටපු යහළුවෙක් එක්ක ප්ලෑන් එකක් ගහනවා ස්ටෙලාව පැහැරගන්න. හැබැයි මෙයා ඒ කෙනාට අඳුරන විත්තිය කියන්නෙ නැහැ. මැගසින් එහෙකින් දැක්ක කියලා තමයි කියලා තියෙන්නෙ. මොකද මේ කෙනා ටිකක් බයානක පොරක්. අඳුරන විත්තිය දැනගත්තොත් හැමදේම ඉවරයි. ඔන්න ස්ටෙලාව දවසක් පාළු තැනක් බලල පැහැරගෙන යනවා. ඒ ගිහින් ස්ටෙලාගෙ පොහොසත් තාත්තාගෙන් කප්පම් අරගන්න හදනවා. හැබැයි ස්ටෙලා නිකන් ඉන්නෙ නැහැ. එයත් උත්සහ කරනවා පැනල යන්න. එයාට ඒකට අවස්ථාවක් හම්බවෙනවා. ඒ අතරේ ටොම්ගෙ වෙස් මුහුණ ගැලවෙනවා. ස්ටෙලාට විශ්වාස කරන්න බැරි වෙනවා මේ එයාමද කියලා. ඉතින් ස්ටෙලාට පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් ආපු ඒ නරකාදියේම හිර වෙයිද? ටොම්ගෙ යහළුව මේ ගැන දැනගෙන දෙන්නවම මරල දාවිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,011 downloadsDownload Kidnapping.Stella.2019.Baiscopelk.com_.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
26 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brooo sub ekata..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
jagath55
Thanks
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට....
ජය වේවා.!indika75
thanks..
darshana100
thanks yalu
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Tharaka
THANKS.............
Wicki
ස්තූතියි
NethuNethu
Thanks! Ane The Queen's Corgi eke sub dennakooo plzz!
Buddhika Lakmal (laKMal)
Thanks bro..
Suranjan
Thanks jayawewa......!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
ඔබේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා...!
තෙරුවන් සරණයි...!Sandarunimsara
Sub ekat tnx bro
chathuranga441
Obata ජය
suranuwan
thanks bro...
Udaya Saman
උපසිරසියට බොහොම තුති රවිදු සහෝ ..ජය ජය...
Sandarunimsara
Sub ekata tnx bro
AsithaDilruwan
ela saho thanks
Rukshan37
Ela ela
chinthaka_priyadrshana
Thank U Bro..............
Buddi
Thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!